2026 - පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ජූලි 23 දින සිට එක්සත් රාජධානියේ දී ආරම්භ වීමට නියමිත ය. ඒ සදහා ජිම්නාස්ටික් ඉසව් සඳහා ජාත්‍යන්තර විනිසුරුවරියක් ලෙස ශ්‍රී ලංකාවේ අමායා සිතුමිණි සහභාගී වන්නී ය.

ලෝක ජිම්නාස්ටික් සංගමයේ ආරාධනයෙන් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියක් සඳහා සහභාගී වන ශ්‍රී ලංකාවේ පළමු ජිම්නාස්ටික් විනිසුරුවරිය ලෙස අමායා සිතුමිණි ශ්‍රී ලංකා වාර්තා පොත් අතරට එකතුවන්නී ය. ඇය 2018 ඕස්ට්‍රේලියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලිය සහ 2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලිය සදහා ක්‍රීඩිකාවක් ලෙස සහභාගී වී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන්නා ය.

සමීර මදුසංක හේවා ගමගේ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
