පොලිසියෙන් සියළු මාධ්‍ය වෙත රතු නිවේදනයක් !

පොලිසියෙන් සියළු මාධ්‍ය වෙත රතු නිවේදනයක් !

තහවුරු නොකරන ලද විර්මශන තත්ත්වයේ පවතින සහ අධිකරණ වල විභාග වන නඩු කටයුතු වලට අදාළ වන ඡායාරූප හා වීඩියෝ දර්ශන විද්‍යුත් මුදිත මාධ්‍ය වල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සම්බන්ධව පොලිසිය විසින් 'අවවාදාත්මක නිවේදනයක්' නිකුත්කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේ දැක්වේ.

අධිකරණයේ විභාග වන නඩු, ඉදිරියේදී අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත නඩු, එලෙසම තහවුරු නොකරන ලද හා විමර්ශන තත්ත්වයේ පවතින කටයුතු වලට අදාල වන ඡායාරූප, වීඩියෝ හෝ සංස්කරණය කරන ලද හෝ නොකරන ලද දර්ශන හා Al තාක්ෂණයෙන් සංස්කරණය කරන ලද හෝ නොකරන ලද දර්ශන විවිධ මාධ්‍යයන් ඔස්සේ සංසරණය වන බව පෙ‌නේ. මෙම දර්ශන මත්ද්‍රව්‍ය වැටලීම්, ඇතැම් අපරාධ වලට සම්බන්ධ විර්මශන කටයුතු, ආන්දෝලනාත්මක සිද්ධීන් ආදිය සම්බන්ධව බව ද නිරීක්ෂණය වේ.

මෙම ඡායාරූප, වීඩියෝ දර්ශන, එමෙන්ම සංස්කරණය කරන ලද හෝ නොකරන ලද Al දර්ශන අධිකරණයේ නඩු කටයුතු පවත්වා ගෙන යන අවස්ථාවන් වලදී එකී විර්මශනයන් වලදී වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට විවිධ බලපෑම් වලට මෙන්ම අගතිදායක තත්ත්වයන්ටද මුහුණ දීමට සිදු වන බවද පෙනී යයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ආයතන සංග්‍රහයට අනුව මාධ්‍ය වලට ප්‍රවෘත්ති සැපයීමේ සීමා සඳහන්ව ඇති අතර ඒ අනුව අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට හෝ එම ප්‍රධානියාගේ අභිමතය පරිදි පත් කරන යම් නිලධාරියෙකුට පමණක් මාධ්‍ය වෙත තොරතුරු සැපයිය හැකිය. ඒ අනුව ඉහත සිදුවීම් වලට අදාළ සත්‍ය හා නිවැරදි තහවුරු කර ගන්නා ලද තොරතුරු ඇතුලත් ඡායාරූප හා වීඩියෝ දර්ශන පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් පමණක් සියළුම මාධ්‍ය වෙත මුදා හරිනු ලබන අතර එම ඡායාරූප හා වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සෑම විමට වග කියනු ලබයි.

කරුණු එසේ හෙයින් ඉහත පරිදි සත්‍යයෙන් තොර, තහවුරු නොකරන ලද තොරතුරු සංස්කරණය කරන ලද හෝ නොකරන ලද ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීමේදී ඒ ඒ මාධ්‍ය ප්‍රධානීන් සහ පුද්ගලයින් වගකීම් දරනු ඇති අතර එවන් අවස්ථා වලදී අගතියට පත් පාර්ශවයන් විසින් ගරු අධිකරණය තුලදී ප්‍රශ්ණගත ලෙස විමසීමකදී ද එම ආයතන හා පුද්ගලයින් වගකීමකට යටත් වනු ඇත.

කෙසේ වුව ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පිලිගෙන ඇති පුරවැසියෙකුට හිමි මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් හෝ සීමා කිරීමක් මෙමඟින් කිසිසේත් සිදු කර නොමැති බවටද කාරුණිකව දන්වා සිටිමි.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න