Image

ශිරාන් බාසික්ට අවශ්‍ය ආරක්ෂාව සලසන්නැයි අධිකරණයෙන් නියෝග

ශිරාන් බාසික්ට අවශ්‍ය ආරක්ෂාව සලසන්නැයි අධිකරණයෙන් නියෝග

මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ වී යැයි ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත ප්‍රකාරව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරන  "ශිරාන් බාසික්" සැකකරුට අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේ ය.

මහේත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ නරාහෙන්පිට පොලිසියට ආසන්න කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරන සැකකරුට නිසි ආරක්ෂාවක් නොමැති බව ඔහු ගේ නීතිඥ වසන්ත පිටිගල කළ කරුණු දැක්වීමෙන් පසුව ය.

සැකකරුගේ නීතිඥවරයා කියා සිටියේ සැකකරුව සෑම උදෑසනක ම නාරාහේන් පිට පොලිසියේ සිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පයින් රැගෙන යන බව ය. මේ අනුව ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බව නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට නිසි ආරක්ෂාව සලසන ලෙසට නාරාහේන්පිට පොලිසියට සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න