මහා ජල කඳින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය යට වුණු අවස්ථාවේ දී ගංවතුරට කොටු වුණු පශු වෛද්‍ය පීඨයේ සිසුන් තිදෙනකු ගේ දිවි බේරා ගැනීමට ඉදිරිපත් වූ පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය විනය පාලක නාවික හමුදාවේ හිටපු ලුතිනන් කොමාන්ඩර් අනුර වේරහැර ඇතුළු පිරිසට උපහාර පිරිනැමීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධූජිත් කටයුතු කළේ ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් සේවය කරන කාර්‍ය් මණ්ඩල සාමාජිකයින් ඇගයීමේ උත්සවයක් පසුගිය දා උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධූජිත් ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවේ දී එම උදාර කටයුත්තට දායක වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය විනය පාලක එස්. සතීස්වරන් සහ පශු වෛද්‍ය පීඨයේ රියදුරු මහතකු වන චමින්ද ප්‍රසාද් ගීතදේව ද ඇගයීමට ලක් විය.
ජේ. මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
