රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සිය ගැටලු සෞඛ්‍ය අමාත්‍යාවරයා වෙත ඉදිරිපත් කර ඇති නමුත් විසදුම් ලැබී නැති බවත් මෙවර අයවැයෙන් රු. බිලියන 654ක් වෙන් කරත් ආයුර්වේද වෛද්‍යවරුන් සහ එම ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කර ඇත්තේ බිලියන 6ක් 0.96% බවත් මෙය 5% දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී දේශීය වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රජය දැනුවත් කරමිනි.
මෙම දැනුවත් කිරීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොල්දුව හන්දියේ විරෝධතාවක නිරත දේශීය වෛද්‍යවරුන් හමුවී ගැටලු සොයා බැලීය.
එසේම මාස හතරක් ක්‍රියාත්මක පැය විස්තර අමතර දීමනාව වත්මන් රජය කපා දැමීමත් වැටුප් විෂමතා ගැටලුවත් නිවැරදි කරන ලෙසත් මොවුන් කැඳවා ගැටලු විමසා අයවැයෙන් සහන දෙන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
