#anurakumaradissanayake

  • ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාව ගොඩනැගීමට ජනාධිපති ගන්නා උත්සාහය අගය කළ යුතුයි - අරෝෂ ප්‍රනාන්දු

    ඍජු විදේශ ආයෝජන මෙරටට ගෙන ඒම ප්‍රමාණවත් නොවන බවට ලෝක බැංකුව ප්‍රකාශ කරන මොහොතක ජනාධිපති අනුර කුමාර දිසානායක මෙරටට පැමිණෙන විදේශ ආයෝජන සුරක්ෂිත කිරීමට කැපවන බවට ප්‍රකාශ කිරීම අගය කළ යුතු ප්‍රශංසනීය ප්‍රකාශයක් බව ජාත්‍යන්තර ආයෝජක උපදේශක සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු පැවසී ය.

    ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා BMICH හි පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු...

    ශ්‍රී ලංකාවේ: යල් පැන ගිය කම්කරු නීති, ව්‍යාපාරික නම්‍යශීලී සීමා වහාම වෙනස්කළ යුතු යි

    ''ජාත්‍යන්තර ආයෝජන මෙරටට පැමිණීම ඉතාමත්ම අඩු අගයක් ගන්නා බව ලෝක බැංකුව පෙන්වා දී තිබෙනවා. ඍජු විදේශ ආයෝජන ඉහළ මට්ටමකට ගෙන ඒමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවට ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ට ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් මහතා පෙන්වාදී තිබෙනවා. වසර 2030දී එක්සත් ජනපද ඩොලර් බිලියන 36ක ඍජු විදේශ ආයෝජන දිනාගැනීමට ශ්‍රී ලංකාව රජය ඉලක්කකොට තිබෙනවා.

    මෙම ඉලක්ක ජයගැනීමට නම් අනිවාර්යෙන් ම ශ්‍රී ලංකාවේ බොහොමයක් යල් පැන ගිය කම්කරු නීති ඇතුළු ව්‍යාපාරික නම්‍යශීලී සීමාවන් වහාම වෙනස්කළ යුතු යි. ආයෝජන හිතකාමී පරිසරයක් ඇතිකිරීමට ඉඩම්, කම්කරු නීති රෙගුලාසි ඇතුළු අංශ කිහිපයක ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතුය. මේ සඳහා රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අමෙරිකානු නියෝජිතයින්ට පසුගිය සතියේ පෙන්වා දී තිබෙනවා. වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයින්ගේ සහ ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනවා. ඔහු ආයෝජන විෂයභාර ඇමැතිවරයා ලෙස ඊට ලබාදී ඇති ප්‍රමුඛතාවය ප්‍රශංසනීය යි.


    විදේශ ආයෝජන දිනා ගැනීමේ දී: ජාතිවාදය, ආගම්වාදය බැහැර කළ යුතුයි


    මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් විදේශ ආයෝජන දිනාගැනීමට කටයුතු කරන බව වචනයෙන් කියා පමණක් ප්‍රමාණවත් නැහැ. ඊට වැඩපිළිවෙළක් ද සකස් කළ යුතුයි. පසුගිය රජයන් යටතේ පැවැති ආයෝජන දිනාගැනීමේ අක්‍රමවත් භාවය දුරුකොට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නව නීති රීති සකස් කර ආයෝජන දිනාගැනීමට ක්‍රියා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත් ජනාධිපතිවරයා පැවසුවා.

    අපේ රටේ විදේශ ආයෝජන දිනා ගැනීමේ දී: ජාතිවාදී, ආගම්වාදය බැහැර කර ජාතික සමගිය ගොඩනැගීම නීතිය සහ සාමය ආරක්ෂා කිරීම කළ යුතුයි. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කළ යුතුයි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විනිවිද පෙණෙන ආකාරයෙන් සහ පාරදෘෂ්‍ය අයුරින් පවත්වාගත යුතුයි. නවීන තාක්ෂණය භාවිතාකොට ජිජිටල්කරණය වූ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කළ යුතුයි. මේවා සියල්ල ඉටුකරන බවට ජනාධිපතිතුමා අමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කළා. එය ඉතා වැදගත්. ඒ වගේ ම මෙවැනි ඉහළ නිලධාරීන් පිරිසක් සහ අමෙරිකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් ප්‍රවීණයින් එක්ව සාකච්ඡා කිරීම රටට හොඳ දෙයක්. එය අනාගත ශ්‍රී ලංකාවේ ඍජු විදේශ ආයෝජන ඉහළ දමා ගැනීමට ලොකු බලපෑමක් කළ හැකි කටයුත්තක්. තිබෙන අඩු පාඩු මගහරවාගෙන වඩාත් විශ්වාසයෙන් ආයෝජකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් දෙයක්.''

    අමෙරිකාවේ ප්‍රකට Crow Holdings සභාපති හාර්ලන් ක්‍රෝ (Harlan Crow) අමෙරිකා එක්සත් ජනපද – ඉන්දියානු සබඳතා සහ M&A ව්‍යාපාර ප්‍රධානී ක්‍රිෂ්ණා බාලම් (Krishna Balam) ඇතුළු කිහිපදෙනකු ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට එක් වූහ.

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු ඇමැති සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු එක්ව සිටියහ.

    (සටහන - ජේ. මුනසිංහ)

  • ආර්ථික විශේෂඥයෙකුටත් නොතේරෙන අයවැය

    *අයවැය ඇතුළේ පටලැවිල්ලක්! 
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ ජනපති අතර හමුවක්

    ඩොලර් ආදායම ඉහළ නංවන අපනයන ආර්ථිකයක් වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීමට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවකට සහභාගි විය.

  • ඇමති සංශෝධනයෙන් තවත් මාලිමා ප්‍රතිපත්තියක් පචයක් වෙලා - ගම්මන්පිල

    '' මාලිමා ආණ්ඩුවක නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ 25ක් පමණයි කියලා මැතිවරණ ප්‍රකාශනයේ 194 පිටුවේ තිබෙනවා.  නමුත් දැන් නියෝජ්‍ය ඇමතිවරු ගණන 30 දක්වා ඉහළ ගිහින් තිබෙනවා.  ඒ නිසා මේ ඇමති මණ්ඩල සංශෝධනය හරහා ඇමතිවරු සීමා කිරීම ගැන දුන් පොරොන්දුවත් තවත් එක් පචයක් බවට පත් කරලා තිබෙනවා'' යැයි පිළිබද පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පැවසී ය.

    ඔහු මෙලෙස පැවසුවේ ඊයේ (10) සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව සිය අදහස් දක්වමිනි.

    අමාත්‍ය මණ්ඩලය පත් කර යන්තම් මාස 10ක් ගත වුණු විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීම හරහා මේ ඇමති මණ්ඩලයට වැඩ බැරි බවට තමන් කළ චෝදනාව පිළිගැනීම පිළිබඳව ජනාධිපතිතුමාට පිං සිදු වන්නේ යයි ඔහු කියා සිටියේය.

    එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...


    කොච්චර ඇනුවත් ජෝකර්ලා

    විපක්ෂයේ සිටිය දී 2024 සැප්තැම්බර් 23 දින අතුරුදහන් වුණු අනුර දිසානායක මන්ත්‍රිතුමා ඇමති මණ්ඩල සංශෝධනයක් ගැන අදහස් දක්වමින් කිව්වේ ඔය කාඩ්
    කුට්ටමේ ඉන්නේ ජෝකර්ලා විතරක් නිසා කොච්චර ඇනුවත් අන්තිමට දාන්න වෙන්නේ ජෝකර් කාඩ් එකක් විතරයි කියලා.  එතුමා අද අතුරුදහන් නිසා එතුමා වෙනුවෙන් මට කියන්න තිබෙන්නෙත් ජෝකර්ලා 159ක් ඉන්න කාඩ් කුට්ටම කොච්චර ඇනුවත් දාන්න වෙන්නේ ජෝකර්ලා විතරයි කියලා.

     මාලිමා ආණ්ඩුවක නියෝජ්‍ය ඇමතිවරු ඉන්නේ 25ක් පමණයි කියලා මැතිවරණ ප්‍රකාශනයේ 194 පිටුවේ තිබෙනවා.  නමුත් දැන් නියෝජ්‍ය ඇමතිවරු ගණන 30 දක්වා ඉහළ ගිහින් තිබෙනවා.  ඒ නිසා මේ ඇමති මණ්ඩල සංශෝධනය හරහා ඇමතිවරු සීමා කිරීම ගැන දුන් පොරොන්දුවත් තවත් එක් පචයක් බවට පත් කරලා තිබෙනවා.


    බිමල් ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය භංග කරලා...


    බහාලුම් 323 වංචාව පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කිරීමේ දී අපි කොමිසමට කිව්වා බහාලුම් පරික්ෂා නොකර නිදහස් කිරීමට උපදෙස් දුන්  බිමල් රත්නායක ඇමතිතුමාව මුලින්ම ප්‍රශ්න කළ යුතුයි කියලා. ඒ, එතුමා මේ බහාලුම් නිදහස් කිරීමට උපදෙස් දුන් බව එවකට හිටිය රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරපු නිසා.  ඒ වගේම අපි කිව්වා විමර්ශනය ස්වාධීනව සිදු වෙන්න නම් වරාය විෂය බිමල් ඇමතිතුමාගෙන් ඉවත් කළ යුතුයි කියලා.  මාස නවයකට පස්සේ හරි අපේ ඉල්ලීමට ඇහුම්කන් දීම පිළිබඳ ජනාධිපතිතුමාට ප්‍රණාමය පුද කරනවා.

    එහෙම ඉවත් නොකලා නම් බිමල් ඉවත් කරනු කියන එක විපක්ෂයේ සටන් පාඨය වෙන බව ජනාධිපතිතුමා දන්නවා. රංග දිසානායක මහතාට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර ලබා දීමට බිමල් ඇමතිතුමා ව්‍යවස්ථාදායක සභාව බොරු කියලා නොමග යැව්වා කියලා මහචාර්ය දිනේෂා සමරරත්න මැතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයකින් දැනුම් දී තිබෙනවා.  ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය භංග කර ගත් බිමල් ඇමතිතුමාව එතැනින් ද ඉවත් කළ යුතු බව අපි ජනාධිපතිතුමාට සිහිපත් කරනවා.


    ගලප්පත්තිට සහ නිපුණාරච්චිට මොක ද වුණේ...?



    1994 සිට පාර්ලිමේන්තුවේ සිටින ජවිපෙ ජනාධිපති අපේක්ෂක නිහාල් ගලප්පත්ති මන්ත්‍රිතුමාටත් 2004 සිට පාර්ලිමේන්තුවේ ඉන්න ලක්ෂ්මන් නිපුණආරච්චි මැතිතුමාටත් අඩුම ගණනේ නියෝජ්‍ය ඇමතිකමක්වත් දෙන්න මෙවරත් කටයුතු කරලා නෑ.  ජනාධිපතිකමට සුදුසු ගලප්පත්ති මන්ත්‍රිතුමා නියෝජ්‍ය ඇමතිකමකට
    නුසුදුසු වුණේ කොහොමද කියන එක අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා.''



     
  • ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලුවොත් මොකද වෙන්නෙ...? - උදය ගම්මන්පිල පැහැදිලි කරයි (වීඩියෝ)

    ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලුව හොත් මුළු ලෝකය ම යළි න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමට හැකි යැයි උදය ගම්මන්පිල පැවසී ය.

  • ඇමරිකාවට වුවමනා චීනයේ ආර්ථික නැගීම වළක්වන්න - දුමින්ද නාගමුව

    ඉදිරි වසර කිහිපය තුළ චීනය ලෝක ආර්ථික බලවතා විමට නියමිත බැවින් ඒ ආර්ථික නැගීම වැළැක්වීම සඳහා වන උපායමාර්ගයක ලෙස ඇමරිකාව මැදපෙරදිග කලාපයේ භූ දේශපානලන බලය මුළුමනින් ම ඔවුන් අතට ගැනීමට උත්සාහ කරන්නේ යැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.

  • ඉතිහාසයේ බිහි වුණු අසංවේදී ම නායකයා ජනපති අනුර කුමාර දිසානායක - සුගීෂ්වර බණ්ඩාර

    මේ රටේ බිහිවණු අසංවේදී ම නායකයා තමයි අනුර කුමාර දිසානායක යැයි වගකීමෙන්ම පවසන බව නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.

  • ඉතිහාසයේ සිදු නොවුණ ආකාරයට රට තුළ වංචා දුෂණ සිදුවෙමින් පවතිනවා - අජිත් පී. පෙරේරා

    රටේ අල්ලස දූෂණය මැඩීම සඳහා ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කරන බව අනුර දිසානායක ජනාධිපතිවරයා සහ ඇමැතිවරු මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කළ ද, ඉතිහාසයේ සිදු නොවුණ ආකාරයට රට තුළ වංචා දුෂණ සිදුවෙමින් පවතින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පැවසී ය.

  • ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරට එවපු ලියුම මෙන්න

    'දිට්වා' සුළි කුණාටුවත් සමග හදිසියේ පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහතික කරයි.

  • ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිවරයා අතර දුරකතන සංවාදයක්

    ඉන්දිය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අද ජනාධිපති අනුර කුමාර දිසානායක සමග දුරකතන සංවාදයක නිරතව තිබිණ.

  • ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක ම නිලධාරීන්ට ජනපතිගෙන් උපදෙස්

    ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුව ම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන  තිරසාර ක්‍රියාවලියක් විය යුතු බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශ මට්ටමින් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.

  • ඉරාන නෞකාව සම්බන්ධයෙන් ජනපති ගත් තීරණය නාමල් ගේ පැසසුමට

    ඉරාන නෞකාවක් වන IRIS Bushier හට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමල වරායට පැමිණීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය අගය කරන බව නාමල් රාජපක්ෂ පැවසී ය.

  • උවිඳු කලින් ම ඇඟ බේරාගෙන පැන්නා-  භාරත අනුර වෙනුවෙන් තනිව ම සටන් කරනවා |  (එරන්ද ගිනිගේ)

    භාරත තෙන්නකෝන් නමැත්තා උවිඳු කුරුකුලසූරිය නමැත්තාට සාපේක්ෂව හොඳ මිනිහෙක්.

  • එල් - නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

    එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

  • කතානායකවරයා තමන් ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කරලා - උදය ගම්මන්පිල

    පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ගේ වැඩ තහනම තුළින් කතානායකවරයා තමන් ගේ නොදන්නාකම නැවත වතාවක් ප්‍රදර්ශනය කර ඇතැයි පිිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසී ය.

  • කබ්රාල්ට සහ අනුරට යුක්තිය; ජනතාවට අයුක්තිය

    " Ne bis in idem " ( You cannot be tried twice for the same offence)

  • කවර ආකාරයේ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට යළි ඉඩක් නැහැ - ජනපති

    මුහම්මද් නබිතුමා ඇතුළු සියලු ආගමික ශාස්තෘන්වහන්සේගේ මඟපෙන්වීම වූ සාමය, මෛත්‍රිය, මනුෂ්‍යත්වය කැටි කරගත් සමාජයක් බිහි කිරීම වෙනුවෙන් වත්මන් රජය කැපවී සිටින බවත්, කවර ආකාරයේ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුමකට යළි රට තුළ ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

  • කළමනාකරණයේ මූලික සිද්ධාන්තවත් නොදන්න මැට්ටෝ ටිකක් - (එරන්ද ගිනිගේ)

    මහින්ද දේශප්‍රිය කියනවා අනුර කුමාරට උනන්දුව තිබුණට එයාගේ කාර්ය මණ්ඩලයට එහෙම එකක් නැහැ කියලා.

  • කාන්තාවන් පිළිබඳ කතිකාව එක් දිනකට සීමා කළ නොහැකි ය - ජනපති

    සියවසකට අධික කාලයක් මුළුල්ලේ ලොව පුරා සෑම වසරක ම මාර්තු 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ.

  • කැබිනට් සංශෝධනය ; සැබෑ හේතුව....

    පහුගිය දවසක කැබිනට් කුට්ටම අනන වෙලාවේ ආණ්ඩුවේ බලවත්ම ඇමති කෙනෙක්ගේ විෂයක් මාරු උනා.

    මේ මාරුව ගැන නොයෙක් කතා තියෙනවා. මේකට බලපාපු හේතු ගණනාවක් ගැනත් ආරංචි පැතිරෙනවා.

    ආණ්ඩුවේ දෙවෙනියා තුන්වෙනියා වගේ ඉන්න මේ මනුස්සයාගෙ විෂය කාර්යයන් වෙනස් වුනේ උන්නැහේ භාරව හිටපු මහ මුහුදට සම්බන්ධ ආයතනයට කලාපයේ බලවත් රටකින් ඉදිරිපත් වුන යෝජනා කිහිපයක් වෙනත් බලවත් රටක කීමට ප්‍රතික්ෂේප  කරපු නිසාය කියලා පැලවත්ත පැත්තෙන් ආරංචි වෙනවා.

    මේ වැඩෙන් එයාට හානියක් වෙන එක වළක්වන්නලු විෂය කාර්ය මාරු කරේ.

     

    bimal vs anura

     


     ඒ අතරේ තවත් කතාවක් පැතිරෙනවා.

    ඒකෙන් කියවෙන්නේ ආණ්ඩු පක්ෂයට උදව් කරන ලංකාවේ ප්‍රබලම ව්‍යාපාරිකයකුගෙ ව්‍යාපාරික යෝජනාවක් අනුමතනොකිරීම මේ මාරුවට හේතුවක්  කියලයි.

    මේ ව්‍යාපාරික තැන ආණ්ඩුවට කොපමණ හිතවත්ද කියනවනම් මහින්ද උන්නැහේ ඉන්න කාලේ එයාගේ හොඳම යාළුවෙක් වගේ හිටියත් පහුගිය දවසක මඟුල් ගෙදරකදී  එතෙන්ට ආපු ව්‍යාපාරිකයන් සියලුම දෙනා මහින්ද උන්නැහේ වට කරන් ඉන්නකොට එතුමාට කතා කිරීම තබා මුහුණවත් බැලුවෙ නෑ කියලයි කියන්නේ.

    කොහොම හරි මේ ව්‍යාපාරික තැන වෙනුවෙන් ආණ්ඩුවෙ ඉහළම තැනට ගතු කියලා තියෙන්නේ ආණ්ඩුවේ වගේම පක්ෂෙත් විභුෂණය කරන හෝටල් ව්‍යාපාරික නෝන කෙනෙක් කියලයි ආරංචි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න