රොහාන් ගුණරත්න දුන් අවවාදය නම් ‘මෝඩයින් බලයට පත් කරන්න එපා’ යන්න ය. ඔහු මෝඩයින් කීවේ කාටද? පාස්කු ප්රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම අනුර කුමාර ආණ්ඩුවේ ප්රධාන පොරොන්දුවක් බව නොදන්නා කෙනෙක් නැත.
අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඒ සඳහා අපේක්ෂිත මුදල මිලියන 424ක් වේ.
වසර 60කට පසු පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් වෙන මෙය 1964 දී ඉදි කර ඇත.
මෙහි නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන අතර බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතව ඇත.
වසර 16 ක නෛතික සටන්, සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සහ කඩ කළ පොරොන්දු වලින් පසුව, ශ්‍රී ලාංකික මාධ්යවේදී ප්රගීත් එක්නැළිගොඩ ගේ අතුරුදහන් වීම තවමත් නොවිසඳී පවතී. එය ශ්‍රී ලංකාවේ මාධ්ය නිදහස සහ මානව හිමිකම් තවමත් පීඩාවට පත් කරන දණ්ඩ මුක්තිය පිළිබඳව තියුණු ලෙස යළි මතක් කර දීමකි.
පොදු පුරවැසියන් එකඟ නොවන නීතියක් කිසිසේත් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බවට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
පාලකයන්ගේ අවශ්යතාවට නීති හදපු සහ ව්යවස්ථා වෙනස් කළ යුගය දැන් අවසන් කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී ඊයේ (17) පැවති ලංකා ගුරු සේවා සංගමයේ ජාතික සමුළුව අමතමිනි.
‘රට නඟන ගුරු පවුර’ යන තේමාවෙන් මෙම සමුළුව පැවැත්විණි.
ගනු ලබන කිසිදු තීන්දුවක්, සම්මත කරනු ලබන කිසිදු පනතක් හෝ ව්යාපෘතියක් තමන්ගේ හෝ ඇමතිවරුන්ගේ පුද්ගලික ප්රතිලාභ අපේක්ෂාවෙන් සිදු නොකරන බවද ජනාධිපතිවරයා කීය.
එකම නිර්ණායකය වන්නේ ජනතා ප්රතිලාභය පමණක් බව සඳහන් කළ ජනාධිපතිවරයා අවිශ්වාස හෝ සැක සහිත තැන් විමසමින් එම තීරණ වෙනුවෙන් පෙනී සිටින ලෙස ගුරුවරුන්ට ඇරියුම් කළේය.
කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්යාවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව කීරි සම්බාට සමාන ප්රභේදයක් වන (GR 11) පොන්නි සම්බා පමණක් ආනයනයට අවසර හිමි වන අතර එක් ආනයනකරුවෙකුට ආනයනය කළ හැකි උපරිම සහල් තොගය වනුයේ සහල් මෙට්රික් ටොන් 52කි.
එමෙන්ම එම සහල් තොගය ආනයනය කිරීමෙන් පසු එළැඹෙන නොවැම්බර් 15 වැනි දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් මුදා හැරිය යුතු බවත් මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් නිවේදනය මගින් සඳහන් කර තිබේ.
කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන මෙම (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය සඳහා රජය සැලසුම් කළ බව පසුගිය 14 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට එක්වෙමින් අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ අනුව පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.
ශුද්ධාසනයේ රාජ්යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ.
78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් පසුගිය මාස කිහිපය ඇතුළත කරන ලද සොයා බැලීම්වලින් බලපත්‍ර නොමැති සහ අනීතික ලෙස බලපත්‍ර ලබා ගත් සුරාසැල් රටපුරා ඇති බව තහවුරු කැගෙන ඇතැයි එම සංවිධානය සඳහන් කරයි.
බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවර පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පැල්මඬුල්ල, බෝපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
එහිදි ඔහු මෙසේද පැවසිය.
“ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ, රාජ්‍ය නායකයා රට නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළුවලට යන්න ඕනෙ. අපි ඔවුන් හිටපු මානසිකත්වයේ නෑ. හැබැයි ජාත්‍යන්තර සමුළුවකට යනකොට, ඒ රාජ්‍ය නායකයො මුණගැහෙනකොට ඒවායින් අපිට ලැබෙන ප්‍රතිඵල ගැනත් කියන්න ඕනෙ.
හොරාට ගිවිසුම් අත්සන් කරලා කඩේ වහලා ඉන්න එපා. දැන් සමහර රටවල් එක්ක ආණ්ඩුව හොර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා කියලා ආණ්ඩුවෙන්ම කියලා තියෙනවා ගිවිසුම දෙන්න බෑ කියලා. දෙන්න බැරිනම් ඒකෙ හංගන්න දෙයක් තියෙනවානෙ ? ඇයි කොලේ වහලා දේශපාලනය කරන්නෙ?
දැන් මේ ආණ්ඩුවට වැඩ බැරිවෙනකොට ආණ්ඩුව උත්සාහ කරනවා අපේ කටවල් වහන්න, හිරගෙවල් පෙන්වන්න, ජීවිතේ නැතිකරන්න. ඒවාට බයේ දේශපාලනය කරන්නෙ නැහැ අපි. බොරු සාක්ෂි හදලා අපිව හිරගෙවල්වල දාන්න උත්සාහ කළත් ඒක සාර්ථක වෙන්නෙ නෑ.
මොකද අපි දන්නවා හෘදසාක්ෂියට එකඟව අපි වැරැද්දක් කරලා නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට අභියෝග කරනවා අපක්ෂපාතීව පරීක්ෂණ කරන්න, අනවශ්‍ය ඇඟිලි ගැසිලි නවත්වන්න, දේශපාලනීකරණය නවත්වන්න.
මේ ආයනවල ව්‍යුහගන්ගේ ගෞරවය, නිලධාරීන්ගේ ගෞරවය කෙළසන්න එපා. මොකද ආණ්ඩුව රෑට නින්දට යනකොට හීනයක් දකිනවා, ඒ හීනෙ දකින කෙනා බලලා පහුවදා නඩුවක් හදනවා. වැඩිපුරම හීනෙන් පේන්නෙ මාවයි තාත්තාවයි. ඒකයි ප්‍රශ්නෙ. අනේ මංදා ඇයි කියලා”
කුඩුකාරයන්ට එරෙහිව ජනාධිපතිවරයා බරපතල අනතුරු ඇගවීමක් කරන අතරවාරයේ රටේ සියලු මාධ්‍යවලටත් ලොකු පණිවුඩයක් දෙයි...
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී ඇති පොලිස් නිලධාරින්ට වහාම එම ජාලයෙන් ඉවත් වන ලෙසට සඳහන් කරන බව ජනපති අනුර කුමාර දිසානායක පැවැසීය.
ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය, පරිසර සංරක්ෂණය ආදී ක්ෂේත්‍රවලට අදාළ ආයතන වියුක්තව ක්‍රියාත්මක වීම දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීමේ දී බාධාවක් බවත්, මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
දිට්වා ව්‍යසනයෙන් පසු දේශය ගොඩනැගීමට සහ ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා විශාල කැපවීමකින් ක්‍රියාකරන අවස්ථාවක වෙනත් කරුණක් කෙරෙහි අවධානය යොමුකිරීමට සිදුවීම පිළිබඳව කණගාටු වන බවත්, එහෙත් හිටපු මැති ඇමතිවරුන් සහ ඔවුන් අතරින් ඇතැමෙකුගේ වැන්දඹුවන් ආදී පන්සියයකට ආසන්න කණ්ඩායමක් වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන් මානුෂීය හැඟීමෙන් ඉල්ලීමක් කිරීමට ඇති බවත් හිටපු කතානායක කරූ ජයසූරිය සදහන් කරයි.
මන්නාරම දිස්ත්රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අද (16) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
තමන්: රටට, ජාතියට ණය නැතැයි වනවාසී රාහුල හිමි පැවසී ය.
ඊයේ පාර්ලිමේන්තුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක කළ කතාවේ දී ඔහු ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඉල්ලීමක් ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළේ ය.
පසුගිය 24වෙනි දා රනිල්ගෙ උපන් දිනේ...
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

