මදුරන්කුලිය ප්‍රදේශයේ දුම්රියේ ගැටිමෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත්වු යුද හමුදාවේ නිලධාරියකුගේ සිරුරක් ඊයේ (16) දහවල් ප්‍රදේශවාසින් කළ දැනුම් දිමකින් පසු සොයා ගත් බව මඳුරන්කුලිය පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුස්ස කඳවුරේ සේවය කරමින් සිටි ආබාධිත නිලධාරියකු වු මදුරන්කුලිය කිර්තිසිංහගම පදිංචිව සිටි දෙදරු පියකු වන 34 හැවිරිදි වර්ණකුලසුරීය අමිල ප්‍රශාන් නමැත්තා බව පොලිසිය සඳහන් කරයි.
කිසිවකුටත් නොකියා මදුරන්කුලිය නගරයට ගියේ ඇයි?
නිවාඩු ලබා නිවෙසට පැමිණ සිටියදී නිවසේ කිසිවකුටත් නොදන්වා පෙරේදා (15) දින රාත්‍රියේ නිවෙසින් ගිය තම සැමියා පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති වීම හේතුවෙන් ඔහුගේ බිරිය සහ ඥාතීන් ඔහුගේ ජංගම දුරකථනයට රාත්‍රිය පුරාම ඇමතුම් ලබා ගෙන තිබූ බවට වාර්තා වේ.
පසුව ඊයේ (16) දින දහවල් මදුරන්කුලිය නගරයට ආසන්නයේ පුත්තලම දෙසට වන්නට දුම්රිය මාර්ගයේ තිබී මෙම යුද හමුදා නිලධාරියාගේ සිරුර හමුව තිබිණ.
ඒ ආසන්නයේ මත්පැන් බෝතල් දෙකක් ද තිබි ඇති අතර ඒ අසලම ඔහු භාවිත කළ ජංගම දුරකතනය ද තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇත.
අදාල ස්ථානයට ගිය මදුරන්කුලිය පොලිස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනවලදි මේ වන විට තහවුරු වී ඇත්තේ මෙම තැනැත්තා දුම්රිය මාර්ගය අසල වාඩි වී සිටියදි පෙරේදා (15) දින රාත්‍රියේ කොළඹ සිට පුත්තලම දක්වා ගමන් ගන්නා බංගදෙනිය දුම්රියට ගැටී විසිවි ගොස් ඇති බවයි.
නමුත් එය දුම්රීය රියැදුරුගේ නිරික්ෂණයට ලක් නොවීම හේතුවෙන් එය වාර්තා වී නොතිබිණ.
මරණය ගැන පවුලේ ඥාතීන්ට සැකයක් !
පවුලේ ඥාතින් පවසන්නේ මෙලෙස මරණයට පත්වු අමිලගේ දෙවැනි දරුවා මීට මාසයකට පමණ පෙර යම් ආබාධිත තත්ත්වයකින් මරණයට පත්වීමෙන් ඔහු දැඩි කම්පනයට පත්ව සිටි සිටි බවයි.
කෙසේ නමුත් මොහු කුමන හේතුවක් මත දුම්රිය මාර්ගය අසලට යන්නට ඇත්දැයි සැක සහිත බව ඔහුගේ ඥාතින් පවසති.
ජයග්‍රහණ රැසක් හිමිකර ගත් ක්‍රීඩා තරුවක්
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ අමිල, ශ්‍රී ලංකා යුද හමුදා පැරා තරඟාවලිය සඳහා සහභාගි වෙමින් ජයග්‍රහණ රැසක් හිමිකර ගත් ක්‍රීඩා තරුවක් බව වාර්තා වේ.
මොහු 2018 වසරේදි ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ඉන්දුනිසියාවේ පැවැති පැරා ඔලිම්පික් තරගාවලියට සහභාගි වි එහිදි මිටර් 100 හා 200 මලල ඉසව්වලින් රන් පදක්කම් ලබා දුන් රන් පදක්කම්ලාභි ක්‍රීඩයකු ද වෙයි.
එලෙසම ඔහු, තවත් රටවල් ගණනාවකම තරඟ රැසකට සහභාගි වී ඇති අයකු බව ද පැවසේ.
මෙම නිලධාරියා මේ වසරේ යුද හමුදා වර්ණ ප්‍රදාන රාත්‍රියේදි සම්මානයට පාත්‍ර වි ඇති බවද වාර්තා වේ.
ඔහු, එල්.ටී.ටී.ඊ පරාජය කිරීමේ සටනේ දි පුදුකුඩිඉරිප්පුව ඉදිරි ආරක්ෂක වලල්ලේ දී දරුණු ලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ආබාධිත වි ඇත.
අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ අමිල ප්‍රශාන් මදුරන්කුලිය නගරය හා ඔහුගේ ගම් ප්‍රදේශය වු කිර්තිසිංහගම ප්‍රදේශවල කා අතරත් හිත් ගත් ප්‍රිය මනාප චරිතයක් බව ප්‍රදේශවාසීන් පවසති.