මධ්‍යම පළාතේ පාසැල් 109ක් විවෘත කිරීම අපහසු වෙයි

මධ්‍යම පළාතේ පාසැල් 109ක් විවෘත කිරීම අපහසු වෙයි

මහනුවර දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් සහ නායයාම් නිසා මාර්ග වලට පස්කඳු ගල් පර්වත සහ ගස් කඩා වැටීම් හේතුවෙන් , මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් පාසැල් 109 ක් , විවෘත කිරීමේ අපහසුතාවයක් මතුව තිබෙන බව මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මධුපානී පියසේන  පැවසුවාය.

මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැසැල් 2501 පවතින අතර මෙයින් දැනට පාසැල් 1392 ක් විවෘත කර ඇති බව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දැනට විවෘත කිරීමට අපහසු සමහර පාසැල් වල ආපදාවෙන් අවතැන් වූ ජනතාව සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවත්, සමහර පාසැල් පිහිටි ප්‍රදේශ වලට යාමට ඇති මාර්ග නාය ගොස් අවහිර වී තිබෙන බවත් , සමහර පාසැල් විවෘත කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය ලබා ගත යුතු බවත් මේ සම්බන්ධව විමසීමේදී පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වරිය පැවසුවාය.

මහනුවර විද්‍යාර්ථ විදුහල අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය ලබා ගත යුතුව ඇති බවද අමාත්‍යාංශ ලේකම් වරිට වැඩි දුරටත් සඳහන් කළාය.

ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන අ.පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නාය ගිය පෙදෙස්වල තිබෙන පාසැල් වල ඉගෙනුම ලබන දරුවන්ව වෙනත් පාසැල් වලට යොමුකර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවන පරිදි පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය යහපත් ක්‍රියාමාර්ගයක් ගන්නා බවද පලාත් අධාපන අමාත්‍යාංශ ලේකම් මධුපානී පියසේන මහත්මිය පැවසුවාය.

(ජේ. ඒ. එල් ජයසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න