නිමල් ලන්සා මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක වෙනත් ආයතනයකට මාරු කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රජයේ ඉහළ බලධාරීන් ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසා ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවසේ.
ඔහු වෙනත් රාජ්‍ය අමාත්‍යාංශයකට හෝ රජයේ වෙනත් ආයතනයක ඉහළ තනතුරකට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ද වාර්තා වේ.
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා සමඟ ඇතිවූ බව කියන මත ගැටුමක් හේතුවෙන්, සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය ද අමාත්‍යාංශයෙන් ඉකුත්දා ඉවත් කර ගත්තේය.
එම පෞද්ගලික කාර්ය මණ්ඩලය ඊයේ දිනයේද අමාත්‍යංශය නොසිටි බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.
– lankadeepa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
