ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීමට අදාළව මහා සංඝරත්නය විසින් මේ වන විට එල්ල කරන චෝදනා රටේ ජාතික සහ ආගමික සංවිධියාවට බාධාවක් බැවින් ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ජනරැළි අමතමින් අද දින (11) රජයේ ස්ථාවරය පැවසීමට නියමිත බව විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන්ම ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාරගත කර ඇති මොහොතක උන්වහන්සේ උසාවියට රැගෙන එන විට සිවුර ඉවත් කර සාමාන්‍ය සිරකරු ඇඳුමක් අන්දවා රැගෙන ඒම සම්බන්ධව විවිධ පාර්ශව වලින් රජයට දැඩි චෝදනා එල්ල කරමින් පවතී.
ඊට අදාළව රජයේ මතය ජනාධිපතිවරයා විසින් ජනතාව අමතන අවස්ථාවේ පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව "අපේ ආණ්ඩුව වසර දෙකයි- රටට සුබයි" තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නිකවැරැටිය පස්වරු 1.00ටත් ඉබ්බාගමුව පස්වරු 3.00 ටත් මහා ජන රැළි පැවැත්වීමට නියමිතව තිබේ.
බන්ධනාගාර ගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට අදාළව ත්‍රෛනායික මහා නා හිමිවරුන් පසුගියදා ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක්ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය ඔස්සේ චෝදනාව එල්ල වූයේ ජනාධිපතිවරයා විසින් කළ කතාව පමණක් මාධ්‍යට මුදා හැරී බවත් මහා සංඝරත්නය විසින් කළ අදහස් දැක්වීම සඟවා සිටි බවත්ය.
එමෙන්ම මේ වන විට භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් මේ පිළිබඳ විරෝධාතාවයක් ද ආරම්භ කර තිබෙන අතර, එහි මූලික පියවර ලෙස මහනුවර සිට කොළඹ දක්වා " නිදහසේ පාගමන" අරඹා තිබේ.
මෙවන් තත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක අද (11) දින ජනරැළි දෙකේදී ජනාධිපතිවරයා විසින් මේ සියල්ලට පිළිතුරු ලබාදෙමින් අදහස් දැක්වීමට නියමිත බව දැනගන්නට ලැබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
