Image

මඩකළපුව කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා ලබන 20 තෙක් තවදුරටත් රිමාන්ඩ්

මඩකළපුව කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා ලබන 20 තෙක් තවදුරටත් රිමාන්ඩ්

පාස්කු ප්‍රහාරයට පෙර වව්නතිව්හි දී සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ නොමග යැවීම සදහා කුමන්ත්‍රණය කළ බවට සැක පිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මඩකළපුව කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු දෙදෙනා ලබන 20 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මඩකලපුව කොට්ඨාශ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයා (සරත් සමන්ත) සහ රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල් ජෙකීල් ෆාස් යන දෙදෙනා ය.

එම සිද්ධිය සම්බ්නධයෙන් නඩුව අද කැඳවූ අතර සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කෙරිණි.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා ගේ ඝාතනය සහරාන් ඇතුළු කණ්ඩායම සිදු කළ එකක් බව පාස්කු ප්‍රහාරය සිදු වීමෙන් පසුව ඒ පිළිබඳව කරන ලද විමර්ශන මගින් හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් පොලිසියට දැනුම් දී ඇත. මෙම නඩුකරය සඳහා තෙවන සැකකරු ලෙස හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ නම් කර ඇති අතර ඔහු මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා ප්‍රශ්න කරමින් සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න