මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සභාපතිවරයා අද (02) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.
සිය රාජකාරියට සභාපතිවරයා විසින් බාධා සිදුකරන බවට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකළ අතර ඒ අනුව පොලීසිය විසින් සැකකාර සභාපතිවරයා අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
