උඩුගම්පොලදී පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ , සැකකාරීය අද(03) පස්වරුවේ ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අන්තරායකර ලෙස රිය ධාවනය , අපරික්ෂාකාරි රිය ධාවනය, පොලිස් සංඥා නොතකා රිය ධාවනය , සාපරාධි බලහත්කාරය පෑම සහ අන්අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ ඇයව පසුගියදා අත්අඩංගට ගැනුනි.
පසුව ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද(03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
අදාළ කාන්තාව විසින් පොලිස් නිළධාරීන්ට බැණ වදිමීන්, තමන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නැගණිය බව පවසමින් කලහාකාරි ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන විඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
