මිහින්තලේ බෝධියක් කඩා වැටෙයි- එක් අයෙක් ජීවිතක්ෂයට

මිහින්තලේ බෝධියක් කඩා වැටෙයි- එක් අයෙක් ජීවිතක්ෂයට

පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ සේල චෛත්‍යය ඉදිරිපිට පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ දහවල් කඩා වැටීම හේතුවෙන් වන්දනාවේ පැමිණි බැතිමතෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව කුඩා දැරියක් සීරීම් තුවාල ලබා ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඊතනවත්ත ,දෙමළුව, වාරියපොළ ලිපිනයේ පදිංචිව සිටි, අසංක බණ්ඩාර හේරත් නමැති 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

අද දහවල් 1.30ට පමණ වාරියපොල ප්‍රදේශයේ පදිංචි එම ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ ඥාතීන් නමදෙනෙකු ඓතිහාසික මිහින්තලය වැඳ පුදා ගැනීම සඳහා පැමිණ මිහින්තලා මහ සෑය වන්දනා කිරීම සදහා පිය ගැට පෙළට නැගීමට සූදානම්ව බෝධිය අසලින් ගමන් කිරීමේදී අනතුර සිදු වී තිබේ.

මෙම හදිසි අනතුර හේතුවෙන් බෝධීන් වහන්සේ මුල ප්‍රදේශයෙන් ඉදිරී ගොස් බෝධිය හරි මැදින් කොටස් දෙකකට වෙන් වී දිසාවන් දෙකක විශාල ප්‍රදේශයක් පුරා පතිත වී තිබේ.

විශාල ශබ්දයක් නගමින් එම බෝධිය දෙකට වෙන්වන අවස්ථාවේදී ඒ අසල සිටි වයස අවුරුදු නවයක පමණ දැරියක් බේරා ගැනීමට මිහින්තලා රජමහා විහාරස්ථානයේ රජකාරියේ නිරතව සිටි නිලධාරියෙකු කටයුතු කල ඇත.

මෙම අනතුරින් කඩා වැටුණු බෝධියේ අත්තකට යටවී සිරවී සිටි එම ව්‍යාපාරිකයා මහතා පරිශ්‍රමයක් දරා බේරා ගෙන මිහින්තලයේ රජයේ රෝහලට ඉගෙන ගොස් ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලිසිය සඳහන් කළේය.

දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

(aruna)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න