අමාත්‍ය විමල් විරවංශ ගේ ෆේස්බුක් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඔහු විසින් සඳහන් කර සිටියි.
අමාත්‍යවරයා පවසන්නේ තම ෆේස්බුක් ගිණුම දින ගණනක සිට තමන්ට භාවිත කිරිමට නොහැකි වන අයුරින් පැවති බවය.
මේ වන විට සිය ගිණුමේ පාලනය තමන් ලබා ගත් බවත්, එම කාල සීමාවේදී ගිණුම ලබාගත් පුද්ගලයා විසින් සිදුකළ පොස්ට් ෂෙයාර් කිරීම් සඳහා වග විභාගයකින් තොරව අදහස් ප්‍රකාශ කළ අය සම්බන්ධයෙන් අනුකම්පා කරන බවට ද අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
