පොලිස් නිලධාරීන්ට මාසයකට දින තුනක නිවාඩුවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.
සෑම නිලධාරියකුම ආතතියකින් තොරව රාජකාරි කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ රත්නපුර ප්‍රදේශයේ පැවති පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකදීය.
එහිදී වැඩිදුරටත් ඔහු පැවසූවේ,
පසුගිය කාලය තුළ පොලිස් නිලධාරීන් දැඩි කාර්යබහුලත්වයකට පත්වීම නිසා ඔවුන්ට නියමිත නිවාඩු නොලැබෙන බවත්, දැඩි කාර්යබහුලත්වය නිසා සමහර පොලිස් නිලධාරීන්ට මාසයක් තුළ එකදු නිවාඩුවක් වත් නොලැබී තිබුණු අවස්ථා පිළිබඳවද අමාත්‍යාංශයට වාර්තා වී තිබෙන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
