V2025

පුවත්

රාජගිරියේ පොඩි ගෙදරකින් : ආණ්ඩුවට ඩොලර් බිලියන 2ක් - හර්ෂ

ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ විදේශ සංචිත ඩොලර් මිලියන 2581 බවත් නමුත් ණය ලෙස ඩොලර් මිලියන 7247 ගෙවීමට ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී.

මෙම ණය ගෙවනීම සදහා Concept Globle ආයතනයකින් ඩොලර් බිලියන දෙක හමාරක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් තීන්දුවක් ගෙන ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එතරම් විශාල ණය මුදලක් ලබා දෙන සමාගම රාජගිරිය පැත්තේ පිහිටි කුඩා නිවසක් බවත් තමන් එය බැලීමට ගිය බවත් පැවසූ මන්ත‍්‍රීවරයා එම නිවසේ හිමිකරුවා කිසිදු සමාගමක හිමිකරුවෙකු හෝ ප්‍රධානියකු නොවන බවත් පැවසීය.

නමුත් කැබිනට් මණ්ඩලය විසින් නම් එම පුද්ගලයා නමට අදාළ ණය මුදලින් 7%ක් එනම් ඩොලර් මිලියන 175ක කොමිස් මුදලක් අනුමත කර ඇති බවද සඳහන් කළේය.

චෝදනා මැද බන්දුලගෙන් නිවේදනයක් : වසර 07කට පසුව සතොස ලාභ ලැබුවා !

කුප්‍රකට සුදුලූණු වංචාව සම්බන්ධයෙන් දිගින් දිගටම විවේචන එල්ල කරමින් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ ක්‍රියාත්මක පසුබිමේ, වසර 7 කට පසුව සතොස පළමු වතාවට ලාභ ලැබූ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඉතිහාසගත වැඩිම ආදායම කෝටි 400ක්, සැප්තැම්බර් මාසයේදී බවත් ඔහු පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද දින රත්නපුර නගරයේ ලංකා සතොස නව අළෙවි ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් බව වෙළෙඳ අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක සඳහන් අතර එහි වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.

යහපාලන ආණ්ඩුකරණයේ දූෂිත ක්‍රියා පිළිවෙලෙහි ගොදුරු බවට පත් වූ ලංකා සතොස ආයතනය, රුපියල් බිලියන 20ක අලාභයක් සමඟ වර්තමාන රජයට උරුම වූ බවත්, ඒ අනුව වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් තමා පත් වීමත් සමඟ විවිධ ව්‍යාපෘති දියත් කරමින් පාරිභෝගිකයාට සහන සලසන අතරතුරම, ලංකා සතොස ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කරගැනීමේ ක්‍රමවේදයන් දියත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

සෑම මසකම රුපියල් මිලියන 100කට වඩා වැඩි අලාභයක් වාර්තා කරමින් පැවති ලංකා සතොස ආයතනයේ, 2021 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09ක කාලයක් තුළ සමස්ත අළෙවිය රුපියල් කෝටි 3000ක් වූ අතර, 2019 වර්ෂයේ ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා වාර්තා කළ අළෙවිය රුපියල් කෝටි 1990කි.

ඒ අනුව, ලංකා සතොස ආයතනය විසින්, 2019 මුල් මාස 09 තුළ ලද සමස්ත අළෙවියට සාපේක්ෂව 2021 මුල් මාස 09 දී 50%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

එමෙන්ම, පළමු වතාවට ලංකා සතොස ඉතිහාසයේ මසකදී වාර්තා කළ වැඩිම අළෙවිය පසුගිය සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ බවත්, රුපියල් කෝටි 400ක් වන මෙම අළෙවිය, එතෙක් මෙතෙක් සිදු වූ වැඩිම අළෙවිය වාර්තා කළ අවස්ථාව වන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, වසර 07කින් පසුව පළමු වතාවට සැප්තැම්බර් මාසය තුළදී පමණක් වාර්තාගත ලෙස රු.ලක්ෂ 121ක මෙහෙයුම් ලාභයක් ලබා ගැනීමටද ලංකා සතොස සමත් වූ බවත් ප්‍රකාශ කරන ලදී.

මෙම වසර අවසානයට පෙර ලංකා සතොස අළෙවිසැල් පිහිටා නොමැති ප්‍රදේශයන්හි නව ලංකා සතොස අළෙවිසැල් ඇති කිරීමට ද කටයුතු සලසා ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී. ගෝලීය ආර්ථික කඩා වැටීම් හමුවේ වුවද මහජනතාවට සහන සලසමින් මෙවැනි වාර්තාගත ආදායමක් ලබා ගැනීමට කටයුතු කරන ලද සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් ජී.රූබසිංහ මහතා ඇතුළුව, අවංකව හා කැපවීමෙන් රාජකාරී ඉටුකළ අනෙකුත් සියළුම නිලධාරීන් වෙත ද අමාත්‍යවරයා මෙහිදි සිය ප්‍රශංසාව පළ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල එල්ලාවල, පාර්ලිමේන්තු මන්ත්‍රිණී මුදිතා ප්‍රියදර්ශනී, රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපති, සතොස සභාපති ඇතුළු සතොස කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.

මාධ්‍ය ඒකකය,

වෙළෙඳ අමාත්‍යාංශය.

තවත් කොවිඩ් මරණ 35ක් !

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 35 දෙනකු ඊයේ (09) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.

ඊයේ සිදුව ඇති එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,331ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ අතර පුරුෂයින් 18ක් හා කාන්තාවන් 17ක් සිටී.

අවුරුදු 30ට අඩු එක් මරණයක් හා අවුරුදු 60 සහ ඊට වැඩි මරණ 30 ඊයේ වාර්තා වී තිබේ.

 

නෞකා දැවිතෙල් ජාවාරමක් : සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හොරට බුදිද ?

වංචනික ලෙස ලබාගත් බලපත්‍ර හරහා නෞකාවලින් දැවි තෙල් ඉවත් කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විශ්වාසදායක ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරයි.

වඩාත් ගැටලු සහගත කරුණ වන්නේ පෞද්ගලික ආයතන මැදිහත්වීමකින් සිදුකරන මේ ජාවාරමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ඉහළ තනතුරු වල සහය ඊට ලැබෙන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබීමය.

විශේෂයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ 2016 රෙගුලාසි මේ ජාවාරම තුළ උල්ලංඝනය වෙමින් ඇති නමුත් බලධාරීන්ගේ හැසිරීම සැකසංකා දනවන සුළුය.

ඒ තුළ වරාය අධිකාරියට සහ ශ්‍රී ලංකා රේගුවට අයවිය යුතු මුදල් පමණක් නොව, මහා පරිමාණ පරිසර විනාශයක් මෙරටට සිදුවෙමින් පවතී.

එසේම නෞකා ඒජන්ත සමාගම්, නැව් සමාගම් මෙරට සම්බන්ධයෙන් තබාගෙන ඇති විශ්වාසය පවා වනසන, එනිසා මෙරටට තවත් විදෙස් විනිමය ලැබෙන කවුලුවක් වැසීයාමේ ජාතික අපරාධයක් ද , මෙකී ජාවාරම හේතුවෙන් සිදුවෙමින් තිබේ.

මාරම බලපත්‍ර !

නැවකින් දැවි තෙල් ඉවත් කිරීම ආවට ගියාට සිදුකළ නොහැක. එවැන්නකදී අදාළ ඉල්ලීම සිදුකළ යුත්තේ නැවේ කපිතාන් හෝ නැවට අදාළ ඒජන්ත විසිනි.

නමුත් 2021 සැප්තැම්බර් මාසයේ අවසන් දින දහය තුළ නෞකාවක දැවි තෙල් ඉවත් කිරීමක් සිදුකර ඇත. මේ සඳහා ඉල්ලීම සිදුකර ඇත්තේ නෞකාවේ ඒජන්ත හෝ කපිතාන් නොවේ. ඒ වෙනුවෙන් ඉල්ලීම සිදුකර ඇත්තේ මෙකී ජාවාරමට සම්බන්ධ සමාගමේ සේවයකරන්නෙකුගේ ආයතනික e mail ලිපිනයක් හරහා ය.

එසේම මේ ආයතනය මෙවැනි කටයුත්තක් සඳහා ලියාපදිංචි සමාගමක්ද නොවේ.

GPS වැඩ නැත !

එපමණක් නොව , දැවි තෙල් බැහැර කිරීමේදී එම දැවිතෙල් ගෙන යන ස්ථාන නිරීක්ෂණය සඳහා GPS සවිකරනු ලැබූ, බව්සර යොදාගත යුතුය. නමුත් මෙහිදී බව්සර රථ 5 ක් යොදාගෙන දැවිතෙල් ඉවත් කරගෙන ඇති නමුත් එහිදී එම රථ වල GPS ක්‍රියාත්මකව තිබී නැත.

ඒ නිසා ඒ දැවිතෙල් බව්සර් කොහේ කොතනට ගියාද යන්න සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනගන්නට විදියක් නැත. දැනගන්නට ඇති කරුණු අනුව මෙම දැවිතෙල් ප්‍රවාහනය කළ බව්සර රථ 3ක දැවිතෙල් ප්‍රධාන ගඟකටත්, ඉතිරි බව්සර දෙකෙහි දැවිතෙල් අධි නාගරික ප්‍රදේශයක ඇලකටත් මුදාහැර ඇත.

තත්ත්ව සහතික තියෙනවාද ?

එසේම මේ දැවිතෙල් ඉවත් කිරීමේදී අදාළ බව්සර රථ වල ආරක්ෂණ තත්ත්ව සහතික ( Bowser sefety test certificate) ඉදිරිපත් කළ යුතු වුවත් මෙහිදී එම කටයුත්තත් නිසි ලෙස සිදුව නැති බව දැනගන්නට ඇත. මෙය මීට පෙර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැත්තෙන් කිසි දිනක අසන්නට නොලැබුණු සිදුවීමකි.

පරිසරයට අබ සරණයි !

මේ ජාවාරමට සම්බන්ධ සමාගමක් 2020 මාර්තු මස අග භාගයේ oily mud නම් අන්තරාදායක අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 130ක් නිසි අපහරණ ක්‍රියාවලියට යොමු නොකර මහත් පරිසර විනාශයක් සිදුකර ඇති බවත් දැනගන්නට තිබේ.

සාමාන්‍යයෙන් oily mud හී බැරලෝහ සහ විවිධ පිළිකාකාරක ඇති බැවින් ඒවා බැහැර කෙරෙන්නේ පුත්තලමේ පිහිටි insee ecocle ආයතනය හරහා අපහරණය කිරීමෙන් පසුවය.

එපමණක් නොව මෙකී සමාගම ලෝක ප්‍රකට නැව් සමාගමකට මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුකර ඇති අතර ඊට අදාළ නඩුවක් පවා මේ වන විට ගොනුකර තිබේ.

කූඨ ලේඛනයක් !

එහිදී අනාවරණය වන තවත් වැදගත් කරුණක් වන්නේ මේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වූ අවස්ථාවේ , ලෝක ප්‍රසිද්ධ නැව් සමාගම විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙතින් ජාවාරම්කාර සමාගමට අදාළ තොරතුරු ඉල්ලීමේදී එහි ඉහළ තනතුරක් දරන්නෙකු කූඨ ලේඛනයක් ඉදිරිපත් කර තිබීමයි.

එයින් පැහැදිලිව ජාවාරම්කාර සමාගම සමග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ඉහළ නිලධාරී සම්බන්ධයක් පවතින බවට පැහැදිලි සැකසංකා මතුවෙයි.

මේ සම්බන්ධයෙන් නම්, විස්තර , ඇතුළත් ලිඛිත පැමිණිල්ලක් පොලිස්පති වෙත යොමුකිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි !

ආනයනික කිරිපිටි මිලේ තීන්දුව මෙන්න !

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250.00 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මෙරට කිරිපිටි ආනයනකරුවන් ගේ සංගමය මේ බව සඳහන් කර ඇත.

ඊට අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 480ක් බව ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කළේ ය.

සිගරැට් මිලත් ඉහළට !

දුම්වැටි පරිභෝජනය පහත දැමීම සම්බන්ධයෙන් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳව ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ පැවසුවේ මිල සූත්‍ර පිළිබඳ විද්වතුන්ගේ අදහස් ලබා ගෙන එය සකස් කළ බවය.

මේ අතර , සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට මෙම මිල සූත්‍රය භාර දී ඇති බවත් වාර්තා වෙයි.

එළැඹෙන අයවැය යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසූ බව ද වෛද්‍ය සමාධි රාජපක්ෂ පැවසුවේ ය.

2022 වර්ෂයේදී මෙම මිල සූත්‍රයට අනුව මෙරට බහුලව විකිණෙන දුම්වැටියක් රුපියල් 4.00කින් පමණ ඉහළ යනු ඇත.

එමෙන්ම 2026 දී මෙය තවත් රුපියල් 20 කින් පමණ ඉහළ යාමට නියමිතය.

තවත් කොරෝනා මරණ 29ක් : සමස්ත මරණ සංඛ්‍යාව 13,296 දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 13,296 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ සිදුවූ තවත් මරණ 29 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

මරණකරුවන් අතර කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 18 දෙනෙකු සිටී.

මියගිය පුද්ගලයින් අතරින් 06 දෙනෙකු අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් වන අතර , අනෙක් පුද්ගලයින් 23 දෙනා අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය.

ගුරු විරෝධතාවලට බිත්තර තක්කාලි ප්‍රහාර ගැන අනතුරු ඇඟවීමක් !

නැවත විරෝධතා ආරම්භ කර තිබෙන ගුරු විරෝධතාකරුවන්ට ජනතාව තරවටු කරන කරමින් යන බව දුටු බවත්, ඊළඟ අවස්ථාවේ ඇතැම් විට කුණු බිත්තර තක්කාලි ගහන තත්වයට පත්වනු ඇතැයි ආණ්ඩු පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අනතුරු අඟවයි.

මුදලට ජාතියේ අනාගතය පාවාදෙන්න එපා යැයි ආදරණීය ගුරු මෑණිවරුන් ගෙන් පියවරුන්ගෙන් වැඳ නමස්කාර කර ආයාචනා කරන බවත් ඔහු පවසයි.

එසේ වුවහොත් ගුරු ගෞරවය සම්පූර්ණයෙන්ම කෙලෙසෙනු ඇති බවත් පැවසූ මන්ත්‍රීවරයා ඒ නිසා 21 වෙනිදා පාසලට ගොස් සහයෝගය ලබාදෙන්නැයි කාරුණිකව ඉල්ලා සිටින බවද පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මෙසේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසූ අතර කොරෝනා වසංගතය මේ ආකාරයට පාලනය කර ගත්තේ ඉතා අමාරුවෙන් බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ අනතුරු ඇඟවීමක් කරන්නේ , පසුගියදා ගුරු විදුහල්පති වෘත්තීය අරගල විරෝධතා වෙත පැමිණ බාධා කිරීම පිටුපස සිටියේ ආණ්ඩුව පාර්ශ්වයෙ ආධාරකරුවන් බව සමාජ මාධ්‍ය වල අනාවරණය කරමින් ඇති පසුබිමකය.

තවත් කොරෝනා මරණ 38 ක් !

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ 38 ක් අද (08) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,267 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 20 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 18 දෙනා කාන්තාවන් ය.

වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින්‍ 12 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 26 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

අද (08) වාර්තා කරන ලද මෙම මරණ 38 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

13d602e0 release 1

යුරෝපයේ විරෝධතා රැල්ල දිගටම !

අගමැති මහින්දගේ ඉතාලි සංචාරයට විරෝධය පළකරමින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙන් ඇරඹි ' පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකරගැනීම හා පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටුකරණු' යන සටන් පාඨය යටතේ විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයින් පක්ෂ,පාට,ජාති ආගම් භේදයකින් තොරව එක් අතකින් කලු කොඩියත් අනිත් අතින් ජාතික ධජයත් රැගෙන ආරම්භ කළ , ඒ, උද්ඝෝෂණ රැල්ල මේ වනවිට ඉතාලිය, ප්‍රංශය ,අමෙරිකාව ,ස්විස්ටර්ලන්තය දක්වා අති දැවැන්ත රැල්ලක් ලෙසින් නිර්මාණය වෙමින් පවතී…..

ලන්ඩන් නුවරත් උද්ඝෝෂණයට දින වෙන්කරයි….!

එළැඹෙන ඔක්තෝබර් 16වන දින ලංඩන් පාර්ලිමේන්තු සංකීර්ණ භූමිය ඉදිරිපිට ලන්ඩන් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයින්  මෙන්‍ම ප්‍රංශය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය හා ඔස්ට්‍රියාවේ වෙසෙන  ශ්‍රී ලාංකිකයන් ජාතික ධජය සෙවනේ කලු කොඩි සහිතව එක් වන්නේ ආණ්ඩුවට දේශපාලනික සුනාමියක් වන ප්‍රධාන උද්ඝෝෂණ පාඨ 8ක් සමගය.

පාස්කු මහමොළකරු හෙළිකරනු. මානව හිමිකම් උල්ලංඝනය නවතනු. නීතියේ ස්වාධිපත්‍යය ස්ථාවර කරණු. රට මංකොල්ල කෑම නවතනු. රාජ්‍ය, හමුදාකරණය කිරීම නවතනු. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරණු. උතුරේ සහ දකුණේ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරණු. රාජ්‍ය යාන්ත්‍රණය පවුල් වාදයෙන් මුදවනු.

මෙලෙස දැවැන්ත ජන සහභාගීත්වයකින් පැවැත්වීමට යෝජිත උද්ඝෝෂණය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය වරුන්,නීතිවේදීන්,ලේඛකයින්,මාධ්‍යවේදීන්,ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාධරයින්,ඉංජිනේරුවන් ඇතුලු විවිධ වෘත්තීයවේදීන් රැසක් සහභාගී වීමට නියමිතව ඇත…

ලන්ඩන් නුවර 16වන දා මිලානෝ නුවර 10වන දා….

ලන්ඩන් නුවර ඔක්තෝබර් 16වන දින දැවැන්ත උද්ඝෝෂණයට දින වෙන් වෙද්දී, ඔක්තෝබර් 10වන දින මිලානෝ නුවර සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින් විසින් බොලොඤ්ඤා නුවර උණුසුම් කළ ආකාරයටම ජාති,ආගම්,පාට පක්ෂ භේදයකින් තොරව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ල සුනාමියක් ලෙසින් ක්‍රියාත්මක කිරීමට සූදානම්ව ඇත…

මෙලෙස සියළු ආගම්,ජාති,පක්ෂ පාට වලින් බෙදීසිටි විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව එක් වී සිටින ප්‍රධානතම අරමුණ ලෙස ' පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකොට පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම' යන පොදු අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් බව මතුවී ඇති ආණ්ඩු විරෝධී රැල්ල තුළ නිරීක්ෂණය කළ හැක..

IMG 20211008 WA0004

IMG 20211008 WA0005

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි.

මිලානෝ.

ඉතාලිය.

ස්ටාලින් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට පැමිණිල්ලක්

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්  අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වේ.

අපේ ජන බල පක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, නීතිවිරෝධී ලෙස පිරිස් එක්රැස් කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අපේ ජන බල පක්ෂය පොලීසියෙන් ඉල්ලා සිටී.

ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වන අතර පෙරේදා දිනයේදී ද ගුරුවරුන් රට පුරා විරෝධතා සංවිධානය කර තිබිණි.

LNW

ආණ්ඩුවේ නොහැකියාව ජනතාව පිට පටවලා - සුනිල් හඳුන්නෙත්ති

“ඩොලර් සංචිතය කඩා වැටෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා. ජනතාවට දරාගන්න බැරි භාණ්ඩ හිඟයක් හැටියට ආවේ ආණ්ඩුවේ නොහැකියාවයි. අන්තිමට මේ පීඩනය ජනතාව පිට පටවලා ආණ්ඩුව ගැලවුණා. හිඟයේ බර ජනතාව පිට පටවන්න මිල පාලනය ඉවත්කළා. මේ නිසා ග්‍රෑම් 400 කිරි පැකට් එකක් රුපියල් 140කින් වැඩිකර තිබෙනවා. මේ ආරම්භය විතරයි. ගෑස් මිල වැඩිකරන්න ඉල්ලීම් කරමින් තිබුණා. රුපියල් 1,200කින් විතර වැඩිකරන්න ඔවුන් ඉල්ලීම් කර තිබුණා. අද කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව ජනතාව පිට පැටවීමයි. කෙටියෙන්ම කියන්න තියෙන්නේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බැහැ කියලයි.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (08) පස්වරුවේ පැවති මාධ්‍ය හමුව අමතමිණි. එහිදී වැඩිදුරයත් දැක්වූ අදහස්.

“ආණ්ඩුව ඊයේ (07) රාත්‍රියේ සිට කිරිපිටි, ගෑස්, සිමෙන්ති වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට මෙතෙක් ක්‍රියාත්මක වුණු මිල පාලනය ඉවත් කළා. මේ අතර ජනතාවට ඉදිරි අවුරුද්දේ බර පටවන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය කාලය පුරාම සාමාන්‍ය පාරිභෝගික ජනතාව ඉතාම පීඩාවට පත්කරමින් කිරිපිටි, ගෑස්, පෝලිම් නිර්මාණය කර තිබුණා. රාජපක්‍ෂ පාලනයේ බැරිකම මහ පාරේ පෙන්නුම් කළා. ජනතාවගේ වේදනාව මාධ්‍යවලින් අපි දැක්කා. හිඟකම නිර්මාණය කරලා ඊට උත්තර හැටියට ආණ්ඩුව තෝරන්නේ ජනතාවට බර පටවන එකයි. පවතින ආර්ථික අර්බුදය නිසා විශේෂයෙන් විදේශ විනිමය හිඟයක් පවතිනවා. මේ නිසා අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකි වුණා. ඩොලර් සංචිතය කඩා වැටෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව නිසා. ජනතාවට දරාගන්න බැරි භාණ්ඩ හිඟයක් හැටියට ආවේ ආණ්ඩුවේ නොහැකියාවයි. අන්තිමට මේ පීඩනය ජනතාව පිට පටවලා ආණ්ඩුව ගැලවුණා. හිඟයේ බර ජනතාව පිට පටවන්න මිල පාලනය ඉවත්කළා. මේ නිසා ග්‍රෑම් 400 කිරි පැකට් එකක් රුපියල් 140කින් වැඩිකර තිබෙනවා. මේ ආරම්භය විතරයි. ගෑස් මිල වැඩිකරන්න ඉල්ලීම් කරමින් තිබුණා. රුපියල් 1,200කින් විතර වැඩිකරන්න ඔවුන් ඉල්ලීම් කර තිබුණා. අද කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ නොහැකියාව ජනතාව පිට පැටවීමයි. කෙටියෙන්ම කියන්න තියෙන්නේ ආණ්ඩුවට මිල පාලනය කරන්නත් බැහැ; රට පාලනය කරන්නත් බැහැ කියලයි.”

ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නෙවෙයි

“ආණ්ඩුවේ පාලනයත් මිල පාලනයත් ගිලිහී යාමෙන් පාරිභෝගික අධිකාරිය, පාරිභොගික ඇමතිවරයා මොකද කරන්නේ? හිඟයකින් තොරව භාණ්ඩ සපයන්න කටයුතු කරන බව ගාමිණී ලොකුගේ ඇමතිවරයා කියා තිබෙනවා. ආණ්ඩුව කරන්නේ මිල පාලනය ඉවත් කිරීමයි. මේ නිසා හිඟය හදපු අයම මිල වැඩිකරලා හිඟය අවසන් බව කියනවා. ජනතාවගේ කටින්ම කීයට හරි ගන්න බඩු දෙන්න කියලා කියයවලා ජනතාව වේදනාවට පත්කරලා. කිරිපිටි පෝලිමේ ඉන්න මිනිස්සු වැඩිමිලට හරි කමක් නැහැ භාණ්ඩ දෙන්න කියන තැනට පොළඹවා තිබෙනවා. හැම භාණ්ඩයකටම මේ වැඩේ කරනවා. ආණ්ඩුවේ පාලනය ජාවාරම්කාර වළල්ලේ කිහිප දෙනෙක් අතට අද ගිහිල්ලා තියෙනවා. සහල් මිල පාලනය ඉවත් කිරීමත් සමඟම ඩඞ්ලි මුදලාලි මිල තීරණය කළා. කිරිපිටි මිල තීරණය කරන්නේ ඒ ව්‍යාපාර කරන අයයි. සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙනුත් එහෙමයි. තත්වය මේක නම් රාජපක්‍ෂ ආණ්ඩුව මොකද කරන්නේ? වරායේ හිරවී තිබෙන භාණ්ඩ මුදාහරින්න විදේශ විනිමය සචිතයෙන් ඩොලර් මිලියන 50ක් නිදහස් කර දුන්නා. ව්‍යාපාරික ප්‍රජාවටත් සාමාන්‍ය ජනතාවටත් සාධාරණය ඉෂ්ට කිරීම ආණ්ඩුවේ වගකීමක්. සතොසෙන් ඇති තරම් භාණ්ඩ ගෙනත් දෙනවා, යට ඇඳුම් පවා ගෙනත් තියෙන බවට පම්පෝරි ගැහුවත් අද බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්න ඇමතිවරුන්ට කියන්න දෙයක් නැහැ. හේතුව අද ආණ්ඩුවේ පාලනයක් නැහැ. පීඩාවට පත්වී සිටින ජනතාවට ආණ්ඩුව පහර පිට පහර දෙමින් ඉන්නවා. තමන්ගේ මිත්‍රයින්ට සැලකිලි කළාට ජනතාව ගැන හිතන ආණ්ඩුවක් නෙවෙයි මේක.”

පැලැස්තර විසඳුම්වත් නැහැ…

“ලාෆ් ගෑස් සමාගමට මහජන බැංකුවෙන් ඩොලර් මිලියන ගණන් ණය පහසුකම් ලබාදුන්නා. ඒ පහසුකමත් අරගෙන මිල වැඩි කරන්න ඉල්ලනවා. එතකොට පාරිභෝගිකයාට මොකද වෙන්නේ? මේ වන විටත් ආනයනික භාණ්ඩ ගෙන්වන්න බැරි අර්බුදයක් තිබෙනවා. මේ නිසා මිල විශාල වශයෙන් වැඩිවීී තිබෙනවා. මේ තත්වය යටතේ සාධාරණ මිලකට භාණ්ඩ සැපයීමේ වගකීම ආණ්ඩුවට තියෙනවා. ආණ්ඩුව ඒ ක්‍රියාමාර්ගයෙන් අද ඉවත් වෙමින් ඉන්නවා. හදිසි නීති දාලා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත්කරලා ගොඩක් උත්සාහ කරන බව පෙන්නුවා. හැබැයි අද කාටද සාධාරණය ඉෂ්ට වෙලා තියෙන්නේ? ගෑස්, කිරිපිටි, සිමෙන්ති සහල් තිරිඟු පිටි සම්බන්ධයෙන් අහිංසක ජනතාවට බර පැටවීමේ ක්‍රියාමාර්ග දිගටම ගනිමින් ඉන්නවා. කොරෝනා තත්වය නිසා රැකියා අහිමිවී ආදායම් අහිමි වී අසරණ වී සිටින ජනතාවට පහර ගහලා තියෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මිල පාලනයෙන් ඉවත් වීමේ තීරණයෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවට පැලැස්තර විසඳුම්වත් නැති බවයි. එද වේල ගෙවාගන්න කැබිනට් මණ්ඩලය රැස්වුණත් ජනතාව පීඩාවට පත්කරන ක්‍රමවේදයක් පත්කරමින් තිබෙන බව තේරුම් ගන්න ඕනෑ. ආණ්ඩුවේ වියදම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනත් කෙටුම්පත පදනම්කරගෙන අයවැය යෝජනා ගෙන එනවා. විසර්ජන පනතේ ඉලක්කම්වලින් ජනතාවගේ ප්‍රශ්න නියෝජනය වෙන්නේ නැහැ. ජනතාව සිටින පීඩාකාරී ජීවිතය සම්බන්ධයෙන් විසඳුම් ආණ්ඩුවට නැහැ. හැමදාම විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ වියදම් අඩුවෙන් පෙන්නලා. ණය ගන්න සීමාව අඩුවෙන් පෙන්නලා. හැබැයි අයවැයෙන් ඇත්ත වියදම් පෙන්වනවා. ඊට පස්සෙත් පරිපූරක ඇස්තමේන්තු දාලා තවත් වියදම් වැඩිකර ගන්නවා.”

මහ පොළොවේ සිද්ධ වෙන දේවලින් සාක්ෂි දරනවා…

“මේ නිසා අයවැය පරතරය විශාල වශයෙන් වැඩිවී ජනතාව පීඩාවට පත්කරනවා. අද සිදුකරමින් තිබෙන්නෙත් ඒක. දැන් ඉදිරිපත් කර තිබෙන විසර්ජන පනතෙන් ආණ්ඩුවේ වියදම් බිලියන 2505ක් බව පෙන්වනවා. නමුත් 2021 වියදම්වලට ආසන්න වශයෙන් බිලියන 5,000ක් වියදම් වෙන බව පෙන්නුවා. දැන් ණය සීමාවත් බිලියන 3184ක් කියලා පෙන්වලා තියෙනවා. මේවා නිකං ඉලක්කං විතරයි. ඇත්ත උත්තර සොයන ක්‍රියාමාර්ග නෙවෙයි. පාර්ලිමේන්තුව ජනතාවගේ ඇත්ත ප්‍රශ්න නියෝජනය කරන, ඒ ප්‍රශ්නවලට උත්තර හොයන තැනක් බවට පත්වී නැහැ. දැන් මහ පොළොවේ සිද්ධ වෙන දේවලින් ඒ බව හොඳින් පෙන්නුම් කරනවා. 2021 අමාත්‍යාංශවලට වෙන්කර තිබෙන මුදල් කොරෝනා තත්වය හමුවේ ඉතිරි වෙන්න ඕනෑ. ඒ මුදල් ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රශ්න විසඳීමට යෙදවීමේ වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. සංචාරක අමාත්‍යාංශයට බිලියන 55ක් වෙන්කර තිබුණා. එයින් 84%ක් ඉතිරි වී තිබෙනවා. අධිවේගී මාර්ගවලට වෙන්කළ මුදල්වලින් 76%ක් ඉතිරි වී තිබෙනවා. මේ ඉතිරි මුදල් අත්‍යවශ්‍ය කටයුතුවලට යොදවන්න ඕනෑ. කෘෂිකර්ම අමාත්‍යාංශයට බිලියන 16ක් වෙන්කළා. නමුත් අගෝස්තු 31 වනවිට වියදම් කර තිබෙන්නේ බිලියන 05යි. පොහොර නැතිව ගොවිතැන විනාශ වුණු ජනතාවට වන්දි ගෙවන්නවත් මේ මුදල් යොදවන්නේ නැහැ. කෘෂිකර්මාන්තය කරුමයක් බවට පත්වී සිටින ගොවි ජනතාවට හුස්ම ගන්න සහනයක් දෙන්න ආණ්ඩුවට පුළුවන්. ඒ ගොල්ලෝ සාම්ප්‍රදායික ඉලක්කම්වලින් ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරමින් ඉන්නවා.”

හමුදාවල විශේෂ දීමනාව අවුරුදු 03කින් ගෙවා නැහැ…

“පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විසර්ජන පනතේ ඉලක්කම්වලින් ජනතාවගේ ඇත්ත ජීවිතය පෙන්වන්නේ නැහැ. ඇත්ත ජීවිතය තියෙන්නේ මහා පාරේ පෝලිම්වල. ආණ්ඩුවේ බැරිකම නිසා ජනතාවගේ ප්‍රශ්න කැකෑරෙන මට්ටමට ඇවිත් තිබෙනවා. ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ ගොල්ලන්ට තියෙන්නේ රටේ ආර්ථික මර්මස්ථාන විකුණා දැමීමේ ගනුදෙනු. මේ නිසා හැම පැත්තෙන්ම පීඩාවට පත්වී සිටින ගොවි ජනතාව, ධීවර ජනතාව, විශ්‍රාම වැටුප් අහිමි වුණු සහ විශ්‍රාම වැටුප් විෂමතාවයට පත්වුණු අයට විසඳුම් නැහැ. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයටත් ඉතිරි වී තිබෙන ප්‍රතිපාදනවලින් යොදවන්නේ නැහැ. සෞඛ්‍ය සේවයේ කොවිඞ් වසංගත තත්වය පවා වැඩකළ අයට දෙන්න තියෙන ප්‍රතිපාදනත් නවතා දමා තිබෙනවා. ඔවුන්ටත් අද උද්ඝෝෂණය කරන්න සිදුවී තිබෙනවා. හමුදාවල සේවය කරන අයගේ විශේෂ දීමනාව අවුරුදු 03කින් ගෙවා නැහැ. නමුත් ඒ අය කාබනික පොහොර නිෂ්පාදනයට යොදවා තිබෙනවා. මේ හැම දෙනාම භාණ්ඩ මිල වැඩිවීමෙන් පීඩා විඳිනවා. මේ ආණ්ඩු හදපු ජනතාව මේ තත්වය තේරුම් ගන්න ඕනෑ. ආණ්ඩු පත්කරලා සහනයක් බලාපොරොත්තු වුණු ජනතාවට කිසිම සහනයක් ලබා දෙන්නේ නැහැ. ආණ්ඩුවට පාලනයකුත් නැහැ, ආර්ථික සම්පත් විකුණමින් මහජනතාව පීඩාවට පත්කරනවා විතරයි. ආණ්ඩුව යන මේ ගමන නවත්වන්න මහජන බලවේග සූදානම්. ආණ්ඩුව බලයට පත්කරන්න කතිරය ගැසූ සැම ඡන්ද දායකයෙක්ගෙන්ම අපි ඉල්ලන්නේ ඇත්ත තත්වය තේරුම් ගන්නා ලෙසයි. මේ පාලනය වෙනස් කරලා මහජනතාවට වග කියන මහජන පාලනයක් නිර්මාණය කරගන්න පෙළ ගැසිය යුතුව තිබෙන බව මේ සෑම කාරණයකින්ම පැහැදිලි වී තිබෙනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

“මහින්ද රාජපක්‍ෂ මහත්මයා ජනාධිපතිවරණයෙන් පරාද වුණාට පස්සේ කීවේ හොරු ආරක්‍ෂා කළ නිසා පැරදුණු බවයි. හොරුන්ගේ ෆයිල් තමන් ළඟ තිබුණත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගත් නිසා පැරදුණු බව කීවා. අපිට අහන්න තියෙන්නේ එක දෙයයි. එදා සිටි හොරුන්ගෙන් අද නැත්තේ කවුද කියලයි. එදාට වඩා අලුත් හොරු එකතු වී ඉන්නවා හැර අඩුවී නැහැ. රාජපක්‍ෂ පවුල ගත්තත් එහෙම තමයි. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් ලෝකයේ කොහේ හිටියත් ගේනවා කියූ අය පවුලේ කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති බව අපි දන්නවා. එදා අනුර දිසානායක සහෝදරයා හෙළිකළ තොරතුරු පිළිගන්න අකමැති වුණු අයට දැන් සියලුම දේවල් හෙළිවී තිබෙනවා. පරීක්‍ෂණවලටට විශ්‍රාමික විනිසුරුවරුන් පත්කරන බව කියනවා. ඒ ගොල්ලොම ප්‍රශ්නය දීලා ඒ ගොල්ලොම උත්තර බලාපොරොත්තු වෙනවා. මේ ජාතියේ කොමිෂන් අපි කොච්චර දැක තිබෙනවාද? එවකට සිටි ජගත් බාලපටබැඳි අල්ලස් කොමිසමේ සභාපතිවරයාට විරුද්ධව මම පුද්ගලිකව පැමිණිල්ලක් කර තිබෙනවා. අද වෙනතුරු මගෙන් විමසීමක්වත් කර නැහැ. මේවාගෙන් ඇත්ත හෙළිදරව් වෙන්නේ නැහැ. අනික් පැත්තෙන් පැන්ඩෝරා වාර්තාවෙන් නිරූපමා රාජපක්‍ෂගේ නම හෙළිවුණාට අනෙක් රාජපක්‍ෂලා ගැන හෙළිවෙන්නේ නැහැ. මේ රාජපක්‍ෂ පාලනයෙන් පැන්ඩෝරා සම්බන්ධයෙන් හොයන්න සාධාරණ පරීක්‍ෂණයක් පවත්වයි කියලා හිතනවා නම් ඒ තරම් මිත්‍යාවක් තවත් නැහැ.”

කිරිපිටි මිල තීරණය : ආනයනකරුවන් අතට ?

ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520.00 ක් දක්වාත්, කිලෝ ග‍්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1300.00 ක් දක්වාත් මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.

කිරිපිටි සදහා රජය පනවා තිබුණු පාලන මිල ඊයේ (07) රාත‍්‍රියේ සිට කැබිනට් අනුමැතිය ගෙන අහෝසි කර තිබේ.

කෙසේ වෙතත්, මේ යන ආකාරයට කිරිපිටි සුඛෝපභෝගී භාණ්ඩයක් වීමටත් ඉඩක් ඇත.

ඒ මීට පෙර කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව පැවතියේ රුපියල් 380.00 කට පමණ මිලකට වුවත් එය දැන් ක්ෂණික රුපියල් 520.00 ක් දක්වා මිල ඉහළ දැමීමට සැරසෙන නිසාය.

අපි රටෙන් ගියේ නෑ - තිරූ

තමන් සහ තම බිරිඳ රටින් පිටව ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරු නඩේෂන් සඳහන් කරයි.

පැන්ඩොරා පත්‍රිකා මගින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (08) අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව හමුවට පැමිණ සිටියේය.

ජනාධිපති නියෝගයක් අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන්නේ මසක් ඇතුළත වාර්තාවක් ලබා දීම සඳහාය.

රසායනික පොහොර තහනම : තේ සඳහා රිවස් !

තේ වගාව සදහා රසායනික පොහොර භාවිතයට අවසර දීමට රජය තීරණය කර තිබේ.

තේ වගාව කාබනික පොහොර භාවිතයට පියවරෙන් පියවර ගෙන යන තෙක් මෙලෙස රසායනික පොහොර භාවිතයට අවසර දීමට තීරණය වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පැවති කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන ඇත.

A/L හා ශිෂ්‍යත්ව විභාග දින නියමයක් නැතුව කල් යයි

නොවැම්බර් මස පැවැත්වීමට තිබූ අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් දමන්නට සිදු වෙන බව අධ්‍යාපන ප්‍රතිසංකරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද(07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂනායකවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ අදහස් දැක්වීය.

අමාත්‍යවරයා පවසන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දීර්ඝ කලක් රට හා පාසල් වසා දැමීමම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වී ඇති බවයි.

අධ්‍යාපන බලධාරින් හා අනෙකුත් වගකිව යුතු නිලධාරින් සමඟ පවත්වන සාකච්ඡාවකින් අනතුරු ව විභාගය පැවැත්වෙන දින වකවානු තීරණය කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍යවරයා විභාග කල් දැමීමට සිදු වන බව පාර්ලිමේන්තුවේදී අද පැවැසුවේ දෙවැනි වතාවටයි.

මින් පෙර පසුගිය 05 වැනිදා ද ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා නැගූ පැනයකට පිළිතුරු දෙමින් විභාග කල් දැමීමට සිදු වන බව හෙතෙම පැවසීය.

අධ්‍යාපන අයිතිය මර්දනයට එරෙහිව ජාත්‍යන්තර සහය !

උසස් අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමට එරෙහිව සටන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ සහ  අඩන්තේට්ටමට ලක් වූ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අයිතිවාසිකම් උද්ඝෝෂකයන් වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගිතාවය නැග එමින් පවතී.
 
සිය විරෝධතා ක්‍රියාවන් හේතුවෙන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගන්නා ලද රටෙහි විශාලතම උපාධි අපේක්ෂක සංගමයේ තිදෙනකු ඇතුළු ප්‍රධාන ක්‍රියාකාරීන් පස් දෙනකු මාස දෙකකට ආසන්න කාලයක් කිසිදු චෝදනාවක් නොමැතිව රඳවාගෙන සිටී. දේශපාලන ක්‍රියාකාරිනී කෝෂිලා හංසමාලි පෙරේරා රැඳවුම් භාරයේ සිටියදී කොවිඩ් 19 ආසාදනයට ලක්ව ඇත.
 
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයන් වන වසන්ත මුදලිගේ, අමිල සංදීප සහ හේෂාන් හර්ෂණ මෙන්ම චමීර කොස්වත්ත ද රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

243936193 1053045105235728 3070318652681951930 n

 

ශ්‍රී ලංකාව තුළ අත්අඩංගුවට ගත් සියළුම වෘත්තීය සමිති නියෝජිතයන්, ගුරුවරුන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව දියත් කරන මර්දනය නවතා ඔවුන් වහාම නිදහස් කරන ලෙස ජාත්‍යන්තර වෘත්තීය සමිති සංවිධාන ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම කර ඇත්තේ යුරෝපීය වෙළෙඳපොළට ප්‍රවේශ වීමේ වරප්‍රසාදය සලසා දෙන GSP+සහනය ලබා දීමේ හැකියාව තක්සේරු කිරීම සඳහා පැමිණි ඉහළ පෙළේ යුරෝපා සංගම් නියෝජිත පිරිසක් මෙරට සිටින අතරතුරය. ජීඑස්පී+ සහනය ලෙස හඳුන්වන මෙම පහසුකම, මානව හා කම්කරු අයිතිවාසිකම්, යහපාලනය සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරන බවට වන කොන්දේසි මත රඳා පවතී.

නවසීලන්තයේ සියලුම ප්‍රධාන අධ්‍යාපන වෘත්තීය සමිති එක්ව "ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පාන සිසුන්ට, ගුරුවරුන්ට සහ වෘත්තීය සමිති ක්‍රියාකරුවන්ට එරෙහි මර්දනය අවසන් කරන ලෙස" ශ්‍රී ලංකා රජයට අවධාරණය කරයි.

නවසීලන්තයේ තෘතීයික අධ්‍යාපන සංගමය (TEU), පශ්චාත් ප්‍රාථමික ගුරු සංගමය, තේ රියු රෝ අධ්‍යාපන ආයතනය සහ ස්වාධීන පාසල් අධ්‍යාපන සංගමය (ISEA) විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රමුඛ ක්‍රියාධාරීන් වන කථිකාචාර්ය අමින්ද ලක්මාල් සහ කථිකාචාර්ය මහීම් මෙන්ඩිස්ට එරෙහි තර්ජන පිළිබඳවද සඳහන් කොට තිබේ.

"අත් අඩංගුවට ගත් ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙසත්, චෝදනා ඉවත් කරන ලෙසත්, උසස් අධ්‍යාපන මිලිටරීකරණය ට (KNDU පනත් කෙටුම්පත ට) විරෝධය දක්වන වෘත්තීය සමිති, අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහි මර්දනය අවසන් කරන ලෙසත්, වසර 24 ක් පුරා නොවිසඳුන වැටුප් විෂමතාවන්ට විසඳුමක් ඉල්ලන වෘත්තීය සමිති දඩයම් කිරීම වහාම නතර කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු,” යැයි ඉල්ලා සිටිමින් ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති, සමාජවාදීන් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු නිවේදනයක් නිකුත් කොට ඇත .

ඕස්ට්‍රේලියා - ආසියා සේවක සම්බන්ධතාවය (AAWL), කම්කරු සහයෝගිතාව, ASF - ජාත්‍යන්තර සේවක සංගමය, සමාජවාදී සන්ධානය, වික්ටෝරියාවේ සමාජවාදීන්, යාරා නාගරික මන්ත්‍රී ස්ටීවන් ජොලි, මොර්ලන්ඩ් නගර සභිකා සූ බෝල්ටන් සහ මාරිබිර්නොංහි නගර සභික ජෝර්ජ් ජෝර්කෙරා මෙම ප්‍රකාශයට අත්සන් තබා තිබේ.

2021 සැප්තැම්බර් 22 දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී ප්‍රශ්න කරන ලද ශ්‍රී ලංකා ජාතික විදුහල්පති වෘත්තීය සමිති සභාපති මොහාන් වීරසිංහ සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගම් සාමාජික සිරිනි ද සිල්වා යන අය පිළිබඳව ද නවසීලන්ත වෘත්තීය සමිති විසින් කරුණු දක්වා ඇත.

අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහිව සටන් වැදීම නිසා පසුගිය ජූලි මාසයේදී ගුවන් හමුදා කඳවුරක රඳවා සිටි ලංකා ගුරු සංගමයේ (CTU) ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සහ තවත් වෘත්තීය සමිති නියෝජිතයින් කිහිප දෙනකුට සහයෝගය පල කරමින් මතුවුණු ජාත්‍යන්තර විරෝධය හේතුවෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකාවේ රජයට සිදුවිය.

කෙසේ වෙතත්, වැඩ වර්ජනයේ යෙදී සිටින ගුරුවරුන්ට එරෙහිව 'දැඩි පියවර ගන්නා' බව ට මහජන ආරක්‍ෂක ඇමතිවරයා නිතරම තර්ජනය කරමින් සිටි බැවින් වෘත්තීය සමිති ක්‍රියාකරුවන් හා අධ්‍යාපනයේ අයිතිය සඳහා සටන් වදින ක්‍රියාකාරීන් අතර භීතියක් ඇති වී තිබේ.

(The leader .lk)

 
 

කාබනික පොහොර වැඩේ ලණුවක් : විමල්ගේ පක්ෂයත් පහර දෙයි !

කාබනික පොහොර සඳහා ගොවීන් ක්ෂණිකව යොමුකිරීම නොතිබූ සටනකට ඔවුන් බලහත්කාරයෙන් කැඳවීමක් බවත් එබඳු ක්‍රියාමාර්ග වී ගොවියා පමණක් නොව එළවළු ගොවීන්, තේ වගාකරුවන්, පොල් වගාකරුවන් ඇතුළු සමස්ත ගොවි ප්‍රජාව මෙබඳු ලෝක ව්‍යාප්ත වසංගත සමයකදී “කබලෙන් ලිපට ඇද දැමීමක්” බව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස පවසයි.

ඔහු මෙසේ පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ඊනියා විද්වතුන්ගේ “ලණු කමින්” මෙවැනි ක්ෂණික තීන්දු ක්‍රියාත්මක කිරීම වෙනුවට ආණ්ඩුව තමන් බලයට පත් කළ 69 ලක්ෂයක ජනතාවගෙන් බහුතරය නියෝජනය කරන ගොවි ජනතාව පිළිබඳ ගැඹුරින් සිතා බැලිය යුතුව තිබූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙවැනි අපරිනත ආකාරයේ තීන්දු ක්‍රියාත්මක වීමට බලපාන්නේ මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට පූර්ණ ලෙස ආරම්භයේ සිට කටයුතු කළ බලවේග හා දේශපාලන පක්ෂ නායකයන් සමග නිසි සංවාදයක් පවත්වාගෙන නොයාම බව ද මන්ත්‍රීවරයා පැවසීය

මෙබඳු වසංගත කාලසීමාවක ආහාර සුරක්ෂිතතාව රැක ගැනීම ඉතා වැදගත් බවත් ඉහත ක්ෂණික කාබනික පොහොර ක්‍රියාන්විතය හේතුවෙන් ගොවීන් ගොවිතැන අත හරින තත්වයකට පත්ව ඇති බව කී පියතිස්ස මන්ත්‍රීවරයා මෙවර වගා කිරීමට නියමිත කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 03 දක්වා අඩු වීමේ අවදානමක් ඇති බවටද අනතුරු ඇඟවූයේ ය.

වී ගොවිතැන ආරක්ෂාකර ගැනීමට ‘සහතික මිල ඉතා වැදගත් බවත්’ නාඩු වී කිලෝග්‍රෑමයට රුපියල් 60ක සහතික මිලක් නියම කර පාරිභෝගිකයාට නාඩු සහල් කිලෝග්‍රෑමය රුපියල් 110 ලබාදීම තම යෝජනාව බවත් පිටරටින් ගෙනෙන ඇපල් වැනි දෑට සහ සිගරට්, අරක්කු, බුලත්විට වැනි දෑට ඉහළ මිලක් ගෙවන පාරිභෝගිකයා තමන් තුන්වේලට කන බත්පත වෙනුවෙන් එම වියදම බරක් කර නොගන්නා බව තමන්ට විශ්වාස යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Page 416 of 462