හෙට (28) උදෑසන 8 සිට දිවයින පුරා සියලුම රෝහල්වල ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය පැය 48 කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද සවස 3.30ට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ වර්ජන ක්‍රියාමාර්ගයට අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. එම සාකච්ඡාවේ දී ගැටලුවට මුල් වූ මාළිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි ආවරණය කරන පුද්ගලයාට එරෙහිව තීරණය පැය 48 ඇතුළත දැනුම්දෙන බවත් දැනට රාජකාරියේ නිරත නිලධාරීන් ගේ රාජකාරී කටයුතු පිළිබඳ ආරක්ෂාව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා භාර ගන්නා බවටත් ලිඛිත එකගතාව ලබාදි ඇත.
මේ වන විට සෞඛ්‍ය පද්ධතියේ තිබෙන වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීන් පත්ව ඇති අපහසුතාව සලකා 30 වෙනිදා උදෑසන 8 දක්වා මෙම වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

