වර්තමාන පුනරුද ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට බොරු කියමින්, ඔවුන් තුළ දහසකුත් එකක් බලාපොරොත්තු මෝදු කරමින් ජනතාවට ලබා දුන් බොරු පොරොන්දු සියල්ල අද “බියකරු මායාකාරී සිහින” ලෙස බිඳවැටී ඇති බවත්, වැඩ බැරි “ජනාධිපති සහ ආණ්ඩුව” අද වන විට හොරකමින්, අල්ලසෙන්, දූෂණයෙන් සහ නාස්තියෙන් පිරි තම අසාර්ථක පාලන ක්‍රමය ගොඩ ගැනීමට විපක්ෂයේ සහාය යදිමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවේ දී ය.
වත්මන් ජනාධිපති බලයට ඒමට පෙර ජනතාව හමුවේ තැබූ පොරොන්දු ඉටුකර දීම සඳහා මෙන්ම දිනෙන් දින ගරා වැටෙමින් පවතින ආර්ථිකය ගොඩ ගැනීම සදහා අද “සුන්බුන් විපක්ෂය” යනුවෙන් ගර්හාවට ලක්කළ කණ්ඩායමේ “දක්ෂයන් යැයි” හදුන්වන පිරිසක සහාය යදින තත්ත්වයකට ආණ්ඩුව පත්ව ඇතැයි එම සාකච්ඡාවේ දී විමල් වීරවංශ වැඩි දුරටත් පැවසී ය.
මතු පළ වන්නේ එම මාධ්‍ය සාකච්ඡාවේ දී විමල් වීරවංශ පළ කළ සම්පූර්න අදහස අන්තර්ගත වියමන යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
