ප්‍රවීන චිත්‍ර ශිල්පියකු වන බන්දුල හරිශ්චන්ද්‍ර අද අලුයම අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට ඔහු 86 හැවිරිදි වියේ පසු විය.
පුවත් පත් ගණනාවක් සඳහා දශක ගණනක් මුළුල්ලේ චිත්‍ර හා චිත්‍ර කතා නිර්මාණය කළ බන්දුල හරිශ්චන්ද්‍ර බොහෝ දෙනා හැඳින්වූයේ බන්දුල මාස්ටර් යනුවෙනි.
ඔහු නිර්මාණය කළ ඓතිහාසික කතා රසික ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය විය.
හරිශ්චන්ද්‍රයන්ගේ දේහය පානදුර අළුබෝමුල්ල, වලව්වත්ත අංක 141 ඩී. දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට ( 2) (සඳුදා) සවස 4.30 ට බණ්ඩාරගම පොදු සුසාන භූමියේදි සිදු කෙරේ.

