අනුරාධපුර ප්‍රදේශයේ මත් කුඩු බෙදා හැර ඇත්තේ පෑලියගොඩ නගර සභාව නියෝජනය කළ ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරියගේ සැමියා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (21) සමගි ජන බලවේගය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ එසේ මත් කුඩු ජාවාරම් කර පොලිසියට කොටු වූ පුද්ගලයා එම ප්‍රදේශයේ ම ප්‍රථමික පාසලක විදුහල්පතිවරයකු බවයි.

