උතුරේ ත්‍රස්තවාදින් සහ දකුණේ ත්‍රස්තවාදින් අතර තිබෙන්නේ සහෝදරාත්මක බැඳීමක් බැවින් උතුරේ ත්‍රස්තවාදින් ගෙන් දකුණේ ත්‍රස්තවාදින්ට ලොකු ගෞරවයක් තිබෙනවා යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.
ජනාධිපතිතුමනි, තම පවුලේ සාමාජිකයන්, ඥාතීන්, හිත මිතුරන් අහිමිව, ගේ දොර පස් කඳුවලට යට වෙලා තිබ්බ තැනක්වත් හොයාගන්න නැති, ඇඳිවත පමණක් හිමි අහිංසක මිනිස්සුන්ව ඔබ බොරුවෙන් තවදුරටත් රවට්ටන්න එපා. එහෙම කරනවා නම් ඒවා අහස පොළොව නුහුලන අපරාධයක්; හෙණ ගහන අපරාදයක්.
*රනිල් පොරොන්දු වුණු දේපොළ බද්ද දාන්න කිව්වාම අනුරට තදවෙයි!
*IMF එකත් එක්ක පළමුවරට අනුර වාදකරයි!
*ආදායම වැඩිකරගන්න විදිහ පෙන්වද්දී IMF එකත් හොල්මන් වෙයි!
පසුගිය සතියේ ''රාජ්‍ය රහස්'' තීරය ඔස්සේ අතිවිශේෂ අනාවරණයක් කරමින් මාලිමා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීරණය කොට ඇති බව අනාවරණ කළෙමු. එම හෙළිදරව්වෙන් පසු දේශපාලන පක්ෂ ඇතුළේත්, ආණ්ඩුව ඇතුළේත් ඡන්ද උණුසුම කෙමෙන් කෙමෙන් වර්ධනය වෙමින් පැවැති ආකාරයක් පසුගිය සතිය වනවිට දැකගන්නට ලැබිණි.

එම අනාවරණයේදී අප ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කළ හේතූන්ද එකින් එක සඳහන් කළෙමු. පිටින් සිට බලන බොහෝ දෙනා ආණ්ඩුව මේ වනවිට ජනප්‍රියත්වයෙන් පහළ වැටී ඇති නිසා හෝ ඉන්දියාවේ බලපෑම නිසා හෝ පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළත් ඇත්ත කතාව එසේ නොවේ.
ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත් තීරණය පසුපස ඇති කතාව සොයාගැනීමට රාජ්‍ය රහස් තීරය පසුගිය සතියේ ආණ්ඩුවේ අභ්‍යන්තරයටම ගොස් කරුණු සොයාබැලීමක නිරත විය. එහිදී අපට අනාවරණ වූයේ කිසිවකුට ඇති බයක් නිසා හෝ ජනප්‍රියත්වයෙන් පහළ වැටී ඇති නිසා හෝ නොව ආණ්ඩුව කිසියම් සැලැස්මකට අනුව මෙම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කොට ඇති බවකි. ඒ අනුව ආණ්ඩුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට සූදානම් වන්නේ ඉතා ශක්තිමත් තුරුම්පු කිහිපයක් අතේ තබාගෙන බව අප කළ සොයාබැලීමේදී අනාවරණය විය.
අප අවස්ථා කීපයකදීම රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණ කළ පරිදි 2026 වසර සඳහා ආණ්ඩුව ලබන නොවැම්බරයේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත්තේ ඉතා ජනප්‍රිය අයවැයකි. නැතහොත් ඡන්ද අයවැයකි. එහිදී අප අනාවරණ කර සිටියේ මෙම අයවැය හරහා ආණ්ඩුව ඉතා ශක්තිමත් බව රටට පෙන්වීම සඳහා ජනතාවාදී තීන්දු තීරණ රැසක් ගැනීමට සැලසුම් කර ඇති බවකි.
බදු සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් අප කියා සිටියේ මෙවර අයවැයෙන් අලුතින් කිසිදු බදු පැනවීමක් සිදු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවකි. අප එම අනාවරණය කරද්දී ආණ්ඩුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සිතාවත් තිබුණේ නැත. නමුත් මේ වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති නිසා තවත් පියවර කිහිපයක් ඉදිරියට තබමින් ජනාධිපතිවරයා අයවැයෙන් අලුතින් බදු නොපැනවීම පමණක් නොව, පළමු වතාවට ජනතාව මත පටවා ඇති බදු අඩුකිරීමේ සැලසුමක සිටින බව ආරංචිය.

ලංකාවේ මාධ්‍ය අතරින් මෙම තොරතුර වාර්තා කරන පළමු මාධ්‍යය වන්නේ ‘මව්රට’ පුවත්පත සහ ‘රාජ්‍ය රහස්’ තීරයය. ඒ අනුව ජනාධිපතිවරයා මෙවර අයවැයෙන් ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු තබා ඇති සුවිශේෂ ක්ෂේත්‍ර කිහිපයක බදු අඩුකිරීමක් සිදුකිරීමට මේ වනවිටත් තීරණය කොට අවසානය. එම බදු අඩුකිරීම ජනතාවගේ ජීවන තත්ත්වයට විශාල වශයෙන් බලපෑමක් කරන විශාල සහනයක් ලැබෙන එකක් බව පමණක් අපට මේ අවස්ථාවේ සඳහන් කිරීමට පුළුවන.
මීට අමතරව අයවැයෙන් තවත් සහන කීපයක්ම ජනතාවට ලබාදීමට ජනාධිපතිවරයා මේ වනවිටත් තීරණය කොට අවසානය. ආණ්ඩුවට එසේ කිරීමට අවශ්‍ය පසුබිම සැකසී ඇත්තේ අනවශ්‍ය වියදම් කපාහරිමින්, දැවැන්ත ආයෝජන සිදු නොකරමින් අතිවිශාල මුදල් කන්දරාවක් මහා භාණ්ඩාගාරයට එකතු කරගැනීමට හැකිවීම නිසාය. ජනාධිපතිවරයාම වරෙක ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ වනවිට ට්‍රිලියන ගණනක මුදලක් භාණ්ඩාගාරය සතුව ඇතැයි කියාය. අපද පසුගිය සතියක විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ප්‍රාග්ධන වියදම් විශාල වශයෙන් සිදු නොකිරීම හරහා සහ වෙනත් කරුණු මත ආණ්ඩුව දැවැන්ත මුදල් කන්දරාවක් ඉතිරිකොට ගෙන ඇති බවත්, ඉදිරි මැතිවරණයක් ඉලක්ක කොටගෙන එම මුදල් වියදම් කිරීමේ සැලසුමකින් සිටින බවත්ය.

මේ අතර, පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප තවත් අතිවිශේෂ අනාවරණයක් කරමින් 6 වැනි සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාව ඉතා උණුසුම් වාදවිවාද සහිත එකක් වූ බව අනාවරණ කර සිටියෙමු. ජනාධිපතිවරයා සහ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙනදාට වඩා දැඩි බවකින් යුතුව ආණ්ඩුවේ මතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට දැනුම්දීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.
එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉදිරිපත් කළ ඇතැම් යෝජනාවන්ට සහ කොන්දේසිවලට පළමු වතාවට ජනාධිපතිවරයා සිය විරෝධය ප්‍රකාශ කරමින් කරුණු පැහැදිලි කිරීම හේතුවෙන් අවස්ථා කීපයකදීම සාකච්ඡාව උණුසුම් වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ජනාධිපතිවරයා එක් අවස්ථාවකදී ඍජුවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඉදිරිපත් කළ කොන්දේසියක් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.
දේපොළ බද්ද අනුරට තද වෙයි
උදාහරණයක් ලෙස සාකච්ඡාවේ එක් අවස්ථාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඉතා දැඩිව කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉකුත් මාර්තු මාසය වනවිට දේපළ බද්ද ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දී තිබුණත් මෙතෙක් එය ඉටුකොට නොමැති බවය. එහිදී දේපළ බද්ද වශයෙන් මූල්‍ය අරමුදල දැනුම්දී තිබුණේ කිසියම් අයකු ඉඩමක් හෝ නිවසක් හෝ වාහනයක් මිලදී ගතහොත් ඊට ප්‍රතිශතයක් වශයෙන් අලුත් බද්දක් අයකිරීමත්, දැනටමත් ඉඩමක්, නිවසක් හෝ වාහනයක් හිමි අයගෙන් තවත් බද්දක් අයකිරීමත්ය.
එම බද්ද ඉකුත් මාර්තු මාසයේ සිට අයකිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රතිඥා දී තිබූ බවක් ඒ වනතුරුත් කිසිවකු දැන සිටියේ නැත. නමුත් මාර්තු වනවිට ඔහු බලයේ නොමැති වුවද අනුර විසින් එම පොරොන්දුව ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය වී තිබිණි.මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ගෙන ආ මෙම යෝජනාවට එරෙහිව ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීමය. ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටියේ කිසිසේත්ම එම යෝජනාව ඉටුකිරීමට නොහැකි බවකි. එමෙන්ම එය අසාධාරණ බද්දක් බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
‘අපිට ඒ බද්ද කිසිසේත්ම මේ වෙලාවේ පනවන්න බෑ. මොකද ඒක අසාධාරණ බද්දක්. මිනිස්සු සල්ලි දීලා ඉඩමක්, ගෙයක්, වාහනයක් ගන්නකොට අපි කොහොමද ඒකට අලුත් ටැක්ස් එකක් ගහන්නේ. දැනටමත් අපේ රටේ ජනතාව ඉඩකඩම්වලට, ගෙවල්වලට ආණ්ඩුවට වරිපනම් ගෙවනවා. එහෙම තියෙද්දී අපිට ඒවටම තවත් ටැක්ස් එකක් ගහන්න බෑ…’ යනුවෙන් ජනාධිපතිවරයා දැඩිව කියද්දී මූල්‍ය අරමුදලේ නිලධාරීන්ද සිය ස්ථාවරයේ සිටිමින් ජනාධිපතිවරයා සමග තර්ක කරන ආකාරයක් දැකගත හැකි විය.

‘අපිට ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහද, අනුර කුමාර දිසානායකද කියන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි ගිවිසුම්ගත වුණේ ලංකාවේ ආණ්ඩුවත් එක්ක. එදා හිටපු ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශය තමයි මුදල් හොයාගන්න මේ දේපළ බද්ද ක්‍රියාත්මක කරනවා කියලා අපිට පොරොන්දු වුණේ. ඒක පසුගිය මාර්තු මාසයේ කරනවා කියලයි කිව්වේ. ඉතින් ඒ කොන්දේසිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ලබන වසර සඳහා ඉදිරිපත් කරන අයවැයේදී මේ කොන්දේසිය අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රියාත්මක වෙන්න ඕනේ…….’ යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් දැඩිව කියද්දී අනුර පළමු වතාවට දේශපාලන කරුණක් ඉස්මතු කරමින් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ගෙනා යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.
‘අපිට මෙතැනදී එකඟ වෙන්න පුළුවන් කොන්දේසි තියෙනවා. එකඟ වෙන්න බැරි කොන්දේසි තියෙනවා. කරන්න පුළුවන් කියලා හිතෙන දේවල්වලට අපිට එකඟ වෙන්න පුළුවන්. හැබැයි කරන්න බැරි දේවල්වලට අපිට එකඟ වෙන්න බෑ. මොකද, අපි මේ මහපොළොවේ දේශපාලනය කරන්න ඕනේ. මහපොළොවේ යථාර්ථය තේරුම් ගන්නත් ඕනේ. මේ වගේ බද්දක් දානවා කියන එක මහපොළොවේ යථාර්ථය නෙවෙයි. ඒක හින්දා මේක අපිට කරන්න බෑ. ඒ නිසා ඔබතුමාලා ගේන මේ යෝජනාවට මම කිසිසේත්ම එකඟ නෑ. නමුත් මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මේ රටේ මහපොළොවේ යථාර්ථය එක්ක අපිට දේශපාලනය කරන්න පුළුවන් වෙලාවක මේ යෝජනාව ගැන සාකච්ඡා කරන්න අපි සූදානම්. හැබැයි මේ ඒකට වෙලාව නෙවෙයි…’ යනුවෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවරය දැඩිව පැහැදිලි කරද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද දැඩි ස්ථාවරයක සිටිමින් එසේ නම් ආණ්ඩුව මෙම බද්ද ප්‍රතික්ෂේප කිරීම හරහා අහිමි වන මුදල සොයාගන්නා ආකාරය පිළිබඳ ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඊටද ජනාධිපතිවරයා අදාළ බද්ද නොපැනවීමෙන් අහිමි වන ආදායම සොයාගන්නා ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි විස්තරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට ඉදිරිපත් කළේය.
මෙන්න සල්ලි හොයන හැටි
‘අපි ඒකට දැනටමත් ක්‍රමවේදයක් සකස් කරලයි තියෙන්නේ. ඔබතුමාලා දැනටමත් අපිට නිර්නායකයක් ලබාදීලා තියෙනවා ලබන අවුරුද්ද වෙද්දී දළ දේශීය නිෂ්පාදිතය 15%ක මට්ටමට ගේන්න ඕනේ කියලා. හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුව භාරගනිද්දී දළ දේශීය නිෂ්පාදිතය තිබ්බේ 8%ට. අපි ආණ්ඩුව භාරගනිද්දී ඒක 13% දක්වා ඉහළට ඇවිත් තිබුණා. අපි මේ වෙද්දී පැහැදිලිවම සැලසුම් හදලා ඉවරයි ලබන වසර වෙනකොට ඔබතුමාලා අපිට ලබාදුන්නු 15%ක ඉලක්කය ඉක්මවා යමින් 16% දක්වා දළ දේශීය නිෂ්පාදිතය ඉහළට අරන් එන්න. අපි ඒකට අවශ්‍ය සියලු සැලසුම් මේ වනවිට සකස් කරලයි තියෙන්නේ. ඒ ගැන කිසිම සැකයක් සහ ප්‍රශ්නයක් තියාගන්න එපා…’ යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් වී ගිය ආකාරයක් දැකගත හැකි විය.
ඔවුන් මෙතෙක් සිටි දැඩි ස්ථාවරය වහාම වෙනස් කරමින් ජනාධිපතිවරයාට ඉතා සුබවාදී ප්‍රතිචාරයක් පළකළ ආකාරයක්ද දැකගත හැකි විය. මාධ්‍යයක් වශයෙන් මේ තොරතුර පළමු වතාවට රටට හෙළිකිරීමට කටයුතු කරන්නේද ‘මව්රට’ පුවත්පත සහ ‘රාජ්‍ය රහස්’ තීරයය. ඒ අනුව ජනාධිපතිවරයා කළ මෙම ප්‍රකාශයත් සමග කවුරුත් නොදැන සිටි තවත් අතිවිශේෂ කාරණාවක්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීහු ජනාධිපතිවරයාට දැනුම් දී සිටියහ.
‘ඒ වගේ තැනකට ඔබතුමාට මේ රට අරන් යන්න පුළුවන් නම් ඒකෙන් මේ රටට කවුරුත් නොදන්නා ලොකු සහනයක් ලැබෙනවා. මොකද එවැනි සංවර්ධනයක් ළඟ කරගත හැකි නම් ඔබතුමාලට ණය ආපසු ගෙවීමේදී ලොකු සහනයක් හිමි වෙනවා. ඔබතුමාලා දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවන්න නංවන්න ඩොලර් මිලියන ගණනකින් ණය කපාහැරීමක් සිදුවෙනවා. ඒ අනුව 16%ක ඉලක්කයකට ගියොත් ඩොලර් මිලියන ගණනක ණය කපා හැරේවි…’ යනුවෙන් කියමින් කිසිවකුත් දැන නොසිටි රහසක් මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.
ඇත්තම කියනමා නම් අපද එම තොරතුර වාර්තා වන තෙක් එවැන්නක් සිදුවන බව දැන සිටියේ නැත. විපක්ෂයේ බොහෝ දෙනා මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින්නේ 2028 වසරේ සිට ලංකාව නැවත වතාවක් විදේශ ණය පොලිය ගෙවීමේ කටයුතු ආරම්භ කළ යුතු නිසා පවතින ආර්ථික වර්ධන වේගය හමුවේ එවැන්නක් සිදුකිරීම දැඩි අසීරු තත්ත්වයක් බවටය. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ රට නැවත වතාවක් 2028දී බංකොලොත් වීමේ අනතුරක් මතුවෙමින් පවතින බවකි. නමුත් මේ ආකාරයට දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවාගතහොත් විදේශ ණය ඩොලර් මිලියන ගණනින් කපාහැරීමට නියමිත බව කිසිවකුත් දැන සිටියේ නැත. ඒ අනුව එම තත්ත්වය 2028 වසරේදී ණය ගෙවීම ආරම්භ කිරීමේදී විශාල රුකුලක් වනු ඇති බව නොඅනුමානය. ඒ අනුව එයින් ද පැහැදිලි වන යම් ඉඟියක් වන්නේ ලබන වසරේ අයවැය ස්ථිරවම මැතිවරණ අයවැයක් බවට පත්වනු ඇති බවය.

අනුර භයානක ඉසව්වකට
ආණ්ඩුව හදිසියේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගැසීමට සැලසුම් කර සිටින ඊළඟ ලොකුම තුරුම්පුව වන්නේ කුඩු ඇල්ලීමේ තුරුම්පුවය. කිසිවකුත් දැන නොසිටියද රටෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මේ මෙහෙයුමට ජනාධිපතිවරයා මේ වනවිට සිටින්නේ සිය සම්පූර්ණ අවධානය යොමුකොටය. මෙහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වන්නේ වෙනත් කිසිම ආණ්ඩුවක් හෝ වෙනත් කිසිම ජනාධිපතිවරයකු සිදු නොකළ ආකාරයට ජනාධිපතිවරයා මෙම කුඩු තුරන් කිරීමේ මෙහෙයුමට නායකත්වය ලබාදී තිබීමය.
ඕනෑම කෙනකු දන්නා කාරණාවක් වන්නේ මේ රටේ සිටි ජනාධිපතිවරුන් සියලු දෙනාම පාහේ යම් යම් රාජකාරීන් ඉටුකිරීමේදී ඒවාට විශාල නායකත්වයක්, දායකත්වයක් ලබාදී ඇති ආකාරයය. උදාහරණයක් වශයෙන් රටේ ආර්ථිකය ගොඩනගන අවස්ථාවලදී කිසිදු තර්කයකින් තොරව ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ වැන්නවුන් ඒ ඒ කාලවකවානුවලදී විශාල දායකත්වයක් ලබාදුන්හ. යුද්ධය අවසන් කිරීමේදී ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ දැවැන්ත දේශපාලන නායකත්වයක් ලබාදුන්නේය.

නමුත් මෙවර මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන සටනේ පැහැදිලි වෙනසක් ජනතාවට දැකගැනීමට පුළුවන. මෙහි කැපීපෙනෙන සිදුවීම වන්නේ මාධ්‍ය ඉදිරියට පැමිණ මහ ඉහළින් වොයිස් කට් දෙන දේශපාලනඥයන් හෝ පොලිස් නිලධාරීන් දක්නට නොමැති වීමය. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම රටෙන් තුරන් කිරීම සඳහා කිසිවකුත් නොසිතන දැවැන්ත මෙහෙයුමක් මේ වනවිටත් වත්මන් ජනාධිපතිවරයා විසින් තිරය පිටුපස දියත් කොට අවසානය.

රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇති ආකාරයට මෙම මෙහෙයුම ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා ඉතා බරපතළ ප්‍රකාශයක්ද සිදුකොට තිබේ. එහිදී අදාළ වගකිව යුතු අංශවලට නියෝග විධිවිධාන නිකුත් කරමින් ජනාධිපතිවරයා දැඩි වගකීමකින් යුතුව ප්‍රකාශ කොට ඇත්තේ, ‘මට කවුරු නැති වුණත් මොන ප්‍රතිවිපාක ආවත් මම මේ තීන්දුව ගන්නවා. මම ආයේ ආපස්සට හැරෙන්නේ නෑ…’ යැයි කියාය.
මීට අමතරව වරාය සමග ගනුදෙනු කරන දැවැන්ත ව්‍යාපාර කරන පිරිස් හට බිමල්ගෙන් බලපෑම් එල්ල වෙමින් පැවැති බවටත්, වරාය සහ රේගුව අතර ප්‍රශ්න මතුවෙමින් පැවැති බවටත්, බිමල් සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් අතර ප්‍රශ්න මතුවෙමින් පැවැති බවටත් විවිධ පිරිස් ඊට හේතු පාඨ සපයමින් ප්‍රකාශ සිදුකර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් ඒ සියල්ල නිල ප්‍රකාශ නොව, නිල නොවන ප්‍රකාශයන්ය. ඒ කොයිහැටි වෙතත් කැබිනට් සංශෝධනයෙන් අනතුරුව බිමල් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙය ආණ්ඩුව ඇතුළේ මාස කීපයක් පුරා සාකච්ඡා කොට සියලු දෙනාගේම එකඟතාව අනුව සිදුකළ කැබිනට් සංශෝධනයක් යැයි කියාය.
කෙසේ වෙතත් මෙවැනි ආකාරයේ කැබිනට් සංශෝධනයක් සිදුකළ යුතු බව රට හමුවේ පළමු වතාවට ප්‍රකාශ කළේ වෙන කවුරුවත් නොව බිමල්මය. පළාත් පාලන මැතිවරණයෙන් පසු රාජ්‍ය මාධ්‍යයක් වන ස්වාධීන රූපවාහිනියට පැමිණි බිමල් එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉතා ඉක්මනින්ම අමාත්‍ය මංණ්ඩල සංශෝධනයක් සිදුවිය යුතු යැයි කියාය. එහිදී බොහෝ ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් විය හැකි බව කී බිමල්, තමාගේ අමාත්‍යාංශයද වෙනස් විය හැකි බව සඳහන් කර සිටියේය. එහිදී විශේෂ වචනයක් භාවිත කිරීමටද බිමල් කටයුතු කළේය. බිමල් කියා සිටියේ ආණ්ඩුවේ එන්ජිමද වෙනස් කළ යුතුව ඇතැයි කියාය. ඒ හරහා නොකියා කියූ කතාව වූයේ අගමැති ධුරයේද වෙනසක් සිදුවීමේ ඉඩකඩක් පවතින බවකි.
නමුත් බිමල්ද නොසිතූ ලෙස ඔහු කළ ප්‍රකාශයට ඊට සතියකට පමණ පසු ආණ්ඩුව ඇතුළෙන්ම ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය. ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන සුනිල් හඳුන්නෙත්ති පෞද්ගලික නාලිකාවකට පැමිණ ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රසිද්ධියේම කියා සිටියේ මේ මොහොතේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවකි. සියලු ඇමැතිවරුන් තමන්ගේ වගකීම නිසි අයුරින් කරමින් සිටින බවද හඳුන්නෙත්ති එහිදී කියා සිටියේය. මීට අමතරව කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිසිසේත්ම සිදු නොවන බවකි. මෙම ප්‍රකාශයන් දෙකම බිමල් කළ ප්‍රකාශයට ඍජුවම ප්‍රතිචාර දැක්වීමක් බව පැහැදිලිවම දැකගන්නට තිබිණි.
කෙසේ වෙතත් එම සිදුවීම සිදුවී මාස ගණනාවකට පසු කිසිවකුත් කතා නොකරන මොහොතක ජනාධිපතිවරයා හදිසියේම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරමින් බිමල් යටතේ තිබූ වරාය කොටස ඔහුගෙන් ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමකි. ඒ අනුව ඊට පෙර බිමල් ආණ්ඩුවේ එන්ජිම වෙනස් විය යුතු බවටත්, තමන් ඇතුළු ඇමැතිවරුන්ගේ වගකීම් වෙනස් වන බවටත් ප්‍රකාශයක් සිදුකර තිබුණද අවසානයේදී වෙනස් වී තිබුණේ බිමල්ගේ අමාත්‍යාංශය පමණක් වීමද විශේෂ සිදුවීමකි. ඒ අනුව විවිධ පිරිස් බිමල් ඉලක්ක කරමින් විවිධ ප්‍රකාශ සිදුකර තිබූ අතර, ඊට විවිධ අර්ථකථන ලබාදීමට පියවර ගෙන තිබූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
බිමල් කෝ?
කෙසේ වෙතත් රාජ්‍ය රහස් කියවන පාඨකයන්ට මේ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ලබාදිය යුතු නිසා අප වෙනස් ආකාරයකින් බිමල්ගේ මේ සිදුවීම පිළිබඳ තොරතුරු සොයා බැලීමට කටයුතු කළෙමු. එහිදී අපට මෙම සිදුවීම පසුපස ඇති ගැටලුසහගත තැන් රැසක්ම සොයාගත හැකි විය. උදාහරණයක් ලෙස බිමල්ගෙන් වරාය කොටස ඉවත් කොට නාගරික සංවර්ධන අධිකාරියට භාරදී තිබුණද එහි වැඩ බාර ගැනීමෙන් අනතුරුව බිමල් ප්‍රසිද්ධියේ කාටවත් දැකගන්නට ලැබුණේ නැත. දිවුරුම් දී පැය ගණනකට පසු බිමල් හදිසියේම විදෙස්ගත වීම පුදුමසහගත සහ ගුප්ත සිදුවීමක් බවට පත්ව තිබිණි. ඒ සම්බන්ධයෙන් විවිධ සොයාබැලීම් සිදුකළද බිමල් ගිය රටක් සොයාගැනීමට අපට නොහැකි විය. එමෙන්ම අමාත්‍යාංශය පැත්තෙන් සොයා බලද්දී අපට දැකගන්නට ලැබුණේ බිමල් විදේශගත වී සිටින බවත්, අමාත්‍යාංශ රාජකාරිවලට වාර්තා කර නොමැති බවත්ය.
සාමාන්‍යයෙන් බිමල්ගේ ෆේස්බුක් ගිණුමේ නිතරම ඔහුගේ වැඩ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් යාවත්කාලීන වීමක් වන නිසා ඊට පිවිස බැලුවද අපට එහි අලුත් යාවත්කාලීන කිරීම් කිසිවක් දැකගන්නට ලැබුණේ නැත. එහි අවසන් වරට දක්නට ලැබුණේ ඉකුත් ඔක්තෝබර් 09 වැනිදා මෙට්‍රෝ බස් ආයතනය ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට බිමල් සහභාගි වී සිටි එකකි. ඊට පෙර 07 වැනිදා සහ 06 වැනිදාද බිමල් සහභාගි වූ උත්සව දෙකක තොරතුරු එහි සඳහන්ව තිබිණි. නමුත් ඉන් අනතුරුව එහි යාවත්කාලීන වීමක් දැකගන්නට ලැබුණේ නැත.
ඉන් අනතුරුව අප නාගරික සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියටද පිවිස ඒ පිළිබඳ සොයාබැලීමක් සිදුකළෙමු. එහි බිමල් නව අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමේ කිසිදු ඡායාරූපයක් දැකගන්නට ලැබුණේ ද නැත. බිමල්ගේ නම පමණක් එහි සඳහන්ව තිබුණු නමුත් අඩුම තරමින් බිමල්ගේ ඡායාරූපය හෝ එහි පළකොට නොතිබිණි.
මීට අමතරව මේ දිනවල බාබඩෝස්හි පොදුරාජ්‍ය මණ්ඩල සැසිවාරය පැවැත්වීම හේතුවෙන් බිමල් ඊට සහභාගි වී ඇද්ද යන්න පිළිබඳවද අපි සොයාබැලීමක නිරත වීමු. එහිදී දැනගන්නට ලැබුණේ බිමල් ඊටද සහභාගි වී නොසිටි බවකි.
කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු ලොකුම අර්බුදය වූයේ බිමල්ගේ පත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය ලාල්කාන්තගෙන් ප්‍රශ්න කරද්දී ලාල්කාන්ත ඊට ලබාදුන් පිළිතුරය. සාමාන්‍යයෙන් ලාල්කාන්ත සැලකෙන්නේ ජවිපෙ දේශපාලන මණ්ඩලය ඇතුළේ සිටින ප්‍රධාන නායකයන් පස්දෙනාගෙන් එක් අයකු ලෙසටය. ජවිපෙ ඇතුළේ හෝ ආණ්ඩුව ඇතුළේ යම්කිසි වෙනසක් සිදුවන්නේද, යම්කිසි විශේෂ සාකච්ඡාවක් සිදුවන්නේද ලාල්කාන්තට හොරෙන් එවැන්නක් සිදුවිය නොහැක. කෙසේ වෙතත් පක්ෂය ඇතුළේ මාස කීපයක සාකච්ඡාවකින් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ බව බිමල් කියා සිටියද, ලාල්කාන්ත කියා සිටියේ එවන් සාකච්ඡාවක් පිළිබඳ කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවකි. ලාල්ගේ මෙම කතාවෙන් බිමල්ගේ වරාය ඇමැතිකම ඉවත් කිරීම පක්ෂය ඇතුළේ සාකච්ඡා කොට ගත් එකක් නොවන බව පැහැදිලිය. ඒ කැබිනට් මාරුව හරහා එළියට පැන්නේ ආණ්ඩුව ඇතුළේ පවතින යම් අර්බුදයක පිළිබිඹුවක් බව බොහෝ දෙනාගේ අදහසය. එමෙන්ම කැබිනට් මාරුවෙන් පසු බිමල්ගේ අතුරුදන් වීමද ප්‍රශ්නසහගතය. කෙසේ වෙතත් ලබන සතියේ පාර්ලිමේන්තු සතිය ආරම්භ වීමට නියමිත බැවින් බොහෝ දෙනා බිමල්ගේ හැසිරීම දෙස දැඩි අවධානයෙන් යුතුව බලා සිටිනවා නොඅනුමානය.
සජබ-එජාප එකතුව
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මතුවූ සිදුවීම් පෙළ හරහා බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ සජබය සහ එජාපය අතර එකමුතුවක් ගොඩනැගෙනු ඇතැයි කියාය. ඒ සඳහා සජබයෙන් අවංක උත්සාහයක් දැරුණු අතර, අවසන් වරට පැවැති සජබ කළමනාකරණ රැස්වීමේදී සහ සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේ ඊට තවත් පියවරක් ඉදිරියට තබමිනි. නමුත් එහිදී ඉදිරිපත් කෙරුණු එකම කොන්දේසිය වූයේ සජබය විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වීම නිසා සජබ නායකත්වයෙන්, මූලිකත්වයෙන් සහ ප්‍රධානත්වයෙන් එම එකතුව සිදුවිය යුතු යැයි කියාය.
එය සාධාරණ ඉල්ලීමක් බව ඕනෑම අයකුට පෙනී යන්නේ එජාපය රනිල්ගේ නායකත්වය යටතේ මේ වනවිට පත්ව ඇති තත්ත්වය දෙස බලන විටය. මෙවර පාර්ලිමේන්තුවේදී එජාපයෙන් කිසිදු නියෝජනයක් නොමැති අතර එජාපය මහමැතිවරණයට ඉදිරිපත් වූයේද සිලින්ඩරය ලකුණෙන් යුතුවය. 2020 පාර්ලිමේන්තුවේදී එජාපයට හිමිවූයේ එකම එක ජාතික ලැයිස්තුවක් පමණි. ලැබුණු ඡන්ද ප්‍රමාණය වූයේ ලක්ෂ දෙකහමාරක් පමණි. නමුත් දේශපාලනය පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා ඔළමොට්ටලයන් කිහිප දෙනකු මෝඩ තර්ක ඉදිරිපත් කරමින් කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණයේදී සජිත් හා රනිල් ගත් ඡන්ද ප්‍රමාණයන් එකතු කළ විට සජබයට දිනන්නට තිබුණා යැයි කියාය.
නමුත් මොවුන් අමතක කරන කරුණ වන්නේ රනිල්ට ජනාධිපතිවරණයේදී බහුතරයක්ම ලැබුණේ එජාප ඡන්ද නොව පොහොට්ටුවේ ඡන්ද යන කාරණාවය. සජබ ඡන්දද රනිල්ට ගියේ නැත. නාමල් ජනාධිපතිවරණයේදී ලක්ෂ දෙකහමාරට පොහොට්ටු ඡන්ද අඩු කරගත්තද එය මාස 5ක් ඇතුළත ලක්ෂ 10 දක්වා පළාත් පාලන මැතිවරණයේදී ඉහළ නංවා ගැනීමට නාමල්ට හැකියාව ලැබිණි. එහි තේරුම වන්නේ රනිල්ට ගිය පොහොට්ටු ඡන්ද නැවත පොහොට්ටුවට ලබාගැනීමට නාමල්ට හැකිවී ඇති බවකි. බොහෝ දුරට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී නාමල් මෙම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 15-16 දක්වා ඉහළ නංවාගනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය. එහි තේරුමද රනිල්ට ගිය පොහොට්ටු ඡන්ද සියල්ලම පොහොට්ටුවට ලබාගැනීමට නාමල්ට හැකිවනු ඇති බවය.
ඒ අනුව දැන් රනිල් සිටින්නේ 2020 මහ ඡන්දයෙන් ගත් ලක්ෂ දෙකහමාරක ඡන්ද ප්‍රමාණයට නැවතත් වැටීය. වරක් රටේ ජනාධිපති බවට පත්වූ රනිල් මේ වනවිට මුහුණදී ඇත්තේ එවැනි ඉරණමකටය.
නමුත් සජබයේ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්ය. සජබය පසුගිය ජනාධිපතිවරණයේදී ගත් ඡන්ද සංඛ්‍යාව මහ මැතිවරණයේදීද ආරක්ෂා කරගන්නට සමත් විය. පළාත් පාලන මැතිවරණයේදීත් මෙම ඡන්ද පදනම ආරක්ෂා කරගැනීමට සජබයට හැකි විය. මේ වනවිට සජබය ගම් මට්ටමින් පවත්වන සමුපකාර ඡන්දවලින් දිගින් දිගටම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. ඇතැම් ස්ථානවල තනිවම මෙම ජයග්‍රහණ ලැබීමට සජබය සමත්ව ඇති අතර, ඇතැම් ස්ථානවල විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග එක්ව ජයග්‍රහණය කිරීමට සජබය සමත්ව ඇත.
ජනාධිපතිවරණයට පෙර මාලිමාවද මේ ආකාරයෙන් ගම් මට්ටමේ සමුපාකාර එක දිගට ජයග්‍රහණ කළ අතර, ඒ අවස්ථාවේදී අනුර ප්‍රසිද්ධියේම කියා සිටියේ ගමේ ජයග්‍රාහී සමුපකාර ඡන්ද රැල්ලෙන් රටේ ජයග්‍රාහී ඡන්ද රැල්ල හඳුනාගත හැකි යැයි කියාය. ඒ අනුව මේ වනවිට සජබයද ගමේ සමුපකාර ඡන්ද එක දිගට ජයග්‍රහණය කරමින් ජයග්‍රාහී රැල්ලක් ආරම්භ කර තිබේ. නමුත් මේ සමුපකාර ඡන්දවල ඉහළින් සජබය සහ පොහොට්ටුවේ නම කියැවුණද ඒ කිසිදු තැනක එජාපයේ නමක් සඳහන් වන්නේ නැත. ඒ තරමටම ගමේ එජාපය දියවී ගොස් හමාරය.
අනෙක රනිල්ට දැන් වයස අවුරුදු 77කි. රනිල්ගේ නායකත්වය යටතේ හෝ සම නායකත්වය යටතේ හෝ ආණ්ඩු අල්ලන්න සන්ධාන හදන්න කවුරු හෝ කතා කරනවා නම් එය වසරේ හොඳම විහිළුව ලෙස සැලකිය හැකිය. මේ සියලු කරුණු දෙස බලන විට සජබය සහ එජාපය එකතුවේදී එහි මූලිකත්වය හිමිවිය යුතු වන්නේ සජබයටය. එජාප පාක්ෂිකයොත් මේ වනවිට සඳහන් කරන්නේ සජිත්ට අවශ්‍ය වේලාවේදී එජාප නායකත්වය ලබාදීමට රනිල් කටයුතු නොකිරීමෙන් එජාපය දෙකට කැඩුණු බවය. එජාපය දිගින් දිගටම පරාජයට පත්වී එකදු මන්ත්‍රීවරයකුවත් පාර්ලිමේන්තුවට පත්විය නොහැකි තැනට පත්වූ බවය. දැන් හෝ සජිත්ට නායකත්වය ලබාදී මේ පක්ෂ දෙක එකතු කළ යුතු බව එජාප පාක්ෂිකයන්ගේ ද ස්ථාවරයය.
මේ මතය එජාප පාක්ෂිකයන් තුළ ගොනුවූයේ රනිල් අත්අඩංගුවට ගැනීමෙන් පසු සජිත් ඔහු නිදහස් කරගැනීම වෙනුවෙන් අවංකව පෙනීසිටීමෙන් පසුවය. නමුත් රනිල් රෝහලේ ඇඳෙන් නැගිට්ට මොහොතේ සිට කළේ ඇතිවීමට තිබූ සජබ-එජාප එකතුව කඩාබිඳ දැමීමට කුමන්ත්‍රණ කිරීමය. සිය පවුලේ පත්තරවලින් බොරු පුවත් පළකරමින් සජිත් හිරේ යන බවටත්, සජිත් මුදල් අවභාවිත කර ඇති බවටත්, සජිත් අත්අඩංගුවට ගන්නා බවටත් කියමින් තමන්ට සමීප නිවුස් ප්ලාන්ට් කල්ලියත්, තම පවුලට අයත් පත්තරවලත් බොරු පුවත් මැවීමය.




පොඩි එකාට වයස තවම අවුරුදු නවය යි; ඉන්නෙ හතරෙ පංතියෙ.
*පාස්කු ප්‍රහාරයට බබා හුකුම් පාට් දාපු ජනාධිපතිතුමා තාජුඩීන් ඝාතනයටත් බබා හුකුම් පාට් දානවා!
*B වාර්තාව වැරදි විදිහට ලියපු අයට මේ ආණ්ඩුව තනතුරු දීලා!
*සිද්ධිය වුණු වෙලාවේ දුරකතන සංවාද වාර්තාව හංගපු අය මේ ආණ්ඩුවේ උපදේශකවරු වෙලා!
*රාජපක්ෂලා එක්ක හිටපු විශාල පිරිසක් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා!
තාජුඩීන්ගේ බී වාර්තාව වැරදියට ලියපු අය පවා මේ ආණ්ඩුවේ සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
හෙතෙම මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
තාජුදීන්ගේ ඝාතනය සිදු වූ දින අරලියගහ මන්දිරය සහ නාරාහෙන්පිට පොලිසිය අතර කෙරුණු දුරකථන සංවාද හතළිහකට අදාල වාර්තාව දුරකතන සමාගමක ප්‍රධානීන් හැංගූ බව කී මුජිබර් මන්ත්‍රීවරයා, එදා පාලකයන්ට හිතවත්ව සිටි ඒ දුරකථන සමාගම් ලොක්කන් දැන් ජනාධිපතිවරයාට සමීපව සිටින බව ද ප්‍රකාශ කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව විශ්වාසභංග යෝජනාවක්වත් ගේන්නවත් මේ ආණ්ඩුව ඉඩ නොදෙන බව රහුමාන් කියා සිටියේය.
ඔහු තවදුරටත් මෙසේද පැවසිය.
'' රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය ආණ්ඩුව අලුත් තැනකට ගෙනැවිත් තිබෙනවා. වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ වගේම වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් බී වාර්තාව වැරදි ආකාරයට ලියපු පිරිස් ආණ්ඩුවේ සිටිනවා. වසීම් තාජුඩීන්ගේ ඝාතනය සිදුවුණ දිනයේ අරලියගහ මන්දිරය සහ නාරාහෙන්පිට පොලිසිය අතර සිදුවුණ දුරකථන සංවාද 40 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒ වාර්තා අදාල දුරකතන සමාගමේ ප්‍රධානින් සඟවා තිබෙනවා.
එම දුරකථන සමාගම වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සිදුවන විට පාලනයේ සිටි පාලකයන්ගේ හිතවත් පිරිසක්. ඔවුන් අද අනුර දිසානායක ජනාධිපතිවරයාගේ උපදේශකවරු ලෙස පත්වී සිටිනවා.
වසීම් තාජුඩීන්
කෙසේ නමුත් මේ ආකාරයට වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සෙවීම් ප්‍රශ්නයක්.
ඒ වගේම රාජපක්ෂවරුගේ පාලන කාලය තුළ සිටි විශාල පිරිසක් වර්තමාන ආණ්ඩුව තුළ සිටිනවා. ඔවුන්ගේ බලපෑම්වලට ආණ්ඩුව යටත්ව සිටිනවාදැයි ද සැකයක් මතුවෙනවා.''
තාජුඩීන් ඝාතනයේ අඳුරු සෙවණැලිවලට පිළිතුරු දිය යුතුයි
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක තනතුරට පත් කිරීමට කටයුතු කරද්දී ඊට එරෙහිව විපක්ශය විරෝධතා ප්‍රකාශ කලත්, එහිදී ආණ්ඩුවේ බලධාරීන් ඔහුගේ වෘත්තීමය පලපුරුද්ද සහ දක්ෂතා ඉහලින්ම අවධාරණය කළේය. මේවනවිට ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විස්වාසවන්තම සගයකුව සිටියි.

2024 දෙසැම්බර් 4 වන දින පාර්ලිමේන්තුව අමතමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන්, ජනාධිපතිවරයා ඉටු කරන බවට පොරොන්දු වූ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියටම බාධා කළ බවට චෝදනා ලබන පුද්ගලයෙකු ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින්, නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විශ්වසනීයත්වය දැඩි ලෙස ප්‍රශ්න කළේය.
ඝාතනය සහ යට ගැසූ සත්‍යය
2012 මැයි 17 වන දින අලුයම 1:00 ට පමණ, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ 28 හැවිරිදි රගර් නායක වසීම් තාජුඩීන්, කොළඹ නාරාහේන්පිට, පාක් පාරේ ශාලිකා ක්‍රීඩාංගණය අසල ගිනිගෙන දැවෙන මෝටර් රථයක තිබී මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.
පොලිසිය ක්ෂණිකව මෙය රිය අනතුරක් ලෙස වර්ගීකරණය කළේය . බීමතින් රිය පැදවීම නිසා ඇති වූ අනතුරකින් මෝටර් රථය ගිනිගෙන ඇති බව ඔවුන්ගේ නිගමනය විය.
එවකට අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකරද මෙම කතාව තහවුරු කළේය.

එහෙත්, 2015 දී ඔහුගේ සිරුර ගොඩ ගැනීමත් සමඟ මෙම නිල කතාව බිඳ වැටෙන්නට විය. රිය අනතුරකින් සිදු නොවන, පහරදීමකින් සිදු වූ බරපතල තුවාල පිළිබඳ සාක්ෂි එහිදී හෙළි විය. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට 2019 ජුනි මාසයේදී, දණ්ඩ නීති සංග්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ සාක්ෂි වසන් කිරීම සහ ගෙතීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කරමින්, මෙම ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දුන් පළමු විත්තිකරු බවට පත් විය. ආචාර්ය ආනන්ද සමරසේකරට ද මරණ පරීක්ෂණයේදී සාක්ෂි විකෘති කිරීමේ චෝදනාව එල්ල විය.
ඉහත කී දෙදෙනාම දැන් ජීවතුන් අතර නැත.

අතුරුදන් වූ දුරකථන වාර්තා
පරීක්ෂණවල ප්‍රගතිය රඳා පැවතියේ ප්‍රධාන සැකකරුවන්ගේ දුරකථන වාර්තා ලබා ගැනීම මතය. පාර්ලිමේන්තු මන්ත්‍රී රහුමාන්ගේ ප්‍රකාශයට අනුව, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී අනුර සේනානායක සහ තවත් අය විසින් ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳ දත්ත ලබා දීම ඩයලොග් සමාගම ප්‍රතික්ෂේප කිරීම නිසා යහපාලන ආණ්ඩුව සමයේ සිදු කළ පරීක්ෂණ ඇනහිටියේය.
එවකට ආචාර්ය හාන්ස් විජයසූරියගේ නායකත්වය යටතේ පැවති ඩයලොග් ආසියාටා සමාගම මෙම මතභේදයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය. ඩයලොග් ආසියාටා සමාගම අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ගොනු කරමින් කියා සිටියේ, තාක්ෂණික සහ ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් දුරකථන වාර්තා ලබා දීමට නොහැකි බවත්, සාමාන්‍යයෙන් තම සමාගම දුරකථන ඇමතුම් වාර්තා තබා ගන්නේ මාස තුනක කාලයක් පමණක් බවත්ය.
පාර්ලිමේන්තු සංවාදයේ ගැටුම
දෙසැම්බර් 4 වන දින පාර්ලිමේන්තුව අමතමින් මුජිබර් රහුමාන් කියා සිටියේ, විජයසූරිය මහතා ඩයලොග් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ දිවංගත ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර වැනි අයට අදාළ වැදගත් දුරකථන වාර්තා ලබා නොදෙමින් ඝාතන පරීක්ෂණයේ ප්‍රධාන සාක්ෂි යටපත් කිරීමට සම්බන්ධ වූ බවයි.
එහිදී ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ ආරක්ෂාකාරී පිළිතුරකි. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස පැහැදිලි කළේ, මෙම ප්‍රමාදය තාක්ෂණික දෝෂයක් නිසා සිදු වූවක් බවත්, "අවශ්‍ය සියලු තොරතුරු දැන් ලැබී ඇති අතර, පරීක්ෂණ නිසි පරිදි ඉදිරියට යනු ඇති" බවත්ය.

රහුමාන් මෙම පැහැදිලි කිරීම එකහෙළා ප්‍රතික්ෂේප කළේය. ඔහු පාර්ලිමේන්තුවට මතක් කර දුන්නේ, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍යවරුන් වූ මංගල සමරවීර සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ට අදාළ සමාගමේ නිලධාරීන් කැඳවා, තොරතුරු නිකුත් කිරීමට එකඟ නොවන්නේ නම් සමාගමේ බලපත්‍රය අවලංගු කරන බවට තර්ජනය කිරීමට සිදු වූ බවයි.
ආචාර්ය විජයසූරිය මේවාට පිලිතුරුදිය යුතුයි !
ආචාර්ය විජයසූරිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස දරන තනතුර, ඔහුගේ නිහඬතාවය තවදුරටත් පිළිගත නොහැකි තත්ත්වයට පත්කර ඇත. පහත සඳහන් ප්‍රශ්න සඳහා වහාම පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ:
* ප්‍රමාදය තාක්ෂණිකද, නැතහොත් සිතාමතා කළ දෙයක්ද?
"තාක්ෂණික දුෂ්කරතා" පිළිබඳ ඩයලොග් සමාගමේ ප්‍රකාශය, වාර්තා නිකුත් කිරීමට පෙර රජය විසින් බලපත්‍ර අවලංගු කිරීමේ තර්ජනය කිරීමේ ලේඛනගත සිදුවීම සමඟ පරස්පර වේ. තාක්ෂණික ගැටලු නිරාකරණය කිරීමට සාමාන්‍යයෙන් ආණ්ඩුවේ අවසන් නිවේදන අවශ්‍ය නොවේ.
* යටපත් කිරීමේ නියෝගය දුන්නේ කවුද? රාජපක්ෂ පාලන සමයේ බලවත් දේශපාලන චරිතවල පීඩනය යටතේ ආචාර්ය විජයසූරිය ක්‍රියා කළේ නම් , විරුද්ධ මත ම්ලේච්ඡ ලෙස මර්දනය කළ ආණ්ඩුවක් යටතේ, එවැනි නියෝග ලබා දුන් අයව ඔහු හඳුනාගත යුතුය. ඝාතන පරීක්ෂණයකට බාධා කිරීමට උත්සාහ කළ නිලධාරීන් කවුදැයි දැන ගැනීමට මහජනතාවට අයිතියක් ඇත.
* සමාගමේ වගකීම කුමක්ද? සාක්ෂි වසන් කිරීමට ඩයලොග් සමාගම ගත් තීරණය, සමාගමේ ප්‍රතිපත්තියක්ද, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ තනි තීරණයක්ද, නැතහොත් බාහිර දේශපාලන පීඩනයක්ද? වගවීම සඳහා මෙම වෙනස ඉතා වැදගත් වේ.
ආචාර්ය විජයසූරිය සම්පූර්ණ දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙයිද? ඔහුගේ පෙර අධිකරණ දිවුරුම් ප්‍රකාශ මගින් ලේඛනගත වාර්තාවක් නිර්මාණය කර ඇත. එම ප්‍රකාශවලට පටහැනි ඕනෑම නව සාක්ෂියක්, බොරු සාක්ෂි දීමේ චෝදනාවලට ඔහුව නිරාවරණය කළ හැකිය. එසේ වුවද, යුක්තිය ඉටු කිරීමට නම්, සාක්ෂි යටපත් කිරීමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් පිළිගන්නා සම්පූර්ණ සහ සත්‍යවාදී වාර්තාවක් අවශ්‍ය වේ.
මෙය හුදෙක් එක් පත්වීමක් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ...
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය මැතිවරණ ව්‍යාපාරය ගොඩනැගුවේ වගවීම සහ නීතියේ ආධිපත්‍යය යන පදනම මතය. සිය සමාරම්භක දේශනයේදී, ඔහු තාජුඩීන් සිද්ධිය ඇතුළුව, විසඳිය යුතු මතභේදාත්මක ඝාතන සිද්ධි පහක් විශේෂයෙන් ඉස්මතු කළේය. මෙම පරීක්ෂණවලින් එකකට බාධා කළ බවට චෝදනා ලැබූ උපදේශකයෙකු පත් කිරීම, එම පොරොන්දුව අඩපණ කරයි.

මෙය හුදෙක් එක් පත්වීමක් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙය නව පරිපාලනයේ කැපවීම් හරයාත්මකද නැතහොත් වාචාලද යන්න පිළිබඳ පරීක්ෂණයකි. විශ්වසනීය සැකයන්ට ලක්වූවන් බලගතු තනතුරුවල තබා ගනිමින්, යුක්තිය පිළිබඳ සදාචාරාත්මක අධිකාරියකට ආණ්ඩුවකට හිමිකම් කිව හැකිද?
වසීම් තාජුඩීන්ගේ පවුල වසර දොළහකට වැඩි කාලයක් ප්‍රමාදයන්, විනාශ වූ සාක්ෂි සහ අඩාල වූ පරීක්ෂණ විඳ දරාගෙන ඇත. ප්‍රධාන සැකකරුවන් නඩු විභාගයට පෙර මිය ගොස් ඇත. සාක්ෂිකරුවන් පීඩනය යටතේ සාක්ෂි වෙනස් කර ඇත.
හිටපු JMO ආනන්ද සමරසේකරට, ඝාතනයේ වැදගත් සාක්ෂි ඉවත් කර සැඟවීමේ චෝදනාව එල්ල විය. හිටපු ජ්‍යෙෂ්ඨ DIG අනුර සේනානායක, එවකට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ අනුමැතිය ඇතිව මෙම සිද්ධිය රිය අනතුරක් ලෙස වසා දැමූ බවට පරීක්ෂකයන් ප්‍රකාශ කිරීමත් සමඟ, මෙම සිද්ධිය යට ගැසීමට සම්බන්ධ බවට චෝදනා ලැබීය.
දැන් ඔවුන්ට අසන්නට ලැබෙන්නේ, එම තීරණාත්මක මුල් වසරවලදී යටපත් කරන ලද තොරතුරු හුදෙක් "තාක්ෂණික දෝෂයක්" බවයි.
ආචාර්ය විජයසූරියට විකල්ප තුනක් තිබේ...
1- එක්කෝ නිහඬව සිට, සැකය ඔහුගේ කීර්ති නාමයට සහ ජනාධිපති පරිපාලනයට ස්ථිරවම කැළලක් වීමට ඉඩ හැරීම;
2- දෙවනුව, කිසිවෙකු තෘප්තිමත් නොවන තවත් අසම්පූර්ණ ආයතනික පැහැදිලි කිරීමක් ලබා දීම;
3- තෙවනුව, සිදු වූ දේ, නියෝග ලබා දුන්නේ කවුරුන්ද සහ ප්‍රමාදයට ඔහුගේම භූමිකාව කුමක්ද යන්න පිළිබඳ සම්පූර්ණ, සත්‍යවාදී වාර්තාවක් සමඟ ඉදිරියට ඒම.
පළමු විකල්ප දෙක යුක්තියට හෝ ඔහුගේම යහපතට සේවය නොකරයි. තුන්වන විකල්පය, ඔහු මුහුණ දුන් පීඩනය පිළිගනිමින්, යටපත් කිරීමට නියෝග කළ අය හඳුනා ගනිමින් සහ ඔහුගේ භූමිකාව පිළිබඳ වගකීම භාර ගනිමින් කරන සම්පූර්ණ පාපොච්චාරණයක්, මහජන යහපතට සේවය කරන එකම මාර්ගයයි.
ජනාධිපති දිසානායකද සිය උපදේශකයාගේ නිහඬතාවය පිළිගත හැකිද යන්න තීරණය කළ යුතුය. විනිවිදභාවය පොරොන්දු වූ ආණ්ඩුවකට, යුක්තියට බාධා කළ බවට චෝදනා ලැබූවන් වගවීමෙන් ආරක්ෂා කිරීමට හැකියාවක් නැත.
වසීම් තාජුඩීන් ඝාතනය කරනු ලැබුවේ 2012 මැයි 17 වන දිනයි. දැන් 2025 ඔක්තෝබර් මාසයයි. ඔහුගේ ඝාතකයන් තවමත් නිදැල්ලේය. ඔහුගේ පවුලට තවමත් යුක්තිය ඉටු වී නැත. එම යුක්තිය ප්‍රමාද කිරීමට උදව් කළ බවට චෝදනා ලැබූ එක් අයෙක්, මෙම නඩුව විසඳන බවට පොරොන්දු වූ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස අද කටයුතු කරයි.

තාක්ෂණික පැහැදිලි කිරීම් සහ ආයතනික මගහැරීම් දැන්වත් අවසන් විය යුතුය. ආචාර්ය හාන්ස් විජයසූරිය, සාක්ෂි වසන් කිරීමේදී ඩයලොග් සමාගමේ භූමිකාව, ඔහු මුහුණ දුන් පීඩනය සහ එම යටපත් කිරීමට නියෝග දුන් පුද්ගලයින් පිළිබඳ සම්පූර්ණ සත්‍යය සමඟ ඉදිරියට පැමිණිය යුතුය.
ප්‍රමාද වූ යුක්තිය, පැහැර හැරි යුක්තියකි. එහෙත්, යටපත් කළ යුක්තිය, ඝාතනයට හවුල් වීමකි.
'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (31) පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
ජේ. ආර්. ජයවර්ධන පැවසූ පරිදි 'අධිරාජ්‍යවාදය' නමැති භීතිකාව අපි දැන් ඉවත් කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
අපේ පරපුර පක්ෂයේ නිර්මාතෘ සහ සභාපති සිදම්බරම් කරුණානිධි
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1750ක වැටුපක් ලබාදීමට ජනපතිවරයා මහත් පරිශ්‍රමයක් දරන මොහොතක, ඊට උදව් නොකොට දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන අය අක්කරයක්, අක්කර දෙකක් තරම් ඉඩම් වතු ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමින් ජනපතිවරයාගේ සුබදායි යහපත් වැඩසටහන අවුල් කිරීමට කටයුතු කරමින් සිටින බව අපේ පරපුර පක්ෂයේ සභාපති සිදම්බරම් කරුණානිධි කියයි.
අපේ පරපුර පක්ෂයේ නිර්මාතෘ සහ සභාපතිවරයා වන ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු ..
ජනපතිවරයා වතු හාම්පුතුන් සමග සාකච්ඡා මාර්ගයෙන් වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප් වැඩිකිරීමට මහත් වෙහෙසක් ගන්නවා. එය අප අගය කළ යුතුයි. එහි ගෞරවය එතුමාට දිය යුතුයි. නමුත් දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන අය ජනපතිවරයාගේ උත්සහයට අකුල් හෙලමින් එය වැළැක්විමට කටයුතු කරනවාදැයි අපට සැකයි.
ඔවුන් කිසි දිනක ළගා කර ගත නොහැකි යෝජනා ගෙන එමින් ජනපතිවරයාගේ උත්සහය හෑල්ලුවට ලක් කරනවා. එය අප පක්ෂය තරයේ හෙළා දකිනවා. වතු කම්කරුවන්ගේ නිවාස, පානීය ජල අවශ්‍යතා, වැසිකිළි කැසිකිළි පහසුකම් වැඩිදියුණු කිරීමට වචනයකින් හරි උදව් කරනවා හැර එවැනි යෝජනා කඩා කප්පල් කිරීමට පියවර ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි.
(සටහන | ජේ.මුණසිංහ)
වත්මන් පාලනය කෙරෙහි තමාගේ විශ්වාසය සියයට සියයක්ම පවතින බව ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන රන්ජන් රාමනායක පවසයි.
තමා කිසිදු අවස්ථාවක විපක්ෂයෙන් සහතික ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී අමාත්‍යාංශයේ වැඩ භාර ගනිමින් අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය.
දැනට පවතින විපක්ෂය තුළ, 2029 වසරේදී තම පාර්ශ්වයට අභියෝගයක් විය හැකි වැඩපිළිවෙලක් හෝ දැක්මක් සහිත පක්ෂයක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ නව අමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.
පොදු එකඟතාවක තීන්දුවක්
බිමල් රත්නායක වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, අමාත්‍යාංශවල යම් කුඩා වෙනස්කම් ප්‍රමාණයක් කර ගැනීමටත්, ඒ වගේම දක්ෂ අලුත් කණ්ඩායමකට නියෝජ්‍ය අමාත්‍ය තනතුරු සහ කැබිනට් අමාත්‍ය තනතුරක් ලබා දීමටත් තීරණය කරන ලද්දේ මාස ගණනක් තිස්සේ කරන ලද සංවාදයක ප්‍රතිඵලයක් ලෙස බවයි.
එය පොදු එකඟතාවක තීන්දුවක් බව ද සඳහන් කළේය.
මෙම නව අමාත්‍යාංශ වගකීම් භාරගැනීම තුළ තමාට වැඩි වගකීමක් ලැබී ඇති බවත්, එය විශාල එකක් බවත්, ඒ ගැන සැකයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.
තවද, ඔහු පෙර වරාය සහ නාවික සේවා අංශය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, වරාය සහ නාවික සේවා අංශය උපාය මාර්ගිකව ඉතා වැදගත් වුවද, එය එක් ස්ථානයකට සීමා වී ඇති බැවින් ජනතාව දිනපතාම සම්බන්ධ වන ප්‍රමාණය අඩු බවයි.
කෙසේ වෙතත්, නාගරික සංවර්ධනය සහ ඊට අදාළ ක්ෂේත්‍රය ඊට වඩා වැදගත් සහ ප්‍රධාන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
තමාව විනිශ්චය කරනු ලබන්නේ විපක්ෂය නොව, තම පක්ෂය, තම පවුල සහ සමාජය බව ද අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන ‘‘රටම එකට’’ ජාතික මෙහෙයුම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද (30 වැනිදා) පෙරවරු 10.00 ට ඇරඹෙයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි විණනන නිධාරියකු විගණකාධිපති ලෙස පත්කරන්නට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සූදානම් වන බවත් එය කිසි සේත් ම නොකළ යුතු දෙයක් බවත් විශ්‍රාමික පොලිස් නිලධාරි අජිත් ධර්මපාල පවසයි.
පංති විඥානය යනු...
තමන් අයත් වන සමාජ පංතියේ තත්ත්වය, අවශ්‍යතා සහ අයිතිවාසිකම් පිළිබඳ ඇති දැනුවත්කම සහ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට ඇති අවබෝධය යි.
මේ රජය දිව දෙකේ රජයක් බවත්, මේ අය වැය ජනතා සහන නොලැබෙන IMF එක ලියු අයවැයක ස්වරූපය ගන්නා අතර ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
*සංචාරක ඉපැයීම් රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස සැලකීම අගය කරනවා.
*ඉහළ වියදම් කිරීමේ හැකියාවක් ඇති සංචාරකයින් ආකර්ශනය කර ගැනීම වැදගත්.
- ටුවර් බ්ලූ හෝල්ඩින්ග්ස් ආයතනයේ ඒකාබද්ධ කළමණාකාර අධ්‍යක්ෂ දර්ශන කබ්රාල් කියයි.
ලබන වසර (2026) සඳහා වූ අයවැයෙන් මහා බ්‍රිතාන්‍ය, ස්විඩනය, ජර්මනිය, පින්ලන්තය හා ස්කැනේඩියානු රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, මැද පෙරදිග රටවල, ඉන්දියාව ආදි ඉහළ වියදම් කිරීමේ හැකියාවක් ඇති රටවල සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ පස් වැදෑරුම් යෝජනාවලියක් තමන් රජයට ඉදිරිපත් කර ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක කර්මාන්ත නියැලෙන්නෝ ප්‍රකාශ කළහ.
ඒ අනුව මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවක් අපේක්ෂා කරන තමන් පොදු එකඟතාවයක් යටතේ පස් වැදෑරුම් යෝජනාවලියක් මුදල් ඇමැති සහ ජනපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය වෙත ඉදිරිපත් කොට ඇතැයිද එම පිරිස පෙන්වා දෙති.
දැනට වසර 10ක් 15ක් පැරණි රථවාහන සංචාරක කර්මාන්තයේ යෙදී සිටින්නන් සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගනී. මෙම පැරණි වාහන වෙනුවට අළුත් වාහන මිලදී ගැනීමට සහනදායී ණය යෝජනා ක්‍රමයක් හෝ තීරු බදු රහිත වාහනයක් ගෙන්වා ගැනීමට පහසුකමක් සැලසීමට තමන් යෝජනා කරන බව ටුවර් බ්ලූ හෝල්ඩින්ග්ස් ආයතනයේ ඒකාබද්ධ කළමණාකාර අධ්‍යක්ෂ දර්ශන කබ්රාල් ප්‍රකාශ කළේය.
කොළඹ, කොල්ලුපිටියේ අද (04) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.
* ඊට අමතරව ඉංග්‍රිසි, ප්‍රංශ, ජර්මන්, ඉතාලි ඇතුලු ස්කැනේඩියානු රටවල භාෂාවන් පුහුණු වැඩසටහන් පවත්වා සංචාරක මාර්ගෝපදේශකයින් බිහි කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතුය.
* ඉතා ඉහළ මුදලක් වියදම් කරන විදේශීය සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා යාල, විල්පත්තු, සීගිරිය ඇතුලු ඓතිහාසික හා පෞරාණික මෙන්ම ස්වභාදහම නැරඹීමට යන පිරිස් වෙත ඩිජිටල්කරණය කළ ටිකට්පත් මිලදී ගැනීම් සහ අනෙකුත් සේවා නවීන ලෙස ඉටුකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව නිර්මාණය කළ යුතුය.
* ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනීය ස්ථාන පිළිබඳව ලෝකය පුරා විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට රජය ක්‍රියා කළ යුතුය.
* ශ්‍රී ලංකාවේ සංචාරක උරුමයන් පිළිබද අධ්‍යයනය කිරීමට සංචාරකයින්ට වැඩි ඉඩකඩක් ලබාදෙන ලෙස ප්‍රාදේශීය සහ පළාත් මට්ටමින් පිහිටා තිබෙන සංචාරක ආකර්ශනිය ස්ථානවල පහසුකම් වැඩිදියුණු කළ යුතුය.
* සංචාරකයින්ගේ සිත් ඇදගන්නා ලෙස හස්ත කර්මාන්ත නිර්මාණ දැක බලා ගැනීමට, ඒවා පිළිබඳව අධ්‍යයනය කිරීමට පහසුකම් වැඩි කළ යුතුය.
මෙම පස් වැදෑරුම් යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කොට මෙරටට විදේශ විනිමය ඉපයෙන ප්‍රධාන මාර්ගයක් ලෙස රජය සලකන සංචාරක කර්මාන්තය දියුණු කරනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවද කබ්රාල් කීය.
(ජේ.මුණසිංහ)
නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නොමැති බවත්, නීතිය බිඳ වැටුණු රටක බලය හොබවන්නේ අපරාධකරුවන් බවත්, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වු රටක් ගොඩනැඟීම වෙනුවෙන් වත්මන් රජය කැප වී සිටින බැවින් 2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි” යන්නට පණ දෙන වසරක් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.
එළැඹෙන 2027 වසරේ වැටුප් වැඩිවීමක් එන තෙක් කිසිදු දීමනාවක් ඉහළ නොදමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුව ද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතක ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

