#anurakumaradissanayake

  • J.C.ට A.K.D. කිව්වේ මොනවාද?

    ජනාධිපති අනුර කුමාර දිසානායකට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල හමුවුණා.


    මෙම හමුවීම සිදුවී ඇත්තේ පසුගිය (07) වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී.

    ඵදින සවස 1.30ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයෙන් දිවා ආහාරය ලබාගෙන ඉදිරියට පැමිණෙන විට එම ආලින්දයේදී ජේ.සී .අලවතුවල මන්ත්‍රීවරයා ද ඉදිරියට පැමිණියා.

    "ඉතින් කොහොමද මන්ත්‍රීතුමා මාවතගම තත්වය"යනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විමසුවා.

    "වරදක් නැහැ, ජනාධිපතිතුමා වැඩ ටික කරගෙන යනවා" එසේ ප්‍රතිචාර දක්වා ඇත්තේ ජේ.සී. අලවතුවලයි.

    "මං නුවර යන ගමන් ඔබතුමාලාගේ ගෙවල් ගාවින්නේ යන්නේ. මං ගෙවල් පැත්ත බලාගෙන තමයි යන්නේ" යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

    "ආ.. එහෙමද ඔබතුමා පහුගිය දවස්වල නුවර ගියානේ එතකොට එතනින් යන්න ඇති නේද?"යනුවෙන් ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා කියා සිටි අවස්ථාවේදී "ඔව් "යනුවෙන් ඉතා සුහදව ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූවා.


    මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවේදී මෙහි සිටියා.

    ජේ. සී අලවතුවල මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ මාවතගම, මිල්ලව , මල්ලවපිටිය යන ප්‍රදේශයේයි.


    මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුමේ සිට මහනුවර දක්වා යන මාර්ගයේ තුන්වෙනි කිලෝ මීටර් කණුව අසල ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා තිබෙනවා.
     
     
     
     
     
  • අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක් ස්ථාපිත කරයි

    ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ‘අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක්’ ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක  උපදෙස් දී තිබේ.

  • අනුර - ට්‍රම්ප් කතාබහක

    ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේදී හමුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.


    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පසුගිය 23 දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එක්වීමි.

    එහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ සුහද කථා බහකද නිරත වීමි.

     

    TRUMP ANURA 20250927

  • අනුර කුමාර කළ යුත්තේ කුමක්ද? | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

    අයහපත් කාල ගුණ තත්වය වෙනස්වීම නිසා රටේ ජනතාව යම් තරමක පහසුවෙන් හුස්ම ගනිමින් සිටියද, එය දැනුණ පීඩනය අඩු වීමෙන් දැනුණ සතුටට වැඩි යමක් නොවේ.

  • අනුර කුමාර නැවත ජනපතිවරණයට ඉදිරිපත් වුනොත්...?

    "අනුර නැවත වතාවක් ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලුවොත් ඔබ ඡන්දය දෙනවාද...?" කියල මත විචාරණයක් යනව මිලියනකට වඩා ෆොලෝවර්ස්ල ඉන්න ෆේස්බුක් පිටුවක පිටුවක.

  • අනුර තවමත් ජනප්‍රිය වීමේ රහස මෙන්න - Ideas front වීඩියෝවක්

    මාලිමා ආණ්ඩුව බලයට පත් වූ දා සිට විපක්ෂ කණ්ඩායම් නිරන්තරයෙන් ම උත්සාහ කළේ ආණ්ඩුව උහාසයට ලක් කිරීම වුව ද නවත ම ජනමත සමීක්ෂණය දෙස විමසිලිමත් වන විට අවසානයේ උපහාසයට සහ විහිළුවට ලක්ව ඇත්තේ විපක්ෂය ම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • අනුර තීන්දුවකට සැරසෙයි

    දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි අයුරින් ආණ්ඩුව සහ රට දැනුවත් නොකළ බවට ආණ්ඩුවේ පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය පියවර ගෙන ඇත.

  • අනුර දාපු නෝන්ඩියට සජිත් උත්තරයක් දෙයි!

    අනේ Please කියා ජන ජීවිත විහිලුවට නොගෙන දැන්වත් සැබෑ යථාර්ථය තේරුම් ගන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.

  • අනුරට රජ විය හැකි රහසක් දීප්ති හෙළි කරයි - Ideas front වීඩියෝවක්

    විදෙස් රැකියාවල නියුක්තව සිට පැමිණි සියලු දෙනා විධිමත්ව ලියාපදිංචි කර ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබා දීමට කටයුතු කරන්නේ නම් වත්මන් ජනාධිපතිවරයාට රජවිය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • ආණ්ඩු, පාණ්ඩු සහ හුණ්ඩු

    ජනාධිපතිතුමා කිව්වා වගේ මේවා මොන හුණ්ඩු ද ?

  • ආණ්ඩුව ගේන අලුත් පනත භයානක මර්දන පනතක් -  පුබුදු ජයගොඩ

    ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වෙමින් වුව ද මේ වන විට PSTA නමින් පෙර තිබූ පනතටත් වඩා භයානක මර්දන පනතක් සම්මත කරගන්නට සුදානමින් සිටින බවත්, එම පනත සමාජයට බරපතළ ලෙස බලපෑම් කරන පනතක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.

  • ආණ්ඩුව තමන් ගේ වළ තමන් විසින් ම  කපාගනිමින්  ඉන්නවා- නාමල් රාජපක්ෂ

    මාලිමා ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගන්න බැවින් විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ  ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කිරීම යැයි පොදුජන පෙරමුණේ  ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ පැවසී ය.

  • ආණ්ඩුව තව උපරිම අවුරුද්දයි - රාමනාදන් අර්චුනා

    වත්මන් ආණ්ඩුවට තවත් ආයුෂ ඇත්තේ අවුරුද්දක කාලයක් පමණක් බවත් කොළඹ මහ නගර සභා අයවැය ඡන්දය හරහා ආණ්ඩුව කඩා වැටෙන බවට සංඥාවක් දී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා කොළඹදී ඊයේ මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසීය.

  • ආණ්ඩුව තෙල් මිල වැඩි කරේ ගල් අඟුරු වංචාවේ පාඩුව පියවා ගන්න - නාමල් රාජපක්ෂ

    ආණ්ඩුව තෙල් මිළ වැඩි කළේ ගල් අඟුරු වංචාව හේතුවෙන් සිදු වූ පාඩුව පියවා ගැනීමට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

  • ආණ්ඩුව වට්ටන්න නම්...; හිතවත් විපක්ෂය වෙතට ආදරයෙනි...

    පළවැනි කාරණේ තේරුං ගන්න ඕන මාලිමා ආණ්ඩුවට මංත්‍රී ආසන 159 තියෙනව කියන කාරණාව. දෙවැනි කාරණාව තමයි මාළිමා ආණ්ඩුවට ජනතාව බලය දීල තියෙනව අවුරුදු පහකට. ඒ කියන්නෙ මාලිමා ආණ්ඩුව 2028 වෙනකම්ම ඉන්නවා.

  • ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාව ගොඩනැගීමට ජනාධිපති ගන්නා උත්සාහය අගය කළ යුතුයි - අරෝෂ ප්‍රනාන්දු

    ඍජු විදේශ ආයෝජන මෙරටට ගෙන ඒම ප්‍රමාණවත් නොවන බවට ලෝක බැංකුව ප්‍රකාශ කරන මොහොතක ජනාධිපති අනුර කුමාර දිසානායක මෙරටට පැමිණෙන විදේශ ආයෝජන සුරක්ෂිත කිරීමට කැපවන බවට ප්‍රකාශ කිරීම අගය කළ යුතු ප්‍රශංසනීය ප්‍රකාශයක් බව ජාත්‍යන්තර ආයෝජක උපදේශක සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා BMICH හි පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු...

    ශ්‍රී ලංකාවේ: යල් පැන ගිය කම්කරු නීති, ව්‍යාපාරික නම්‍යශීලී සීමා වහාම වෙනස්කළ යුතු යි

    ''ජාත්‍යන්තර ආයෝජන මෙරටට පැමිණීම ඉතාමත්ම අඩු අගයක් ගන්නා බව ලෝක බැංකුව පෙන්වා දී තිබෙනවා. ඍජු විදේශ ආයෝජන ඉහළ මට්ටමකට ගෙන ඒමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවට ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ට ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් මහතා පෙන්වාදී තිබෙනවා. වසර 2030දී එක්සත් ජනපද ඩොලර් බිලියන 36ක ඍජු විදේශ ආයෝජන දිනාගැනීමට ශ්‍රී ලංකාව රජය ඉලක්කකොට තිබෙනවා.

    මෙම ඉලක්ක ජයගැනීමට නම් අනිවාර්යෙන් ම ශ්‍රී ලංකාවේ බොහොමයක් යල් පැන ගිය කම්කරු නීති ඇතුළු ව්‍යාපාරික නම්‍යශීලී සීමාවන් වහාම වෙනස්කළ යුතු යි. ආයෝජන හිතකාමී පරිසරයක් ඇතිකිරීමට ඉඩම්, කම්කරු නීති රෙගුලාසි ඇතුළු අංශ කිහිපයක ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතුය. මේ සඳහා රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අමෙරිකානු නියෝජිතයින්ට පසුගිය සතියේ පෙන්වා දී තිබෙනවා. වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයින්ගේ සහ ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනවා. ඔහු ආයෝජන විෂයභාර ඇමැතිවරයා ලෙස ඊට ලබාදී ඇති ප්‍රමුඛතාවය ප්‍රශංසනීය යි.


    විදේශ ආයෝජන දිනා ගැනීමේ දී: ජාතිවාදය, ආගම්වාදය බැහැර කළ යුතුයි


    මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් විදේශ ආයෝජන දිනාගැනීමට කටයුතු කරන බව වචනයෙන් කියා පමණක් ප්‍රමාණවත් නැහැ. ඊට වැඩපිළිවෙළක් ද සකස් කළ යුතුයි. පසුගිය රජයන් යටතේ පැවැති ආයෝජන දිනාගැනීමේ අක්‍රමවත් භාවය දුරුකොට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නව නීති රීති සකස් කර ආයෝජන දිනාගැනීමට ක්‍රියා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් ජනාධිපතිවරයා පැවසුවා.

    අපේ රටේ විදේශ ආයෝජන දිනා ගැනීමේ දී: ජාතිවාදී, ආගම්වාදය බැහැර කර ජාතික සමගිය ගොඩනැගීම නීතිය සහ සාමය ආරක්ෂා කිරීම කළ යුතුයි. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කළ යුතුයි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විනිවිද පෙණෙන ආකාරයෙන් සහ පාරදෘෂ්‍ය අයුරින් පවත්වාගත යුතුයි. නවීන තාක්ෂණය භාවිතාකොට ජිජිටල්කරණය වූ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කළ යුතුයි. මේවා සියල්ල ඉටුකරන බවට ජනාධිපතිතුමා අමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කළා. එය ඉතා වැදගත්. ඒ වගේ ම මෙවැනි ඉහළ නිලධාරීන් පිරිසක් සහ අමෙරිකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් ප්‍රවීණයින් එක්ව සාකච්ඡා කිරීම රටට හොඳ දෙයක්. එය අනාගත ශ්‍රී ලංකාවේ ඍජු විදේශ ආයෝජන ඉහළ දමා ගැනීමට ලොකු බලපෑමක් කළ හැකි කටයුත්තක්. තිබෙන අඩු පාඩු මගහරවාගෙන වඩාත් විශ්වාසයෙන් ආයෝජකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් දෙයක්.''

    අමෙරිකාවේ ප්‍රකට Crow Holdings සභාපති හාර්ලන් ක්‍රෝ (Harlan Crow) අමෙරිකා එක්සත් ජනපද – ඉන්දියානු සබඳතා සහ M&A ව්‍යාපාර ප්‍රධානී ක්‍රිෂ්ණා බාලම් (Krishna Balam) ඇතුළු කිහිපදෙනකු ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට එක් වූහ.

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු ඇමැති සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු එක්ව සිටියහ.

    (සටහන - ජේ. මුනසිංහ)

  • ආර්ථික විශේෂඥයෙකුටත් නොතේරෙන අයවැය

    *අයවැය ඇතුළේ පටලැවිල්ලක්! 
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ ජනපති අතර හමුවක්

    ඩොලර් ආදායම ඉහළ නංවන අපනයන ආර්ථිකයක් වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීමට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවකට සහභාගි විය.

  • ඇමති සංශෝධනයෙන් තවත් මාලිමා ප්‍රතිපත්තියක් පචයක් වෙලා - ගම්මන්පිල

    '' මාලිමා ආණ්ඩුවක නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ 25ක් පමණයි කියලා මැතිවරණ ප්‍රකාශනයේ 194 පිටුවේ තිබෙනවා.  නමුත් දැන් නියෝජ්‍ය ඇමතිවරු ගණන 30 දක්වා ඉහළ ගිහින් තිබෙනවා.  ඒ නිසා මේ ඇමති මණ්ඩල සංශෝධනය හරහා ඇමතිවරු සීමා කිරීම ගැන දුන් පොරොන්දුවත් තවත් එක් පචයක් බවට පත් කරලා තිබෙනවා'' යැයි පිළිබද පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පැවසී ය.

    ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (10) සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව සිය අදහස් දක්වමිනි.

    අමාත්‍ය මණ්ඩලය පත් කර යන්තම් මාස 10ක් ගත වුණු විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීම හරහා මේ ඇමති මණ්ඩලයට වැඩ බැරි බවට තමන් කළ චෝදනාව පිළිගැනීම පිළිබඳව ජනාධිපතිතුමාට පිං සිදු වන්නේ යයි ඔහු කියා සිටියේය.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...


    කොච්චර ඇනුවත් ජෝකර්ලා

    විපක්ෂයේ සිටිය දී 2024 සැප්තැම්බර් 23 දින අතුරුදහන් වුණු අනුර දිසානායක මන්ත්‍රිතුමා ඇමති මණ්ඩල සංශෝධනයක් ගැන අදහස් දක්වමින් කිව්වේ ඔය කාඩ්
    කුට්ටමේ ඉන්නේ ජෝකර්ලා විතරක් නිසා කොච්චර ඇනුවත් අන්තිමට දාන්න වෙන්නේ ජෝකර් කාඩ් එකක් විතරයි කියලා.  එතුමා අද අතුරුදහන් නිසා එතුමා වෙනුවෙන් මට කියන්න තිබෙන්නෙත් ජෝකර්ලා 159ක් ඉන්න කාඩ් කුට්ටම කොච්චර ඇනුවත් දාන්න වෙන්නේ ජෝකර්ලා විතරයි කියලා.

     මාලිමා ආණ්ඩුවක නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ 25ක් පමණයි කියලා මැතිවරණ ප්‍රකාශනයේ 194 පිටුවේ තිබෙනවා.  නමුත් දැන් නියෝජ්‍ය ඇමතිවරු ගණන 30 දක්වා ඉහළ ගිහින් තිබෙනවා.  ඒ නිසා මේ ඇමති මණ්ඩල සංශෝධනය හරහා ඇමතිවරු සීමා කිරීම ගැන දුන් පොරොන්දුවත් තවත් එක් පචයක් බවට පත් කරලා තිබෙනවා.


    බිමල් ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය භංග කරලා...


    බහාලුම් 323 වංචාව පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කිරීමේ දී අපි කොමිසමට කිව්වා බහාලුම් පරික්ෂා නොකර නිදහස් කිරීමට උපදෙස් දුන්  බිමල් රත්නායක ඇමතිතුමාව මුලින්ම ප්‍රශ්න කළ යුතුයි කියලා. ඒ, එතුමා මේ බහාලුම් නිදහස් කිරීමට උපදෙස් දුන් බව එවකට හිටිය රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරපු නිසා.  ඒ වගේම අපි කිව්වා විමර්ශනය ස්වාධීනව සිදු වෙන්න නම් වරාය විෂය බිමල් ඇමතිතුමාගෙන් ඉවත් කළ යුතුයි කියලා.  මාස නවයකට පස්සේ හරි අපේ ඉල්ලීමට ඇහුම්කන් දීම පිළිබඳ ජනාධිපතිතුමාට ප්‍රණාමය පුද කරනවා.

    එහෙම ඉවත් නොකලා නම් බිමල් ඉවත් කරනු කියන එක විපක්ෂයේ සටන් පාඨය වෙන බව ජනාධිපතිතුමා දන්නවා. රංග දිසානායක මහතාට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ලබා දීමට බිමල් ඇමතිතුමා ව්‍යවස්ථාදායක සභාව බොරු කියලා නොමග යැව්වා කියලා මහචාර්ය දිනේෂා සමරරත්න මැතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයකින් දැනුම් දී තිබෙනවා.  ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය භංග කර ගත් බිමල් ඇමතිතුමාව එතැනින් ද ඉවත් කළ යුතු බව අපි ජනාධිපතිතුමාට සිහිපත් කරනවා.


    ගලප්පත්තිට සහ නිපුණාරච්චිට මොක ද වුණේ...?



    1994 සිට පාර්ලිමේන්තුවේ සිටින ජවිපෙ ජනාධිපති අපේක්ෂක නිහාල් ගලප්පත්ති මන්ත්‍රිතුමාටත් 2004 සිට පාර්ලිමේන්තුවේ ඉන්න ලක්ෂ්මන් නිපුණආරච්චි මැතිතුමාටත් අඩුම ගණනේ නියෝජ්‍ය ඇමතිකමක්වත් දෙන්න මෙවරත් කටයුතු කරලා නෑ.  ජනාධිපතිකමට සුදුසු ගලප්පත්ති මන්ත්‍රිතුමා නියෝජ්‍ය ඇමතිකමකට
    නුසුදුසු වුණේ කොහොමද කියන එක අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා.''



     
  • ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලුවොත් මොකද වෙන්නෙ...? - උදය ගම්මන්පිල පැහැදිලි කරයි (වීඩියෝ)

    ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලුව හොත් මුළු ලෝකය ම යළි න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමට හැකි යැයි උදය ගම්මන්පිල පැවසී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න