වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට ලොකු ලූනු මෙට්‍රික් ටොන් දෙලක්ෂ තිස්නව දහසකට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
ඒ අතරින් දේශීය ලොකු ලූනු අස්වනු නෙළීම ආරම්භ වූ අගෝස්තු මාසයේ සිට පසුගිය ඔක්තෝබර් 31වැනිදා දක්වා ලොකු ලූනු මෙට්‍රික් ටොන් පනස් දහසකට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බව රේගු අධ්‍යක්ෂ, රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කලේය.
එවන් පසුබිමක අස්වනු නෙළා මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් සිය අස්වනු අලෙවි කරගත නොහැකිව දේශීය ලොකු ලූනු ගොවීන් මේවන විට අසරණ තතත්වයට පත්ව සිටී.
ඇතැම් ගොවීන් නෙළාගත් ලොකු ලූනු අස්වැන්න පසුගිය දින කිහිපයේදී ඇදහැලුණු වර්ෂාවත් සමග වියළාගත නොහැකිව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද අප වාර්තාකරුවන් පැවසීය.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස ලංකා සතොස මගින් එක් ගොවියෙකුගෙන් සතියකට කිලෝ ග්‍රෑම් 2000ක උපරිමයක් දක්වා ලොකු ලූනු මිලදී ගත්තද පනවා ඇති කොන්දේසි හේතුවෙන් එලෙස අලෙවි කිරීමත් ප්‍රායෝගික නොවන බව ගොවීන් පෙන්වාදෙති.
( adaderana)

