IRIS Dena නැමති ඉරාන නෞකාව ටෝපිඩෝ ප්‍රහාරයකින් මෙරට දකුණු මුහුදේදී මුහුදුබත් වූයේ පසුගිය මාර්තු 04 වැනිදාය.
එම නෞකාවේ සිටි නාවිකයින්ගේ සිරුරු අද (13) ඉරානයට රැගෙන යයි.
ගාල්ල ජාතික රෝහල් භාරයේ තිබුණු මළ සිරුරු අද පෙරවරුවේ ඉරාන තානාපති කාර්යාල නිලධාරීන් විසින් භාර ගනු ලැබුවේ ය.
මත්තල ගුවන්තොටුපළ හරහා එම සිරුරු රැගෙන යන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කළේ ය.
එහි සිටි ඉරාන නාවිකයින් 32 දෙනෙකු නාවික හමුදාව මැදිහත්ව මුදා ගැනීමෙන් අනතුරුව කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.
ඉන් තුන් දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.
සෙසු පිරිස ප්‍රතිකාර ලබා ගැනිමෙන් අනතුරුව නාවික හමුදාවට භාර දුන් බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.
ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කර ඇති ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84 ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දෙන්නැයි පසුගියදා ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝගයක්ද දී තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
