බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සී. ගජනායක සඳහන් කළේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
සැකකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් ඇතුළු 1,800කට අධික පිරිසක් මෙම බන්ධනාගාරයේ රඳවා සිටි බව සඳහන් වේ.
මීගමුව බන්ධනාගාරයේ අද (06) යළිත් ඇතිවූ නොසන්සුන් තත්වය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම බන්ධනාගාරය තුළ ඇතිවූ මෙම තත්වය පාලනය කිරීමට උත්සාහ දැරීමේදී ඇතිවූ ගැටුම් හේතුවෙන් තවත් 100 අධික පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වෙනවා.
මේ වන විට ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලීසිය, බන්ධනාගාර නිලධාරීන් මෙම තත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට සමත්ව ඇති බවයි.
මීගමුව බන්ධනාගාරයේ මෙම නොසන්සුන්කාරී තත්වය ඊයේ (05) පෙරවරුවේ පටන් ආරම්භව තිබූ අතර, එය සවස්වරුවේදී පාලනය කිරීමට සමත් වූ බව සදහන් කෙරුණද අද පෙරවරුවේ යළිත් මෙම ගැටුම්කාරී තත්වය ඇතිවුණි.
එහිදී රැඳවියන් බන්ධනාගාරය ඉදිරි දොරටුවෙන් පිටතට ඒමට කළ උත්සාහයත් සමඟ තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සමඟ විශේෂ කාර්ය බලකාය ද යොදවනු ලැබිණි.
එමෙන්ම බන්ධනාගාරයේ රැඳවූවන්ගේ ඥාතීන් බොහෝ පිරිසක්ද මේ වන විට බන්ධනාගාරය ආසන්නයේ රැදී සිටින බව වාර්තා වෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සී. ගජනායක සඳහන් කළේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
සැකකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් ඇතුළු 1,800කට අධික පිරිසක් මෙම බන්ධනාගාරයේ රඳවා සිටි බව සඳහන් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර