ලාල්කාන්ත ගෙ වසන්ත සමරසිංහ ගෙ කෝටි ගණන් වටින වත්කම් ගැන සමාජ මාධ්‍යවල පසුගිය දිනවල බොහෝ කතා කෙරුණා. ලාල්කාන්ත ගෙ තෙමහල් සුඛෝපභෝගී නිවස තමයි එහි දී උලුප්පා දැක්වුණේ කොහොමද මෙහෙම මන්දිරයක් හැදුවෙ කියල විමසමින්.
ටකරන් මඩුව තෙමහල් මැදුරක් දක්වා...
ජවිපෙ මැති ඇමතිවරු විතරක් නෙවෙයි වමේ විප්ලවකාරී පක්ෂයෙ නායකයා ලෙස රටේ පෙනී ඉන්න නායකයෙක් ඉන්නව ඔහු ගේ කල්කිරියාවත් මේ වගේ තමයි. 1990 ගණන් දක්වා ඔහු හිටියෙ පුංචි මඩුවක් වගේ ගෙදරක. වැඩි කොටසක් ආවරණය කරල තිබුණෙ ටකරන්වලින්. මෙන්න බොලේ 90 ගණන් මැද වෙද්දී ඔහු තුන්මහල් (බිම් මහල සහ තව දෙමහලක්) මන්දිරයක් හදල. පක්ෂෙ කවුරුවත් දන්නෙ නෑ කොහොමද ඔහු මේ වගේ මන්දිරයක් හැදුවෙ කියල.
රථ ගාය හැදුණු පසු...
ඒ වගේම තමයි ඔහුට තිබුණෙ තැපැල් නයින්ටි වගේ බයික් එකක්. අර මන්දිරය හැදුවට පස්සෙ ඔහුට රථගාය ලෙඩේ හැදුණ. පක්ෂෙට කියල වාහන ගත්තා. හැබැයි ඒව පාවිච්චි කළේ මේ විප්ලවකාරී නායකයායි. පක්ෂෙ පාවිච්චියට කියල අරගෙන වැඩිපුර පාවිච්චි කළේ ඔහුගෙ පුද්ගලික වැඩවලට.
පක්ෂ කාර්‍යාලයත් පවුලේ බූදලයට...
මොහු නිතර කියන දෙයක් තමයි ඔහුට කිසිම වත්කමක් නැහැ කියල ප්‍රකාශ කරන්න තරම්. ඔහු සතු වෙනත් දේපොළ හෝ වස්තුව ගැන අප දන්නෙ නෑ. ඒත් හිතවතුන් ගෙ ධන පරිත්‍යාගවලින් මිලදී ගත් පක්ෂ කාර්‍යාලයෙ ඔප්පුව ඔහු ගෙ නමට ලියාගත්ත. පක්ෂයෙ කිසි කෙනෙක් දන්නෙ නෑ. පක්ෂයෙ කිසිම සභාවක තීන්දුවක් ගත්තෙ නෑ ඔහු ගෙ නමට ඔප්පුව ලියන්න. පක්ෂයෙ ඉන්න අතළොස්සක් දෙනා මේ ගැන තාමත් දන්නෙ නෑ මා හිතන විදියට. දැන් අවුරුදු 20ක් වෙනව. පක්ෂ කාර්‍යාලය පවුලෙ බූදලයට එක්වී හමාරයි.
ලාල්කාන්ත වගේම මේ අපූරු විප්ලවකාරී නායකයත් අවුරුදු 40කට වැඩි කාලයක් රැකියාවක් කළේ නෑ. පූර්ණකාලීන දේශපාලනය කළේ. ඔහු මන්ත්‍රීකම් ඇමතිකම් කරලත් නැහැ නෙ. ඒත් ඔහු ගතකරන ඉහළ මධ්‍යම පන්තික ජීවිතය දිහා බලපුවම කෙනකුට හිතෙන්න පුළුවන් වමේ පක්ෂයක පූර්ණකාලිකයෙක් වෙන එක තමයි ඉහළ යන්න සැපවත් ජීවිතයක් ගත කරන්න හොඳම දේ කියල.
මෙහෙම වැදි බණ කියමින් සමාජවාදී විප්ලවයක් ගැන දේසනා කරමින් ලෝකයේ කම්කරුවන් පරිත්‍යාග කරන සල්ලිවලින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන මේ අපූරු විප්ලවවාදියා හඳුනාගන්න.
මූලාශ්‍ර - Rathu Tharuwa රතු තරුව
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
