නිලංග දෑල යළිත් දියවඩන නිලමේ ධුරයට

නිලංග දෑල යළිත් දියවඩන නිලමේ ධුරයට

මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල යළිත් තේරිපත්විය.

නිලංග දෑලට පක්ෂව ඡන්ද 195ක් ද ලබාගත් අතර මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.එම්. දමින්ද බණ්ඩාර උඩුරාවණ  ඡන්ද 50ක් ද මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක, ඡන්ද 13ක් වශයෙන් ලබාගත්තේය.

වර්තමාන වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අවස්ථා දෙකකදී වසර 20ක් දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ නිල කාලය පසුගිය අගෝස්තු මාසයේදී අවසන් විය.

මෙවර දියවඩන නිලමේ තනතුරට වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.එම්.දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක, ඓතිහාසික සෝනුත්තර රජමහා විහාරයේ භාරකරු හා සතර මහ දේවාල භාර මහා නිළමේ රොෂාන් ප්‍රියදර්ශන, වරකාපොල දොරවක ශ්‍රී නාථ දේවාලයේ හිටපු භාරකාර ඉනිදික රුවන් පතිරණ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරි ගාමිණි කළුහැන්දිවෙල, මහාචාර්ය තිලක් සුබසිංහ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් වීර මඩුගල්ල පදනමේ සභාපති නන්ද මඩුගල්ල යන මහත්වරු ඉදිරිපත් වූහ.

දියවඩන නිලමේවරයාගේ ධුර කාලය වසර 10ක් වේ.

ප්‍රදීප් නිලංග දෑල මහතා 2005 වසරේ සිට අඛණ්ඩව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස කටයුතු කරයි.

ඔහු යළිත් එම ධුරය සඳහා තේරි පත්වුණේ තුන්වැනි වරටයි.

ඒ අනුව 2035 දක්වා ප්‍රදීප් නිලංග දෑල මහතා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස කටයුතු කරනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න