මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු සිද්ධියෙන් නිලධාරීන් 10ක් සහ රැඳවියන් 22 ක් ඝාතනය වීම සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය වන අවස්ථාවේ සිටි ප්‍රධාන ජේලර් වික්‍රම ජයන්ත කුමාර අද (30) මීගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ඉදිරියේ පෙනී සිට සාක්ෂි ලබා දුන්නේ ය.
පස්වරු 1.00 ට පමණ සාක්ෂි ලබා දීම ආරම්භ වූ අතර පස්වරු 3.00 පමණ වනවිට සාක්ෂි ලබා දීම අවසන් විය.
සාක්ෂි ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ ලබා දුන් සාක්ෂිය තුළ රටේ ජාතික ආරක්ෂාවට දැඩි සවේදිතාවක් දක්වන තොරතුරු ඇති බැවින් රටේ ජාතික ආරක්ෂකව බරපතළ අවදානමකට ලක් වන බැවින් කිසිඳු මාධ්‍යක පළ නොකරන ලෙස නියෝග කරන බවත්, එකී සාක්ෂිය සුරක්ෂිතව තබන ලෙසත් නියෝග කළා ය.
එමෙන්ම වැලිකඩ සිට මීගමුව බන්ධනාගාරයට පැමිණි බන්ධ පොලිස් නිලධාරීන් 89 දෙනා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයන් සම්බන්ධයෙන් ද වාර්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
