මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයෙ මෙහෙයවීම මත විද්‍යුත් සහ ඉලෙක්ට්‍රෝනික් අපද්‍රව්‍ය රැස් කර ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන සහ සෙසු රජයේ ආයතන ද නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලින් ඉවත ලද විද්‍යුත් අපද්‍රව්‍ය රැස් කර එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය සඳහා පුද්ගලික ආයතනයක් වෙත භාරදීම අද (12) පල්ලකැලේ දී සිදුවිය.
පල්ලකැලේ වරාපිටියේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරී කාර්යාලයේ දී මෙම විද්‍යුත් අපද්‍රව්‍ය රැස්කිරීම සිදුවූ බවත්, පරිසර සතියට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් එම අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ එම්. එම්. ඒ. අයි. ජානක පැවසුවේය. නිවාස සහ ආයතවලින් ඉවත් කරන විද්‍යුත් අපද්‍රව්‍ය දීර්ඝකාලීන වශයෙන් පරිසරයට දැඩි බලපෑමක් සිදු කරන බව පෙන්වා දුන් හෙතෙම බොහෝ පිරිසක් එම අපද්‍රව්‍ය විවිධ ස්ථානවල බැහැර කිරීම නිසා අන්තරායකර රසායනික ද්‍රව්‍ය පරිසරයට මිශ්‍ර වන බව ද පැවසුවේය.
මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි බස්නාහිර පළාතේ පිහිටි පෞද්ගලික ආයතනයක් වෙත මෙම අපද්‍රව්‍ය භාර දෙන බවත්, එය ආයතනය විද්‍යුත් අපද්‍රව්‍ය නිසි අයුරින් ප්‍රතිචක්‍රීයකරණය කරන බව ද පළාත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
එම අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ යූ.වයි.ආරියදාස ද එම ආයතනයේ කාර්යය මණ්ඩලය අපද්‍රව්‍ය රැස් කිරීමේ සහ භාර දීමේ අවස්ථාවට එක් වූහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
