ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන්නැයි බලකරමින් ජනතා අත්සන් ලබාගැනීමේ පෙත්සමට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් ද අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
දෙමළ ජාතික සන්ධානයේ මූලිකත්වය මත සියළු ජාතින් නියෝජනය වන සිවිල් හා දේශපාලන බලවේගවල සහායෙන් මෙම පෙත්සම් ව්‍යාපාරය දීපව්‍යාප්තව සිදුවන අතර කොළඹ දිස්ත්‍රික්කයේදී මෙම පෙත්සමට අත්සන් ලබාගැනීම කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් අගරදගුරු හිමිපානන් හමුවී මේ පෙත්සම ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
