Image

ප්‍රවීණ මාධ්‍යවේදී අනුර සොල්මන්ස් දිවි සැරිය නිමකරයි

ප්‍රවීණ මාධ්‍යවේදී අනුර සොල්මන්ස් දිවි සැරිය නිමකරයි

'දිවයින ඉරිදා සංග්‍රහය' පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයකු මෙන්ම මෙරට ජනාධිපතිවරු දෙදෙනකු ගේ මාධ්‍ය උපදේශකවරයකු ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී අනුර සොල්මන්ස් අභාවප්‍රාප්ත විය.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර සිටිය දී හෙතෙම මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව පෝෂණය කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් අනුර සොලමන්ස්, ජාතික මට්ටමේ දේශපාලන සහ සමාජීය කරුණු සම්බන්ධයෙන් සිය පන්හිඳ මෙහෙයවූ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදියෙකි. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 66 වන වියේ විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පසුව දැනුම් දීමට නියමිත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න