#anurakumaradissanayake

  • ජනපති ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක්

    කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

  • ජනපති වතු කම්රුවන් ගේ දුක සැප විමසයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11)  “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන සඳහා සහභාගිවීමට නුවරඑළියට යන අතරතුර එම දිස්ත්‍රික්කයේ වතු කම්කරු ජනතාව ද හමු වී ඔවුන් ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය.

  • ජනපති සමග අයවැය යෝජනා ගැන කතා කරන්න අපටත් අවස්ථාවක් දෙන්න - ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදය

    ලබන වසර සඳහාවූ අයවැය සකස් කිරීමේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවගේ ගැටළු හා ප්‍රශ්න වලට විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට මුදල් ඇමැතිවරයා වන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට ඉඩ ලබා දෙන්නැයි තම සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා එස් අබේසුන්දර ඉල්ලීමක් කළාය.

    කොළඹ 07, විද්‍යා මාවත, විද්‍යා මැඳුරේ අද (15) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇය මෙසේද කීවාය.

     

    අපි රජය කෙරෙහි තැබු ලෙන්ගතු කම එදා මෙන්ම අදටත් එසේමයි..

     රජය කෙරෙහි බලාපොරොත්තු තබාගෙන අපි කාලයක් නිහඩව සිටියා. ව්‍යවසායකත්වය පිළිබද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පිළිබඳව රජය මෙයට වඩා සිතන්නට ඕන.

    රටේ සියයට 75ක ආර්ථික දියුණුවට දායකත්වය සපයන්නේ අප නියෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්. ඔවුන්ගේ නිෂ්පාදන අපනයන තත්ත්වයට ඉහළ නංවා ආර්ථිකය තව දුරටත් ශක්තිමත් කළ යුතුයි. අප අංශයෙන් අපනයනයට දායක වන්නේ සියයට 4.4යි. එය සියයට 10ක් 12ක් කර ගත යුතුයි. ඒ සඳහායි අප වැඩපිළිවෙළක් සකස් කළ යුත්තේ.

     

    ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ උප සභාපති ලක්මාල් පෙරේරා,

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අයට රජයෙන් සහ බැංකු වලින් ණය ලබාදීමේදි සිදු කර තිබෙන ණය වර්ගීකරණය ගැටලු සහගතයි. එම ගැටලු විසඳා ගත යුතුයි.

    ණය ලබා දීමේ වැඩපිළිවෙලවල් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. කර්මාන්ත අමාත්‍යංශය හරහා මිලියන 25 දක්වා ණයක් ලබා ගැනීමට පහසුකමක් සපයා තිබෙනවා.

    මුදල් අමාත්‍යංශය ණය වැඩපිළිවෙලක් හඳුන්වා දි තිබෙනවා. මේ දෙකෙහි යම් යම් ගැටලු මතුවී තිබෙනවා. එය විසඳා ගත යුතුයි.

     

    ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ විධායක සභික ප්‍රදීපා කළුතන්ත්‍රිගේ,

    ඇගළුම් කර්මාන්තවල සේවය කිරීමට විශාල සේවක හිඟයක් තිබෙනවා. රජය වහාම මැදිහත්වී රටේ මානව සම්පත දැනුමෙන් සංවර්ධනය කොට මෙම ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන් යොමු කළ යුතුයි.

    ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ කර්මාන්ත සහ ප්‍රතිපත්ති අංශයේ විධායක සභික රිසාන් රිස්වි.

    එක්සත් ජනපද ඩොලර් බිලියන 13ක සංචිතයක් අප වසර 2028දී ගොඩනගා ගත යුතුයි. ඒ සඳහා විධිමත් නිසි වැඩපිළිවෙලක් ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය දියුණු කිරීමට පියවර ගත යුතුයි.

    ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ විධායක සභික ඒ.එම්.ජේ.එම් ජව්ෆර් මෙහිදි අදහස් දැක්වූහ.

     

    WhatsApp Image 2025 10 15 at 4.59.34 PM

     

     

    (සටහන | ජේ.මුණසිංහ)

  • ජනපති සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) සභාපති අතර හමුවක්

    ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (China Harbour Engineering Company - CHEC) සභාපති BAI YINZHAN ඇතුළු නියෝජිතයින් අතර හමුවක් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

  • ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී අතර හමුවක්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම වැඩසටහනේ පස්වන සහ සයවන සමාලෝචනයන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou ගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායම සමග ජනාධිපති අනුර කුමාර දිසානායක අද (02) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවකට එක්වීය.

  • ජනපති සහ තොරතුරු තාක්ෂණ, විදුලි සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් අතර හමුවක්

    තොරතුරු තාක්ෂණ, විදුලි සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් සහ කර්මාන්තකරුවන් සමග හමුවක්, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

  • ජනපති සහ පොල් සහ ආහාරපාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර හමුවක්

    පොල් සහ ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ පොල් සහ ආහාරපාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.

  • ජනපති, ජල කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කැඳවයි

    පවතින කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ඉදිරියේ දී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය සහ යල කන්නයේ වී වගාව ආරම්භ වීමත් සමග සිදු කළ යුතු ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

  • ජනපති, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡාවක්

    2026 අයවැය ප්‍රතිපාදන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක “තමන්ගේ ම තැනක් - ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

  • ජනපති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ ප්‍රගතිය සොයා බලයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.

  • ජනාධිපති, ඩිජිටල් ආර්ථික පරිවර්තනය උදෙසා සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බලයි

    ඩිජිටල් ආර්ථික පරිවර්තනය උදෙසා 2025 වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට ඊයේ (19) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

  • ජනාධිපතිවරයා උතුරට ගියේ ඇයි...? - Ideas front වීඩියෝවක්

    ජනාධිපතිවරයා මෙවර තෛපොංගල් දිනයේ යාපනයට ගොස් කළ කී දෑ සියල්ල ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදු කළ දෑ බව තමන් අනුමාන කරන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

  • ජවිපෙ සහ මාලිමාව අතර පරතරය නම්...

    මාලිමාව වටා එක් වූ සියල්ලෝ ම ජවිපෙ නොවන බව අප කවුරුත් දන්නා කරුණකි.  එමෙන් ම මාලිමාවේ ඉදිරිපෙළ බහුතරයක් ජවිපෙ බව ද අප දන්නා කරුණකි.

  • ජවිපෙට ජාතික ජන බලවේගය හරහා පක්ෂයේ පැරණි "සංවෘත/ප්‍රතිරෝධී" ස්වභාවය පවත්වාගෙන යා හැකි ද...?

    මාක්ස් පවා මාක්ස්වාදියකු නොවන ලෙස අර්ථ දැක්විය හැකි ආකාරයට වංගිස සුමනසේකර විසින් ලාංකීය වාම දේශපාලන අවකාශය තුළ නිතර කතාබහට ලක්වන, බුද්ධිමය න්‍යාය සහ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය අතර පරතරය ස්පර්ශ කරන අදහස් දැක්වීමක් දක්නට ලැබුණි. කෙසේ වෙතත්, මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් සහ දයලෙක්තික විශ්ලේෂණයකින් බලන කල, එම ඉදිරිපත් කිරීම තුළ ප්‍රධාන න්‍යායික සීමා සහ පැහැදිලි පරස්පර කිහිපයක්‌ හඳුනා ගත හැකි ය.

  • ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කරයි

    මෙරට විශාලතම නා වනය සහ දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවානා කඳුවැටිය සහිත ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීම අවස්ථාවට ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි.

  • ජාතිවාදීන් නොඇසූ - අනුර ගේ යාපනේ කතාව මෙන්න

    ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික සමගිය සහ ආගමික සංහිඳියාව පිළිබඳව යාපනයේ දී කළ ප්‍රකාශයකට විකෘති අර්ථකථන දීමට එරෙහිව සමාජ මාධ්‍ය අවකාශයේ දැඩි විරෝධයක් එල්ල කරමින් පවතී.

  • ඩබල් කැබ් ටෙන්ඩරයේ වංචාවක්..! - හර්ෂ අයවැය විවාදය පටන් ගනිද්දීම ලෙඩේ අදියි

    *මේ හදන්නේ පගා දෙන්න!

    * වහාම මේ ටෙන්ඩර් අහෝසි කරන්න!

  • තමන්ගෙ වැයික්කිය බලන්නැයි ජනපතිගෙන් මන්ත්‍රීන්ට නියෝග

    ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දුන්නේය.

  • ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA): ජාතික ජන බලවේගයට මඟ වැරදී ඇත්ද...?

    ඉතිහාසය යළි යළිත් දක්වා තිබෙන පරිදි, පුරවැසි හැසිරීම් සීමා කරන ආණ්ඩුමය මර්දනකාරී ක්‍රියාමාර්ග දේශපාලන නීත්‍යනුකූලභාවය අඩපණ කර දමා, ආණ්ඩු- විරෝධී හැඟීම් පොළඹවා ලයි.

  • දිවයිනෙන් සමු ගැනීමට පෙර ජූලි චන්ග් ජනපති හමු වෙයි

    මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිදු කළ සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, ජනවාරි 16 වන දින දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව සිටින ජූලි චන්ග්, ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූවා ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න