ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සිවිල් සමාජය සියවසකට අධික කාලයක් පුරා ඉටු කළ සුවිශේෂී සමාජීය සහ දේශපාලනික මෙහෙවර සිහිපත් කරන "ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ ගමන් මඟ" යන තේමාව යටතේ සංවිධානය කරන ලද ඓතිහාසික ඡායාරූප ප්‍රදර්ශනය 2026 ජූලි 6 වන සඳුදා පස්වරු 1.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ 07, Lighthouse Auditorium & Lawns පරිශ්‍රයේ දී පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනයේදී විවිධ ලේඛනාගාර සහ සංරක්ෂිත එකතුවලින් තෝරාගත් ඡායාරූප මහජනතාව වෙත ප්‍රදර්ශනය කෙරෙන අතර, ඒවා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මග හැඩගැස්වීමට දායක වූ ජනතා ව්‍යාපාර, සමාජ ව්‍යාපාර, සිවිල් සංවිධාන සහ වැදගත් අවස්ථා පිළිබඳ මතක ආවර්ජනය කරයි. සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විවිධ යුගවල දී ජනතාව ගෙන ගිය අරගල පිළිබඳ දෘශ්‍යමය සටහන් මෙම ප්‍රදර්ශනයෙන් දැකගත හැකි ය.
මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා නොමිලේ විවෘත වන අතර, ඉතිහාසයට ආදරය කරන සියලු දෙනාටත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මග පිළිබඳ උනන්දුවක් දක්වන සියලු පුරවැසියන්ටත් සහභාගී වන ලෙස සංවිධායකයෝ ආරාධනා කරති.
වැඩි විස්තර සඳහා: රුක්ෂ්‍යා – 076 718 8766
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
