නීතිපති පාරින්ද රණසිංහ වෙත අසත්‍ය චෝදනා, අවලාද සහ අපහාස සිදු කරමින් ඔහු ධුරයෙන් ඉවත් කිරිම සඳහා දැරූ උත්සාහය පරාජය කිරීමට හැකිවීම සතුටට කරුණක් යැයි Free Lawyers සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
කෙසේ නමුත්, පරාජයෙන් කුපිත වූ විදේශගත මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද, එයට සහාය දක්වන මෙරට පිරිසක් ද, දිගින් දිගටම නීතිපතිවරයාටත්, අධිකරණ ආමත්‍යවරයාටත්, මෙම සංවිධානයේ සාමාජිකයින්ටත් හිතවතුන්ටත් සුපුදුරු පරිදි අපහාස කිරීම අරඹා තිබීම කණගාටුවට කරුණක් බවත්, රටේ ස්ථාපති ආයතන පද්ධතිය ගෞරවය හා විශ්වසනීයත්වය විනාශ කිරීමට කුඩා කණ්ඩායමට කිසිදු ඉඩක් නොතිබිය යුතු බව ඔවුන් ගේ විශ්වාසය යැයි ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ Free Lawyers සංවිධානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

