අනුර තීන්දුවකට සැරසෙයි

අනුර තීන්දුවකට සැරසෙයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි අයුරින් ආණ්ඩුව සහ රට දැනුවත් නොකළ බවට ආණ්ඩුවේ පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමයේ උප ලේකම් සී.ජී. ප්‍රේමචන්ද්‍රගේ අස්සනෙන් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නොවැම්බර් මස 23 වැනිදා සිට අවස්ථා 25කදී මෙම අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදන සහ ප්‍රකාශයන් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළා යනුවෙනි.

විවිධ පාර්ශව පවසන්නේ ආණ්ඩුව මේගැන දැනගෙන නිහඩව සිටි බවය.

මේ සියල්ල අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සියලු කරුණුවලට අදාල තොරතුරු එක්රැස් කරමින් සිටින බවත් සියල්ල ලැබුණු පසු තීරණාත්මක තීන්දු කිහිපයක් ගන්නට නියමිත බවත් පැවසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න