#anurakumaradissanayake

  • 2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි”  යන්නට පණ දෙන වසරක් - ජනාධිපති අනුර කුමාර දිසානායක

    නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නොමැති බවත්, නීතිය බිඳ වැටුණු රටක බලය හොබවන්නේ අපරාධකරුවන් බවත්, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වු රටක් ගොඩනැඟීම වෙනුවෙන් වත්මන් රජය කැප වී සිටින බැවින් 2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි” යන්නට පණ දෙන වසරක් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

  • 2027 තෙක් කිසිදු දීමනාවක් වැඩි නොකරන බවට ජනාධිපතිවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

    එළැඹෙන 2027 වසරේ වැටුප් වැඩිවීමක් එන තෙක් කිසිදු දීමනාවක් ඉහළ නොදමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

  • 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා ගේ පණිවුඩය

    78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුව ද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතක ය.

  • J.C.ට A.K.D. කිව්වේ මොනවාද?

    ජනාධිපති අනුර කුමාර දිසානායකට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල හමුවුණා.


    මෙම හමුවීම සිදුවී ඇත්තේ පසුගිය (07) වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී.

    ඵදින සවස 1.30ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයෙන් දිවා ආහාරය ලබාගෙන ඉදිරියට පැමිණෙන විට එම ආලින්දයේදී ජේ.සී .අලවතුවල මන්ත්‍රීවරයා ද ඉදිරියට පැමිණියා.

    "ඉතින් කොහොමද මන්ත්‍රීතුමා මාවතගම තත්වය"යනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විමසුවා.

    "වරදක් නැහැ, ජනාධිපතිතුමා වැඩ ටික කරගෙන යනවා" එසේ ප්‍රතිචාර දක්වා ඇත්තේ ජේ.සී. අලවතුවලයි.

    "මං නුවර යන ගමන් ඔබතුමාලාගේ ගෙවල් ගාවින්නේ යන්නේ. මං ගෙවල් පැත්ත බලාගෙන තමයි යන්නේ" යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

    "ආ.. එහෙමද ඔබතුමා පහුගිය දවස්වල නුවර ගියානේ එතකොට එතනින් යන්න ඇති නේද?"යනුවෙන් ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා කියා සිටි අවස්ථාවේදී "ඔව් "යනුවෙන් ඉතා සුහදව ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූවා.


    මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවේදී මෙහි සිටියා.

    ජේ. සී අලවතුවල මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ මාවතගම, මිල්ලව , මල්ලවපිටිය යන ප්‍රදේශයේයි.


    මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුමේ සිට මහනුවර දක්වා යන මාර්ගයේ තුන්වෙනි කිලෝ මීටර් කණුව අසල ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා තිබෙනවා.
     
     
     
     
     
  • අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක් ස්ථාපිත කරයි

    ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ‘අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක්’ ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක  උපදෙස් දී තිබේ.

  • අද ජනරැළි අමතමින් ජනපති කියන්න යන කතාව!

    ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීමට අදාළව මහා සංඝරත්නය විසින් මේ වන විට එල්ල කරන චෝදනා රටේ ජාතික සහ ආගමික සංවිධියාවට බාධාවක් බැවින් ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ජනරැළි අමතමින් අද දින (11) රජයේ ස්ථාවරය පැවසීමට නියමිත බව විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

  • අනුර - ට්‍රම්ප් කතාබහක

    ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේදී හමුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.


    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පසුගිය 23 දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එක්වීමි.

    එහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ සුහද කථා බහකද නිරත වීමි.

     

    TRUMP ANURA 20250927

  • අනුර කුමාර කළ යුත්තේ කුමක්ද? | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

    අයහපත් කාල ගුණ තත්වය වෙනස්වීම නිසා රටේ ජනතාව යම් තරමක පහසුවෙන් හුස්ම ගනිමින් සිටියද, එය දැනුණ පීඩනය අඩු වීමෙන් දැනුණ සතුටට වැඩි යමක් නොවේ.

  • අනුර කුමාර නැවත ජනපතිවරණයට ඉදිරිපත් වුනොත්...?

    "අනුර නැවත වතාවක් ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලුවොත් ඔබ ඡන්දය දෙනවාද...?" කියල මත විචාරණයක් යනව මිලියනකට වඩා ෆොලෝවර්ස්ල ඉන්න ෆේස්බුක් පිටුවක පිටුවක.

  • අනුර තවමත් ජනප්‍රිය වීමේ රහස මෙන්න - Ideas front වීඩියෝවක්

    මාලිමා ආණ්ඩුව බලයට පත් වූ දා සිට විපක්ෂ කණ්ඩායම් නිරන්තරයෙන් ම උත්සාහ කළේ ආණ්ඩුව උහාසයට ලක් කිරීම වුව ද නවත ම ජනමත සමීක්ෂණය දෙස විමසිලිමත් වන විට අවසානයේ උපහාසයට සහ විහිළුවට ලක්ව ඇත්තේ විපක්ෂය ම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • අනුර තීන්දුවකට සැරසෙයි

    දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි අයුරින් ආණ්ඩුව සහ රට දැනුවත් නොකළ බවට ආණ්ඩුවේ පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය පියවර ගෙන ඇත.

  • අනුර දාපු නෝන්ඩියට සජිත් උත්තරයක් දෙයි!

    අනේ Please කියා ජන ජීවිත විහිලුවට නොගෙන දැන්වත් සැබෑ යථාර්ථය තේරුම් ගන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

  • අනුරට රජ විය හැකි රහසක් දීප්ති හෙළි කරයි - Ideas front වීඩියෝවක්

    විදෙස් රැකියාවල නියුක්තව සිට පැමිණි සියලු දෙනා විධිමත්ව ලියාපදිංචි කර ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබා දීමට කටයුතු කරන්නේ නම් වත්මන් ජනාධිපතිවරයාට රජවිය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • අපි මේ ආණ්ඩුව හැදුවෙ පරිවර්තනයක් වෙනුවෙන් - ජනපති අනුර කුමාර දිසානායක

    මේ ආණ්ඩුව ගොඩනගා ගත්තේ පැරණි ගමන් මග ඒ විදියටම ගලා යෑමට නොව පරිවර්තනයක් වෙනුවෙන් බවත්, මේ වන විට බොහෝ ක්ෂේත්‍ර එම පරිවර්තනයට පය තබා ඇති බවත්, ඇතැම් ක්ෂේත්‍රවල ටිකක් දුර ගොස් තිබෙන අතර ඇතැම් ක්ෂේත්‍ර හඳුනාගෙන බැවින් මේ ආණ්ඩුව එම සමාජ පරිවර්තනය වෙනුවෙන් කටයුතු කරන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.

  • ආණ්ඩු, පාණ්ඩු සහ හුණ්ඩු

    ජනාධිපතිතුමා කිව්වා වගේ මේවා මොන හුණ්ඩු ද ?

  • ආණ්ඩුව ගේන අලුත් පනත භයානක මර්දන පනතක් -  පුබුදු ජයගොඩ

    ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වෙමින් වුව ද මේ වන විට PSTA නමින් පෙර තිබූ පනතටත් වඩා භයානක මර්දන පනතක් සම්මත කරගන්නට සුදානමින් සිටින බවත්, එම පනත සමාජයට බරපතළ ලෙස බලපෑම් කරන පනතක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

  • ආණ්ඩුව තමන් ගේ වළ තමන් විසින් ම  කපාගනිමින්  ඉන්නවා- නාමල් රාජපක්ෂ

    මාලිමා ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගන්න බැවින් විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ  ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කිරීම යැයි පොදුජන පෙරමුණේ  ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ පැවසී ය.

  • ආණ්ඩුව තව උපරිම අවුරුද්දයි - රාමනාදන් අර්චුනා

    වත්මන් ආණ්ඩුවට තවත් ආයුෂ ඇත්තේ අවුරුද්දක කාලයක් පමණක් බවත් කොළඹ මහ නගර සභා අයවැය ඡන්දය හරහා ආණ්ඩුව කඩා වැටෙන බවට සංඥාවක් දී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කොළඹදී ඊයේ මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසීය.

  • ආණ්ඩුව තෙල් මිල වැඩි කරේ ගල් අඟුරු වංචාවේ පාඩුව පියවා ගන්න - නාමල් රාජපක්ෂ

    ආණ්ඩුව තෙල් මිළ වැඩි කළේ ගල් අඟුරු වංචාව හේතුවෙන් සිදු වූ පාඩුව පියවා ගැනීමට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

  • ආණ්ඩුව වට්ටන්න නම්...; හිතවත් විපක්ෂය වෙතට ආදරයෙනි...

    පළවැනි කාරණේ තේරුං ගන්න ඕන මාලිමා ආණ්ඩුවට මංත්‍රී ආසන 159 තියෙනව කියන කාරණාව. දෙවැනි කාරණාව තමයි මාළිමා ආණ්ඩුවට ජනතාව බලය දීල තියෙනව අවුරුදු පහකට. ඒ කියන්නෙ මාලිමා ආණ්ඩුව 2028 වෙනකම්ම ඉන්නවා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න