මම ඉදිරිපත් කරන කරුණු ධනාත්මකව බාරගන්න - සජිත් රජයට කියයි

මම ඉදිරිපත් කරන කරුණු ධනාත්මකව බාරගන්න - සජිත් රජයට කියයි

ආපදාවක් ගෙන බලන විට ආපදාවට පෙර, ආපදාව තුළ සහ ඉන් පසු සිදුවන අධීක්ෂණ සහ ඇගයීම් ක්‍රියාවලිය යන අංශ තුළින් මේ ආපදා කළමනාකරණය ගැන කතා කළ යුතු බවත් මේ අවස්ථාවේ තමා ඉදිරිපත් කරන කරුණු කාරණා ධනාත්මකව බාර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (18) පාර්ලිමේන්තුවේ දී ආපදා කළමනාකරණ සහ දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ආපදා කළමණාකරණයට වෙනම ම කැබිනට් අමාත්‍යාංශයක්

''අප රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය අති දුර්වල යි. මේ යාන්ත්‍රණය වෙනස් කර අලුත් යාන්ත්‍රණයක් සකස් කළ යුතු යි. ඒ සදහා ව්‍යවසන කළමනාකරණ පනත වෙනස් කර ශක්තිමත් මධ්‍ය යාන්ත්‍රණයක් තුළින් ආයතන ඇති කර බිම් මට්ටමට විහිදී යන කාර්යක්ෂම යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු යි. අද වන විට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය කටයුතු කරන්නේ සම්බන්ධීකාරක ආයතනයක් ලෙස යි. එය ප්‍රමාණවත් නොවන නිසා ආපදාවට සෘජුවම මුහුණ දිය හැකි ශක්තිමත් ආයතනවලින් සමන්විත ආපදා කළමනාකරණ ව්‍යුහයක් ඇති කර වෙනම ම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන්න. එය ප්‍රමුඛතම අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත කරන ලෙසට ඉල්ලා සිටිනවා.

රැකියා විරහිත උපාධිධාරින් 35000 මේ වෙනුවෙන් යොදවන්න

නවීන තාක්ෂණය හා උපකරණවලින් මේ යාන්ත්‍රණය ශක්තිමත් කර, නිර්මාණය වන ආයතනවල ශක්ති සම්පන්න භාවය තහවුරු කර, භෞතික හා මානව සම්පත් උපරිම ලෙස ලබා දී, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, භූ විද්‍යා පතල් කාර්යාංශය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ශක්තිමත් කර, ඩොප්ලර් රේඩාර් ක්‍රමය ඇති කළ යුතු යි. ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ හදිසි මුහුණ දීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු යි. ඉන්දියාවේ පවා මෙවැනි ක්‍රමයක් ඇති කර තිබෙනවා. එවිට ආපදාවලට නිසි පරිදි මුහුණ දිය හැකි යි. අප රටේ රැකියා විරහිත උපාධිධාරින් 35000ට විශේෂිත පුහුණු ලබා දී මේ ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ග්‍රාමීයව හා ප්‍රාදේශියව යොදා ගත හැකි යි.

පරිපූරක ඇස්තමේන්තුවට පූර්ණ සහයෝගය දෙනවා

එසේම ආපදා දත්ත නොමැති නිසා දත්ත කේන්ද්‍රීයව විශේෂයෙන් සිතියම්ගත කිරිම් දත්ත මත කටයුතු කිරීම ආදිය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු යි. අලුතින්ම අප රටේ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාවට එල්ල වූ බලපෑම ගැන සිතිය යුතු යි. මේ කරුණු විද්‍යාත්මකව ක්‍රියාත්මක කළ යුතු යි. ආපදාවට පත් වූ ජනතාවට ලබා දෙන සහන විධිමත්ව ලබා දිය යුතු යි. හෙට දිනයේ සම්මත කරන පරිපූරක ඇස්තමේන්තුවට පූර්ණ සහයෝගය ලබා දෙන්න අි සූදානම්.

විපතත් සමග දේශපාලනය නොකරන

බදුල්ල දිස්ත්‍රික්කයේ ගෙවල් පිරිසුදු කරන රු. 25000 අනුමත කරන චක්‍ර ලේඛය සඳහා රජයේ නිලධාරීන්ට අමතරව ප්‍රජා සංවර්ධන සභාවේ සභාපතිවරයා ගේ නිර්දේශ ඉල්ලා සිටිනවා. එය ජවිපේ සමිතියක් නිසා මේ සමිතිවල නිර්දේශ රජයේ මුදල් ලබා ගන්න අවශ්‍ය වන්‌නේ නැහැ. තහඩුවක් ගැලවිලා ගියත් ලක්ෂ 10ක් දෙනවා කිව්වත් මේවා දේශපාලනීකරණය වෙලා. විපතත් සමග දේශපාලනය නොකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටිනවා. අවදානම් ප්‍රදේශවල නැවත පදිංචි කිරිම ගැන කතා කරන විට බොහෝ පැතිවල කඳවුරු ඉවත් කර හිටපු තැන්වලට අවදානම් නොතකා නැවත ජනතාව යොමු කරනවා. මාතලේ දිස්ත්‍රික්කයේ උඩුගම කන්ද නායගිය පසු එම ජනතාව අලකොලමඩ විද්‍යාලයේ සිටියත් නැවතත් අවදානම තිබිය දී ඔවුන් ගම්වලට යොමු කර තිබෙනවා. පාසල් විවෘත කරනවා සේම ජනතාවගේ ජිවිත ගැනත් රජය සිතිය යුතු යි. මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මේ ගැටලුව පවතිනවා.

විපතත් සමග දේශපාලනය කරන්න එපා

බදුල්ල දිස්ත්‍රික්කයේ ගෙවල් පිරිසුදු කරන රු. 25000 අනුමත කරන චක්‍ර ලේඛය සඳහා රජයේ නිලධාරීන්ට අමතරව ප්‍රජා සංවර්ධන සභාවේ සභාපතිවරයා ගේ නිර්දේශ ඉල්ලා සිටිනවා. එය ජවිපේ සමිතියක් නිසා මේ සමිතිවල නිර්දේශ රජයේ මුදල් ලබා ගන්න අවශ්‍ය වන්‌නේ නැහැ. තහඩුවක් ගැලවිලා ගියත් ලක්ෂ 10ක් දෙනවා කිව්වත් මේවා දේශපාලනීකරණය වෙලා. විපතත් සමග දේශපාලනය නොකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටිනවා. අවදානම් ප්‍රදේශවල නැවත පදිංචි කිරිම ගැන කතා කරන විට බොහෝ පැතිවල කඳවුරු ඉවත් කර හිටපු තැන්වලට අවදානම් නොතකා නැවත ජනතාව යොමු කරනවා. මාතලේ දිස්ත්‍රික්කයේ උඩුගම කන්ද නායගිය පසු එම ජනතාව අලකොලමඩ විද්‍යාලයේ සිටියත් නැවතත් අවදානම තිබිය දී ඔවුන් ගම්වලට යොමු කර තිබෙනවා. පාසල් විවෘත කරනවා සේම ජනතාවගේ ජිවිත ගැනත් රජය සිතිය යුතු යි. මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මේ ගැටලුව පවතිනවා. එසේම මිනිසා විසින්ම නිර්මාණය කළ මහා ඛේදවාචක නිසා බරපතල නායයෑම් සිදු වුණා. දොඩංගස්ලන්ද ඉකිරිවත්ත බල ප්‍රදේශයේ ගොම්මුන්නා කදු පන්තියේ තිබූ ගල් කොරිවලට ජනතාව විරුද්ධ වුණා; අද ඒ ගල්කොරි නිසා නායගියා. මේ ගල් කොරිවලට විරුද්ධ නඩු අදටත් පවතිනවා.

සමගි ජන බලවේගයෙන් නීතිඥ කණ්ඩායමක්

ආපදාවලට මුහුණ දීම සඳහා විශේෂ බලකායක් ප්‍රාදේශිය මට්ටමින් ඇති කර විධිමත් පුහුණුවක් දිය යුතු යි. මේ අවස්ථාවේ පාඩම් ඉගෙන ගෙන ජාතික ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය ගැන හොද හැකියාවක් ඇති පුහුණු කණ්ඩායම් ඇති මධ්‍යස්ථානයක් බවට අප රට පත් කළ යුතු යි. ඊට අමතරව ආපදාවලට ලක් වූ අය ගේ අයිතිය ආරක්ෂා කළ යුතු යි; ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතු යි. ඒ උදෙසා ආපදාවට ලක් වූ වින්දිතයන්ගේ සියලු අයිතිය සාක්ෂාත් කිරීමට සමගි ජන බලවේගය නීතිඥ කණ්ඩායමක් ඇති කරනවා.

ක්ෂ්‍රද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් කෘෂිකර්මාන්තය ධීවර හා අනෙකුත් කර්මාන්ත බරපතළ අභියෝග රැසකට මුහුණ දී තිබෙනවා. ස්වයං රැකියා කරපු පුංචි මිනිසා ගේ ව්‍යාපාර ජන ජීවිත විනාශ වෙලා. මොවුන් ගේ ජන ජීවිත සුරකිනවා සේම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහන දිය යුතු යි. ගොවියාට අහිමි වූ දේ නැවත ලබා දී ගොවියා ශක්තිමත් කර ආහාර සුරක්ෂිතභාවය තහවුරු කළ හැකි යි.

'හුස්ම' යළි ක්‍රියාත්මකයි

අද වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට මාධ්‍ය තහනම් කරලා. ඔවුන් කාර්යාලයට සීමා කරලා. මේවා සැඟවීම නොකළ යුතු යි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ කටවල් වසා සත්‍ය වසං නොකළ යුතු යි.

පශ්චාත් සුළි කුණාටු සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට සමගි ජන බලවේගය සොයා ගත් තොරතුරු අනුව ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් වි.වි. 2002-2019 අතර රටවල් 9ක කළ සුළි කුණාටු 217ක්, මරණ ලක්ෂ 150ක විශ්ලේෂණයක් අනුව සුළි කුණාටුව තුළ ඇතිවන ජිවිත හානියට වඩා සුළි කුණාටුවෙන් පසු පළමු සති 4 ජීවිත හානි සිදුවන බවට පෙන්වා දි ඇති නිසා සමගි ජන බලවේගය විසින්, සමගි ජන සන්ධානය විසින් විපතට පත් බල ප්‍රදේශවල සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන්න හුස්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා.

ඇමෙරිකානු බද්ද අඩු කර ගැනීමට සහ අයි. එම්. එෆ් කොන්දේසි ලිහිල් කරන්න කටයුතු කරන්න

මේ කුණාටුවට මුහුණ දුන් ජනතාවට විශාල බලපෑමක් වුණා. එය ඔවුන්ගේ මානසිකත්වයට බලපෑ ඇති නිසා සෞඛ්‍ය අංශ විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු යි. ඊට අමතරව මේ ව්‍යවසනය තුළ රජය අයි එම්එ ෆ් එකෙන් ඇ. ඩොලර් මිලියන 200ක් ඉල්ලා සිටිනවා. 15වෙනි දා ඒ මීටිම තිබුණා. මේ තත්ත්වය ගැන දැනුවත් කරන්න. ඊට අමතරව අයි. එම්.එෆ් එක සමග කතා කර මේ ගිවිසුම වෙනස් කරන ලෙසට ඉල්ලා සිටිනවා. ලෝක බැංකුව ඇ. ඩොලර් මිලියන 120ක් වෙන් කර ඇති බවට වාර්තා වනවා. මේවා පවතින ව්‍යාපෘතිවලින් වෙන් කළ මුදල්. මෙවැනි දෙයක් කරන්නට පෙර ලෝක බැංකුව ක්‍රියාත්මක කරන පරිසර සංරක්ෂණ ව්‍යාපෘතියක් ඇති නිසා අලුත් අරමුදලක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඇමෙරිකානු බද්ද තව අඩු කර ගැනීමට මේ අවස්ථාවේ කටයුතු කරන්න.

ආපදා අස්සේ බෙහෙත් මාෆියාව

මේ ව්‍යවසනය තුළ රට ශක්තිමත් කර කාර්යක්ෂම කර නිවැරදි ක්‍රියාදාම ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක නැවත වරක් බාල බෙහෙත් මාෆියාවට රජ වෙන්න දිය නොහැකි යි. මේ වන විට රෝගීන් දෙකක් වමනය හා ක්ලාන්තය පාලනයට දෙන බෙහෙත් විසවීම හා ප්‍රමිතිය අඩුවීම නිසා මිය ගොස් තිබෙනවා. මේ දේ සිදු වුණේ බාල එන්නත් නිසා ද, මේවාට වගකිව යුතු අය කවුද කියා ඉදිරිපත් කරන්න. මේ මාෆියාව තවදුරටත් රට ආක්‍රමණය කිරිමට දිය නොහැකි යි.

ජනතාව බේරා ගන්න කටයුතු කළ සියලු දෙනා රටේ වීරයන් වනු ඇත

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව බේරා ගන්න කටයුතු කළ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු රාජ්‍ය නිලධාරින්, සෞඛ්‍ය නිලධාරින්, බිම්මට්ටමේ ජනතාව සහ ස්වේච්ඡා කණ්ඩායම් සහ පුද්ගලයන්ට අපි ස්තූතිය පුද කරනවා. මේ සියලු දෙනා ජීවිත බේරා ගත් රටේ විරුවන් ලෙස හඳුන්වනවා. මේ අවස්ථාවේ අප රටට දේශීය හා විදේශිය වශයෙන් ආධාර උපකාර කළ පුද්ගලයින්, රටවල්, සංවිධාන ආදී සියලු දෙනාට ගෞරවය සහ ප්‍රණාමය පුදකරනවා. තවතවත් උදව් කරන ලෙස ඉල්ලා සිටිනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න