එක්සත් ජනපදය අද (3) වෙනිසියුලාවට පහර දී ජනපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගත්තේය.
දිගු කලක් ජනපති ධුරයේ කටයුතු කළ ජනපති මදුරෝ ට එරෙහිව එක්සත් ජනපදය පසු ගිය කාල සීමාව මුළුල්ලේම මත්ද්‍රව්‍ය සහ බලය අවභාවිතා කිරීම පිලිබඳ චෝදනා එල්ල කරමින් පසු විය.
1989 පැනමා ආක්‍රමණයට පසු එක්සත් ජනපදය ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් වෙත සෘජු හමුදා ආක්‍රමණයක් දියත් කළ පළමු අවස්ථාව මෙය වේ. එවර, පැනමාව ආක්‍රමණය කළ එක්සත් ජනපදය, එම චෝදනා මතම ජනපති මැනුවෙල් නොරියේගා ධුරයෙන් පහ කළේය. ඔහුට වසර 20 ක සිර දඬුවම් හිමි වූ අතර එම කාලය තුළ ජීවිතක්ෂයට පත් විය.
" එක්සත් ජනපදය, වෙනිසියුලාවට සහ එහි නායකයා වන නිකොලස් මදුරෝ ට එරෙහි සාර්ථක, දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ඔහු සිටියේ බිරිඳත් සමග. අපි ඒ දෙන්නම අල්ල ගත්තා. ඊට පස්සෙ, රටින් පිටුවහල් කර රැගෙන ගියා," ට්‍රම්ප් සිය ටෘත් සමාජ ජාලයේ සටහන් කළේය.
ඉකුත් රාත්‍රිය පුරාම එක්සත් ජනපද හමුදා වෙනිසියුලාවට ගුවනින් ද පහර දුන්නේය. ඊට පෙර, සමස්ත කාල සීමාව පුරාම එය නීති විරෝධී මත්ද්‍රව්‍ය රාජ්‍යයක් බවට චෝදනා කළේය. ඉකුත් වසරේ සිදු කළ බව පැවසෙන මැතිවරණ දූෂණ සම්බන්ධයෙන්ද, වෙනිසියුලාවට එක්සත් ජනපද චෝදනා එල්ල විය.
නිකොලස් මදුරෝ, එරට ජනපති ධුරයට පත් වූයේ 2013 වසරේ හියුගෝ චාවේස් පරාජය කරමිනි. එක්සත් ජනපදයට අවශ්‍යව ඇත්තේ වෙනිසියුලාව සතු තෙල් ආකාරවල පාලනය සියතට ගැනීම බව මදුරෝ චෝදනා කළේය.
එක්සත් ජනපද විශේෂ බලකා සෙබළුන් විසින් ජනපති මදුරෝ අත්අඩංගුවට ගැනිණි.
ජනපති මදුරෝ සහ ආර්යාව රැගෙන ගිය ස්ථානය වහා අනාවරණය කරන ලෙස වෙනිසියුලා උප ජනපතිනි, ඩෙල්සි රොද්‍රිගුවේස් එක්සත් ජනපදයට බල කර සිටී. වෙනිසියුලා ආරක්ෂක අමාත්‍ය, ව්ලැඩිමිර් පැඩ්‍රිනෝ ද එක්සත් ජනපද ආක්‍රමණය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :

