පුවත්

නිරූපමාට උත්තර නැතිවුණ ප්‍රශ්න මෙන්න !
ලෝකයේ ධනය සඟවන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් හෙලිදරවු කිරීමක් සිදු කර ඇති සිදු කර ඇති විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ජාලය (ICIJ) විසින් මෙරට හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ සම්බන්ධයෙන් හෙලිදරවු කිරීමක් කර තිබිණි.
අදාල හෙලිදරවු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ඇයගෙන් විමසුවත් ඒ සදහා ප‍්‍රතිචාර නොදැක්වූ බවද ඔවුන් සදහන් කරයි.
එම සංවිධානය විසින් හිටපු ඇමතිනියට යොමු කර ඇති ප්‍රශ්න වල සිංහල පරිවර්ථනය මෙසේය.
1) අපි දැක ඇති ලියකියවිලි වලින් පෙන්නුම් කෙරෙන්නේ 1990 ගණන් වල මුල් භාගයේ සිට 2010 ගණන් වල මුල් භාගය දක්වා (ලංකාවේ ගැටුම් පැවති සමයේ) ඔබ රොසෙට් සමාගමේ “පාලන පක්ෂය” වූ අතර මෙම සමාගම උපදේශක ගාස්තු ලබා ගැනීම , සිඩ්නි සහ ලන්ඩන්හි දේපළ මිලදී ගැනීමට භාවිතා කරන ලදී. මේක හරිද? රොසෙට් හි ඔබේ භූමිකාව කුමක්ද?
2) ඔබ රටේ නීතියට අනුව ඔබ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වලෙස පත් වූ විට රොසෙට්ටි හි ඔබේ අයිතිය ඔබ ප්‍රකාශ කළාද? ඔබ දේපල වල ඔබේ අයිතිය ප්‍රකාශ කළාද?
3) ඔබේ සමාගම කොන්ත්‍රාත්කරුවෙකු ලෙස බඳවා ගත් රජයේ ආයතනවලට රොසෙට්ටිගේ අයිතිය ඔබ හෙළි කළාද? එසේ නොකළේ නම් ඇයි?
4) අපි දුටු ලේඛන වලින් පෙන්නුම් කරන්නේ ඔබ ඩොලර් මිලියන 51 ක කලා එකතුවක් ඇති “පැසිෆික් භාරයේ” ප්‍රතිලාභියෙකු බවයි. මෙය නිවැරදිද? එසේ නම්, ඔබ රටේ නීතියට අනුව එසේ කිරීමට අවශ්‍ය නම් ඔබ බදු බලධාරීන්ට මෙය අනාවරණය කළාද?
5) ඔබේ සැමියා වන නඩේසන් විසින් පිහිටුවන ලද සමාගම් සහ භාරයන්, එනම් Sරි ණිති ඨෘස්ට්, ඵcඉෆිc ඨෘස්ට්, ඵcඉෆිc cඔම්මොඩිටීස්, ඵල්ලෙනෙ, ඡලන් Oඉල් අන්ඩ් ර්‍එඩ් ර්‍උත් ඓන්වෙස්ට්මෙන්ට්ස් තුළ ඔබේ භූමිකාව කුමක්ද?
6) 2014 සම්මුඛ සාකච්ඡාවකදී ඔබ පැවසුවේ “කාන්තාවන් වශයෙන් අපට පිරිමින්ට වඩා හොඳ ගුණාංග තිබෙන බවත් වඩාත් අවංක බවත් අල්ලස හා දූෂණයට ගොදුරු වීමේ අවදානම අඩු බවත්” ය. කරුණාකර ඔබට ඒ ගැන විස්තර කළ හැකිද?
(Lanka lead )

සුදුළූණු වංචාව බන්දුල පිළිගනියි !
සුදුළූණු වංචාවක් සතොස ආයතනයේ සිදු වූ බව අවංකවම පිළිගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
එම ආයතනයේ වංචාවක් සිදු වූ පළමු හෝ අවසන් අවස්ථාව එය නොවන බවත් අමාත්‍යවරයා පවසයි.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙසේ සඳහන් කර සිටියේ විපක්ෂ නායක මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.
සුදුළූණු වංචාව සම්බන්ධ ගනුදෙනුවේදී ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බැහැරව මිල ගණන් අයථා ලෙස ලබාගෙන ඇති බව මෙන්ම ඊට අදාළ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.
අදාළ මිලදී ගැනීම් පවා සිදුවී ඇත්තේ නිශ්චිත ක්‍රමවේදයෙන් බැහැරව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

රිෂාඩ් බදියුදීන් තවදුරටත් රිමාන්ඩ්
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මේ මස 08වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ බදියුදීන්ට එරෙහි පැමිණිල්ල අද (05) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
සැකකාර රිෂාඩ් බදියුදීන මහතා කර්මාන්ත අමාත්‍යවරයාව සිටිය දී පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්සාෆ් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් "කෝලෝසස්" තඹ කර්මාන්ත ශාලාවට විශේෂ සැලකිල්ලක් දක්වා තඹ තොග ලබා දීම තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මාස පහකට අධික කාලයක් රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (02) වගන්ති ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු මෙම සිද්ධියට අදාළව පළමු වරට අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ ඉකුත් සැප්තැම්බර් මස 10 වැනිදාය.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදාය.

ගුරුවරුන්ගෙන් රට පුරා කළුකොඩි : ජනාධිපති සුබ පතයි !
අද (05) ට යෙදී තිබෙන ලෝක ගුරු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පණිවිඩයක් නිකුත්කර ඇත.
එය මෙසේය.
“ගුරුවරයා යනු සුපැහැදිලි අනාගතයක් උදෙසා දරුවාට මඟ පෙන්වන්නා ය. දෙමව්පිය ඇසුරෙන් පසු ගුරු ඇසුරට පත් වන දරුවා හික්මවමින් ගුණවත්, විනයගරුක හා දැනුමින් සපිරි දරුවකු බවට පරිවර්තනය කර සමාජගත කරන්නේ ගුරුවරයා ය. එවැනි අභිමානවත් හා ගෞරවනීය වෘත්තියක නියැලෙන ඔබ සැමට සුබ ගුරු දිනයක් වේවා යි අද දින මාගේ සුභාශිංසන එක් කරන අතර ම තවත් සුවහසක් දරු පිරිසක් දැනුමින්, නුවණින් හා විනයෙන් පෝෂණය කිරීමට හැකි වේවා යි මම ප්‍රාර්ථනා කරමි.”
ගුරුවරුන් කළුකොඩි දායි !
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙසේ ලෝක ගුරු දිනය වෙනුවෙන් සුබ පැතුවත්, මේ මොහොතේ පොදුජන පෙරමුණේ ගුරු වෘත්තීය සමිතිය හැර අනෙක් සියලු ගුරු - විදුහල්පති වෘත්තීය සමිති වර්ජනයක් දියත් කර ඇත.
ඒ වසර 24 ක් පැරණි ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කර ගැනීම සඳහා ය.
අදාළ ගැටළුව විසඳන බව වත්මන් පාලනයේ මැතිවරණය පොරොන්දුවක් ද වෙයි. එසේම වැටුප් විෂමතා ඉවත්කරන ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලන සුබෝධිනී කමිටු වාර්තාවත් ආණ්ඩුව ඉදිරිපත් කරනු ලැබුවකි.
මාස කිහිපයක් වන මේ ගුරු විදුහල්පති වෘත්තීය අරගලය කුමන්ත්‍රණයක් , කඩාකප්පල් වැඩක්, කාලකන්නි, ෂයිලොක්, නිකං ඉඳලා පඩි ගන්න පිරිසක් ආදී විවිධ ලේබල් ගැසීමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පසුගිය සමයේ කටයුතු කරනුද දකින්නට ලැබිණ.
එසේම ගුරු විදුහල්පති වෘත්තීය සමිති විරෝධතාවක් හේතුවෙන් පිරිසක් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම , අධිකරණයට ඉදිරිපත් කිරීම් ද සිදුවිය.
කෙසේ වුවත් ආණ්ඩුව දැනට ආණ්ඩුව කියන්නේ රුපියල් 5000ක දීමනාවක් දැනට ගෙවන්න සූදානම් බවයි. ගුරු විදුහල්පති වෘත්තීය සමිති කියන්නේ තමන්ගේ ඉල්ලීම දීමනාවක් නොවන බවයි. එබැවින් ඉල්ලීම ඉටුවන තුරු වෘත්තීය අරගලය ඉදිරියට ගෙනියන බවත් ඔවුන් පවසයි.
එහිදී ලෝක ගුරු දිනය නිමිත්තෙන් අද අධ්‍යාපන කළාප මට්ටමින් උද්ඝෝෂණ විරෝධතා දියත්කරන බවත් හෙට රට පුරා කලුකොඩි දමන බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

ආචාර්ය ශිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වෙයි
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ශිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය.
1992 වසරේ සිට 2001 වසර දක්වා ආචාර්ය ශිරාන් දැරණියගල මහතා පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.
විශ්‍රමිකව සිටි හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කුරුවිට එක්නැළිගොඩ වලව්වේ ජීවත්වූ අතර පාහියන්ලෙන ආශ්‍රිතව කැනීම් ආරම්භ කරන ලද්දේ ශිරාන් දැරණියගල මහතාගේ ප්‍රධානත්වයෙනි.
පෝල් එඩ්වඩ් පීරිස් දැරණියගල ( පී.ඊ.පී. දැරණියගල) ශිරාන් දැරණියගල මහතාගේ පියා විය. මව ප්‍රීති මොලමුරේ මහත්මියයි. පවුලේ තුන්වැන්නා ශිරාන් දැරණියගල මහතායි.
ඓතිහාසික එක්නැළිගොඩ පරපුර ඔහු නියෝජනය කරයි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපන ලැබූ ශිරාන් දැරණියගල මහතා වාස්තු විද්‍යාව සහ සංස්කෘතික භාෂාව සම්න්‍ධයෙන් කේම්බි්‍රජ් විශ්ව=විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ඇත. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාව සම්බන්‍ධයෙන් ගෞරව පන්තියේ උපාධියක් හිමිකරගෙන ඇත.
1968 දී කැනීම් අංශයේ සහකාර කොමසාරිස්වරයකු ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එක්විය. බුලත්සිංහල පාහියන්ලෙන ආශ්‍රිව පුරාවිද්‍යා කැණීම් 1968 දී මුල්වරට ආරම්භ වන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ මූලිකත්වයෙනි. ඒ අනුව පුරාවිද්‍යාත්මක සාධක සහිත මිනිස් සුසානයන් පාහියන්ගලින් සොයාගන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසිනි.
අනුරාධපුර ගෙඩිගේ ආශ්‍රීතව පුරාවිද්‍යා කැණීම් 1969 දී මුලින් ම ආරම්භ කරන්නේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ උපදෙස් අනුවය.
වසර එක් ලක්‍ෂ තිස් දහසකට පෙර ලංකාවේ නැගෙනහිර වෙරළ ආශ්‍රිතව ‘ඉරණමඩු පාංශු සංගතිය’ සම්බන්‍ධයෙන් ශිරාන් දැරණියගල මහතා කළ ගවේෂණය ඇතුළත් නිබන්ධනයට හාවඩ් විශ්වවිද්‍යාලය මගින් 1988දී ආචාර්ය උපාධියක් පිරිනැමීය. 1992 සිට 2001 දක්වා ලංකාවේ පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ද ආචාර්ය ශිරාන් දැරණියගල මහතායි.
ශ්‍රීලංකාවේ පුරාවිද්‍යා අධක්‍ෂ ජනනරාල් තනතුරේ පියපුතු දෙපලක් සේවය කිරීමේ ගෞරවය ලබාදුන්නේද ශිරාන් දැරණියගල මහතාටය.
ශ්‍රීලංකාවේ පැරණිම මානවයා විසු බවට පුරා විද්‍යා සාධක සොයාගත් කුරුවිට ඓතිහාසික බටදොඹ ලෙනට කිලෝමීටර් දෙකක පමණ දුරකින් ආදාර්ය ශිරාන් දැරණියගල මහතා ජීවත්ව ඓතිහාසික එක්නැළිගොඩ වලව්ව පිහිටා ඇත.

ජාතික ධජය එක අතක - කළු කොඩිය අනෙක් අතේ : සිංහල ඩයස්පෝරාව ජිනීවාවේ !
ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙන් ඇරඹි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ල ඉතාලියෙන් ප්‍රංශයට , ප්‍රංශයෙන් ඇමරිකාවට පැමිණ පසුගියදා ජිනීවා වෙත සේන්දු විය.
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් නීතිය හමුවට ගෙන ඒම, පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම , දේශපාලන විරුද්ධවාදීන් ඉලක්කකර දියත්කර ඇති මර්දනය ඇතුළු ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන පිළිවෙතට විරෝධය දැක්වීම මෙහිදීද සිදුවිය.
ශ්‍රී ලංකාව තුළ සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදීව තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන්නට නොහැකිව මර්දනයට මුහුණදී සිටින සහෝදර ජනතාව වෙනුවෙන් ඉතාලියේ වෙසෙන සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකියන් ප්‍රමුඛව සමස්ථ යුරෝපයේම ජනතාව එක්ව සිටින බවේ පණිවිඩය මේ හරහා නිකුත්වීම විශේෂය.
එසේම ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය,ඔස්ට්‍රියා හා ජර්මනිය ඇතුලු යුරෝපා රටවල් රැසකින් දැඩි අහිතකර කාළගුණික තත්ත්වය පවා නොතකා මෙකී විරෝධතා උද්ඝෝෂණය සඳහා සහභාගි වීමත් සුවිශේෂී සිදුවීමකි.
සිවිල් ක්‍රියාකාරීන්, නීතිවේදීන්, ලේඛකයන්, මාධ්‍යවේදීන්, විවිධ වෘත්තිකයන් මීට එක්ව සිටි අතර ඒ තුළ සිංහල දෙමළ මුස්ලීම් සියලු ජනකොටස් නියෝජනය විය.
ඒ අනුව මෙය ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙ , සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකියන්ගෙ යුරෝපා හඬ බවට විවාදයක් නැත.
ඒ බව තහවුරු කෙරුනේ සිංහල, දමිල, මුස්ලිම් සියලු අගම් නියෝජනය කරමින් , ආගමික නායකයින් පවා මෙම විරෝධතා උද්ඝෝෂණය සඳහා එක්වීම නිසයි.
මවුලවි වරුන්, බෞද්ධ භිභික්ෂුන්, කතොලික පූජක තුමන්ලා රැසක්ද රැස්ව සිටි පිරිස් වෙත අධිෂ්ඨානයෙන් එකමුතුව පාස්කු ප්‍රගාරයේ සත්‍ය සොයා යන ගමනට ආශිර්වාද කරද්දී, පැමිණ සිටි පිරිස් එක් හඬින් කියා සිටියේ තව දුරටත් පාස්කු ප්‍රහාරයේ සත්‍ය වසන් කරන්නේ නම් ජිනීවා වලින් නොනැවතී "හේට් යුධ අධිකරණය" දක්වා වුවත් මේ අවනඩුව ගෙනියන බවයි.
එසේම පක්ෂ පාට භේදයකින් තොරව අඛණ්ඩව විරෝධතා ක්‍රියාත්මක කරණ බවත් පැවසිණ.
ඉතාලියේ වෙසෙන වත්මන් ආණ්ඩුවේ හෙංචයියන් කීප දෙනෙක් සිටින " අටේ කල්ලිය සහ කුප්‍රකට කෝට් කල්ලිය" මෙවරත් උද්ඝෝෂණය සඳහා පිරිස සහභාගිවීම වැළැක්වීමට විවිධ කඩාකප්පල් ක්‍රියා දියත් කරත් ඒවා විශ්වාස කරන උදවිය ඉතාලියේ හිඟවෙමින් ඇත.
ජනතාව වෙත පාලකයන් ලබාදුන් ප්‍රධාන පොරොන්දු ඉටුකිරීමට බලකිරීම දේශද්‍රෝහි ක්‍රියාවක් නොව, සැබෑ පුරවැසි වගකීම බව මිනිසුන් විශ්වාස කරන්න ගෙන ඇත. මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ජිනීවා යාම තවදුරටත් කොටින්ට කඩේයාමක් ලෙස මිනිසුන් සලකන්නේ නැත.
දැන් එය සිය සහෝදර ජනතාවගේ අයිතිවාසිකම් රැකදීමට , ඒ වෙනුවෙන් ලෝකයේ අවධානය යොමුකිරීමට සහ ඒ හරහා ආණ්ඩුවේ මර්දන ක්‍රියාවලිය පාලනය කරවීමට කරන ශිෂ්ට සම්පන්න මැදිහත්වීමක් බව මිනිසුන් පිළිගනිමින් ඇත.
එනිසා , මැති ඇමතිලා ගේ හයියෙන් යුරෝපයේ පුරසාරම් දොඩවන, අගමැති ඉන්න හෝටලය වටේ කැරකෙමින් තේ සාදයක් ඉල්ලගෙන , හරි සර්, බුදු සර් ගාන, පම්පෝරිකාරයන්ව මිනිසුන් පිළිකුලෙන් බැහැර කරන්න ගෙන ඇත.
මේ හරහා කියාපාන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පසුබිම ස්ථාවර කිරීමට , වින්දිතයන්ට යුක්තිය ඉටුකර දීමට ඇතුළු ආණ්ඩුවේ මර්දනීය ප්‍රතිපත්තියට එරෙහි ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙ විරෝධතා උද්ඝෝෂණ රැල්ල ඉදිරියට තවත් සාර්ථකව නැගෙන්නට නියමිත බවය.
සුමුදු මද්දුමආරච්චි.
මිලානෝ,
ඉතාලිය.
https://www.newstube.lk/news?start=7506#sigProIdf6b349e86f

සමාජ මාධ්‍ය පද්ධති බිඳ වැටේ
ලෝක ප්‍රකට ෆේස්බුක් ආයතනය සතු, Facebook, Instagram, WhatsApp හා Messenger සමාජ ජාල මාධ්‍ය හා සන්නිවේදන පද්ධතියේ බිඳ වැටීමක් වාර්තා වෙයි.
මෙරට වේලාවෙන් පස්වරු 9 .15 ට පමණ මෙම තත්ත්වය වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බිඳවැටුණු වෙබ් අඩවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන downdetector.com උපුටා දක්වමින් අදාළ සමාජ මාධ්‍ය හා සන්නිවේදන මාධ්‍යවල බිඳ වැටීමක් තහවුරුව ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.
මව් අයතනය වන ෆේස්බුක් ආයතනය නිකුත්කල නිවේදනයේ දැක්වෙන්නේ හැකි ඉක්මනින් නැවත යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.

කොරෝනා මරණ සංඛ්‍යාව 13,102 ක් දක්වා ඉහළට
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ 43 ක් අද (04) වාර්තා කිරීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,102 ක් දක්වා ඉහළ ගියේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 24 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 19 දෙනා කාන්තාවන් ය.
ඊට අමතරව අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 12 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 31 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (04) වාර්තා කරන ලද මෙම මරණ 43 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි : තවම දීලා නෑ - සාකච්ඡා විතරයි - GL
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාව සමග තවමත් සිදුවන්නේ සාකච්ඡාවක් බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් පවසයි.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක සංකීර්ණය ඉන්දීය සමාගමකට දීර්ඝකාලීනව බදු දීම සදහා කටයුතු කරන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරන අතර මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා පවසයි.
කෙසේ වුවද රජයක් ලෙස අත්තනෝමතිකව කටයුතු කිරීමට අදහසක් නැති බව ද ඔහු පැවසීය.
වැඩේ දෙන්න යන්නේ - වෘත්තීය සමිති චෝදනා !
මේ අතර දෙරණ මාධ්‍ය සමග අදහස් දක්වමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති චෝදනා කරන්නේ, ඉන්දීය සමාගමක් වෙත මෙම තෙල් ටැංකි සංකීර්ණය ගිවිසුමක් මගින් ලබාදීමට සූදානම් වන බවත් තෙල් ටැංකි ඉන්දීය සමාගමකට බදු දීමේ සැලැස්ම අතරතුර දැනට මෙරට ඉන්දීය තෙල් සමාගම සතු බෙදාහරින ජාලයද දීර්ඝ කාලීනව ඔවුන් වෙත පවරා දීමේ සූදානමක් ඇති බවයි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝ කාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සුදානම් වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නිර්මාණය කරන ලද තෙල් ටැංකි සංකීර්ණය මුලින් ටැංකි 101 න් සමන්විතවූ අතර දැන් එයින් ඉතිරිව තිබෙන්නේ ටැංකි 99 ක් පමණි.
එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම තෙල් ටැංකි සංකීර්ණය වෙයි.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් 1987 දී අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.
2003 දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබීය.
එම ගිවිසුම ප්‍රකාරව, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 35ක කාලයක් සඳහා බදුදීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දීය සමාගමට පැවරුණි.
එවක පටන් IOC සමාගම භාවිත කර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 15 ක් පමණක් බව බනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.
2017 වර්ෂයේ මෙම තෙල් ටැංකි සංකිර්ණය පිළිබඳ නව ගිවිසුමක් අත්සන් තැබීමට එවක කැබිනට් අනුමැතියද හිමි වී තිබුණි.
එහි සඳහන්ව තිබුණේ IOC සමාගම යටතේ පවතින ටැංකි 15 දිගටම එම සමාගමට බදු දීමටත්, ටැංකි 10 ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීමටත්, ඉතිරි ටැංකි 74 IOC සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම හවුලේ කොටස් අයිතිය දරන නව සමාගමක් මගින් සංවර්ධනය කිරීමට ය.
කෙසේවෙතත් බනිජ තෙල් වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව කිපයක් විරෝධය දැක්වීමත් සමග එම ගිවිසුම අත්සන් තැබීමට නොහැකි විය.
IOC සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 85 යළි භාවිතයට ගැනීමට පෙර පූර්ණ අලුත්වැඩියාවක් කළ යුතු බවත් එහෙත් ටැංකි 16 ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බව වෘත්තීය සමිති පෙන්වා දී තිබේ.
එවන් පසුබිමක ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලින් වැඩි ප්‍රමාණයක් ඉන්දු-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීම පිණිස IOC සමාගම සමග නව ගිවිසුමකට අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් වන බව වෘත්තිය සමිති සඳහන් කරයි.
අද දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වූ, වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේ, “මේක වෙන්නේ අවිදිමත් ගිවිසුමකට. සමාජගත කරන වැරදි දේවල් අපි ප්‍රතික්ෂේප කරනවා. සමාජයට තෙල් ටැංකි ගැන නිවරැදි තොරතුරක් දෙන්න ඕනේ.”
ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රංවල මහතා, “බල්ලා පිදුරු කන්නෙත් නෑ. කන ගොනාට දෙන්නෙත් නෑ වගේ ඒගොල්ලො ටැංකි 16ක වතුර පුරෝගෙන ඉන්නවා. ටැංකි කිහිපයක විතරක් තෙල් තියෙනවා. රජය ඩොලර් ගැනීමේ උවමනාව මත නම් රටක් සමග ගිවිසුම් ගහන්නේ කවදාවත් අපේ රටේ අවශ්‍යතා ඉටු වෙන්නේ නෑ.”
ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා, “ඉන්දීය ලේකම්වරයා දැන් 87 සහ 91 කියන ටැංකි නිරීක්ෂණ කරන්න ගිහින් තියෙනවා. එයා එනකොට අපේ ඇමතිවරුත් එහෙ ගිහිල්ලා.”

රාජපක්ෂ නම සමග රට යළිත් ජාත්‍යන්තරයට !
ජනාධිපති , අගමැති මෙන්ම මුදල් ඇමති ගේද ඥාතියකු වන නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් ව්‍යාජ සමාගමක් ඔස්සේ රැස්කළ මහා ධන සම්භාරයක් සම්බන්ධයෙන් ලෝකයේ මෙතෙක් සිදුවූ දැවැන්තම මාධ්‍ය ගවේෂණයකින් අනාවරණයවී තිබේ.
පැන්ඩෝරා පත්‍රිකා (Pandora Papers) යනුවෙන් හැඳින්වෙන එක්කෝටි විසි ලක්ෂයකට ආසන්න ලියවිලි ගොන්නක් සහිත මේ දත්ත සමුදාය ලබාගෙන ඇත්තේ වොෂින්ටනය මුලස්ථාන කොටගත් ICIJ නම් ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය (International Consortium of Investigative Journalists) විසින්ය.
ඒ තුළ රටවල් 90ක රාජ්‍ය නායකයන්, ලෝක බලවතුන් හා ධනකුවේරයන් තුන්සියයකට අධික පිරිසකගේ මුල්‍ය ගනුදෙනු ඇතුලත් ලිපිගොනු කන්දරාවක් විමර්ශනය කළ රටවල් 117ක මාධ්‍යවේදීන් 600 කට වැඩි පිරිසක් අනාවරණය කරගත් තොරතුරු ඇතුලත් බව සඳහන් ය.
එහිදී , නිරුපමා රාජපක්ෂ සහ කෝටිපති ව්‍යාපාරික නඩේසන් විසින් කඩදාසියේ පමණක් සීමාවූ සමාගමක නමින් ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝපභෝගී මහල් නිවාස , ඇතුළු තොරතුරු සම්බන්ධයෙන් අනාවරණය කර ඇත.
එහිදී ICIJ මෙසේ සඳහන් කර ඇත.
“නීතියෙන් සැඟවුණු රටවල වෙනත් ව්‍යාජ සමාගම් සහ භාරයන් පිහිටුවාගත් නඩේසන්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමග ව්‍යාපාර කරන සමාගම් වලින් වාසිදායක උපදේශක කොන්ත්‍රාත් ලබාගැනීමටත්, කලා නිර්මාණ මිලදී ගැනීමටත් එම සමාගම් යොදා ගත්තේය,”
“ඉන් එක සමාගමක් වන පැසිෆික් කොමොඩිටීස් (Pacific Commodities) විසින් දේපල සඳහා අයබදු හෝ තීරුබදු ගෙවන්නට සිදු නොවන අධි ආරක්ෂක ජිනීවා ෆ්‍රීපෝර්ට් (Geneva Freeport) ගුදමට චිත්‍ර 31 ක් ඇතුළු තවත් දකුණු ආසියානු කලා නිර්මාණ යවා තිබේ.”
තිරුකුමාර් නඩේසන් ගේ දීර්ඝකාලීන ගණකාධිකාරී ආයතනය වන සිංගප්පුරුවේ පිහිටි ඒෂියාසිටි ට්‍රස්ට් (Asiaciti Trust) සමාගමේ රහස්‍ය ඊමේල් අනුව 2011 වනවිට ඔහුගේ සමස්ත ධන සම්භාරයේ වටිනාකම ඩොලර් මිලියන 160කට වැඩි වෙතැයි ගණන් බලා තිබුනත්, ඒ බව ස්වාධීනව තහවුරු කරන්නට ගවේෂක මාධ්‍යවේදී සමූහය සමත් වී නැත.
නඩේසන්ගේ අක්වෙරළ සමාගම් සහ අරමුදල්වලින් ඒෂියාසිටි විසින් කළමනාකරණය කරන ලද සම්පත් ප්‍රමාණය ඩොලර් එක්කෝටි අසුලක්ෂයක් පමණ වෙතැයි ICIJ ගණන් බලා තිබේ.
ගවේෂණයෙන් හෙළිවූ කරුණු පිළිබඳව නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය (ICIJ) ප්‍රකාශ කරයි.

මරණ අඩුවෙලා : නමුත් ගුවන් තොටුපළ තුළ PCR නොකිරීම නිසා මහා අවධානමක් !
තවත් කොරෝනා මරණ 40ක් ඊයේ (02) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් අද (03) නිකුත්කර ඇත.
ඊට අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 13059 ක් දක්වා ඉහළ ගොස් ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 22 ක් පිරිමි වන අතර ඉතිරි 18 , කාන්තාවන් ය.
මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් කාන්තාවකද වෙයි.
ඊට අමතරව අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 11 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 28 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
කොරෝනා මරණ අඩුවුනත් : ගුවන් තොටුපළ PCR නොකිරීම නිසා අවධානමක් !
මේ අතර වෛද්‍ය විශේෂඥයන් මෙන්ම සෞඛ්‍ය සේවයේ වෘත්තීයවේදීන් පවසන්නේ කොරෝනා මරණ සංඛ්‍යාව අඩුවීම යහපත් තත්ත්වයක් බවයි.
එසේම ආසාදිතයින් ප්‍රමාණවත් ලෙස අඩුකරන සෑම ක්‍රියාමාර්ගයක්ම අඛණ්ඩව ගතයුතු බවත් ඔවුන් අවධාරණය කරයි.
ඔක්තෝබර් 01 වනදා සිට බලපැවැත්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම සියලු දෙනාගේ යුතුකම සහ වගකීම බවත් ඔවුන් පෙන්වා දෙයි.
නමුත් ඔවුන් පවසන්නේ විදෙස් සිට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ PCR පරීක්ෂණ ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිදුනොකිරීමට ගෙන ඇති තීන්දුව නිසා දැඩි අවධානමක් බවයි.
විද්‍යාත්මක පදනමක් නැති තීන්දුවක් !
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය වෘත්තීයවේදීන් පවසන්නේ පූර්ණ එන්නත්කරනය වූ ගුවන් මගීන් රට තුලට පැමිනෙන විට කල යුතු PCR පරීක්ෂන නවතා දැමීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව ගනුලැබූ තීන්දුවක් බවයි.
ලංකාව දූපත් රාජ්‍යයක්. අපේ රටට පැමිනෙන සියළු දෙනා ගුවන්තොටුපොල හරහා පැමිනිය යුතුයි.
රටට මහත් ව්‍යසනයක් ගෙන දුන් කොරෝනා වයිරසය සම්පූර්නයෙන් රටට ඇතුළුවන්නේ ගුවන් මගීන්ගෙන්. එසේම එන්නත්කරණය යනු කොරෝනා මැඩීමක්, නැත්නම් මර්දනය කිරීමක් නොවෙයි. පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකුට වුවත් වෛරසය ආසාදනය වීමට පුළුවන්. එන්නත් නිසා වෙන්නේ මරණ අවධානම අඩුවීමක් පමණයි. ඒ නිසා පැය 72 පෙර කොරෝනා ආසාදිතයෙකු නොවූවත් ඔහු වෛරසය පතුරවන්නකු විය හැකියි.
එනිසා දෙස් විදෙස් සංචාරකයන් සම්බන්ධයෙන් ගුවන් තොටුපළ ආශ්‍රිතව PCR පරීක්ෂණය සිදුකිරීම සහ ඔවුන් සමාජයට එක්වීමට පෙර හඳුනා වෙන්කර ගැනීම වැදගත්.
එසේ නොවුණුහොත් ගුවන් තොටුපළ PCR පරීක්ෂණ නොකිරීම හේතුවෙන් තවත් විදෙස් කොරෝනා ප්‍රභේදයක් මෙරටට පැමිණීමට ඉඩවැඩියි.
එසේම මේ වන විට ගුවන් තොටුපළ පරිශ්‍රයේ නව PCR පරීක්ෂණ ඒකකයක් පිහිටුවා තිබෙනවා. දැන් ප්‍රශ්නය තමයි හැකියාව තියෙන පසුබිමක අනවශ්‍ය අවධානමක් ගන්නේ ඇයි කියන එක.
මේ ගැන ජනාධිපති පවා සොයා බැලීමක් කරන්න වෙන තත්ත්වයක් තියෙන්නේ.

ඉන්දීය විදේශ ලේකම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි නිරීක්ෂණයට යයි
මෙරට සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා අද (03) දහවල් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරත වී ඇත.
ඒ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය කිරීම සඳහායි.
පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා IOC ආයතනය එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කර ඇත.
මේ අතර ලංකා IOC හි නව නිෂ්පාදනයක් වන 'Servo Pride ALT 15W- 40' එළිදැක්වීම ද අද සිදුවිය.
ඉන්දීය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයට පැමිණීමට පෙර මහනුවර ප්‍රදේශයේද සංචාරයක නිරත විය.

කොරෝනා හැදිලා මාස 06 ක් තුළ හැදෙන ලෙඩ 09 ක් !
කොවිඩ් ආසාදනය වන පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්නට ලැබෙන දිගුකාලීන රෝග ලක්ෂණ 9ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙයි.
අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම, උදර රෝග ලක්ෂණ, මානසික අවපීඩනය, පපුවේ සහ උගුරේ වේදනාව, සංජානන ගැටළු, තෙහෙට්ටුව, හිසරදය, මාංශපේශී වේදනාව සහ වෙනත් වේදනාවන් වශයෙන් අදාළ රෝග ලක්ෂණ හඳුනාගෙන තිබේ.
එම රෝග ලක්ෂණ අතරින් මානසික අවපීඩනය රෝග ලක්ෂණය සියයට 15ක පමණ ඉහළ මට්ටමක පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වාදෙයි.
මෙම රෝග ලක්ෂණ වැඩි වශයෙන් කාන්තාවන් තුළ දක්නට ලැබෙන අතර දිගුකාලීන කොවිඩ් රෝග ලක්ෂණ නවීන වෛද්‍ය අභියෝගය විය හැකි බවද ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පවසයි.
(මව්රට )

වලල්ලාවිට පුස්සවල දොළ රක්ෂිතයක් ඉවරයි ?
වලල්ලාවිට පුස්සවල දොළ රක්ෂිතය දිනෙන් දින වැනසෙමින් තර්ජනයට ලක්ව ඇති බව ,, මිහිකත සුරැකීමේ කාර්යංශ ලේකම් පේශල පසන් කරුණාරත්න පවසයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව අනාවරණය කරන අතර ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තුන්දොල ග්‍රාමසේවා වසමතුල පිහිටා ඇති පුස්සවල ග්‍රාමය හරහා ගලා බසින්නා වූ “පුස්සවල දොළ” නමින් හඳුන්වන දොළ මාර්ගය, ඉහල කඳුපන්ති වල ඇති උල්පත් වලින් ආරම්භ වී ගම්වාසීන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාලමින්, අවට පරිසර පද්ධතියට ජීවය දෙමින්, අලංකාරවත් දිය ඇල්ලක්ද නිර්මාණය කරමින් පහලට ගලාගොස් බෙන්තර ගංගාව පෝෂණය කරයි.
ඉතාම වටිනා පරිසර පද්ධතියකයට උරුමකම් කියනා මෙම පුස්සවල දොළ දෙපස ඇති රක්ෂිත ප්‍රදේශයේ විශාල ගස් වැල් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් භාවිතා කරමින් කපාදමා දැවැන්ත විනාශයක් සිදු කර ඇත. බිම හෙලා ඇති ඇතැම් ගස් වල කොටස් එම ස්ථානයේ සිටම කැබලිකර ඉරා රැගෙන ගොස් ඇති අයුරු දැකගැනීමට හැකිවේ. ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම විනාශකාරී ක්‍රියාවන් වගකිවයුතු ආයතන වල කිසිඳු අවසරයකින් තොරව හොර රහසේ සිදුකර තිබේ.
දොළ මාර්ගයක් දෙපස ඇති රක්ෂිතයක් තුල කිසිඳු අයෙකුට හිතුමනාපයට මෙවැනි විනාශකාරී ක්‍රියා සිදු කල නොහැකි අතර යම් ක්‍රියාවලියක් සිදුකරන්නේ නම් ඒ සඳහා රාජ්‍ය ආයතන ගණනාවකින් අවසර ලබා ගැනීම කල යුතු වේ. එමෙන්ම මෙලෙස විනාශ කර ඇති භුමිය තුල දුර්ලභ ශාක විශේෂ ගණානාවක් හමුවන අතර මෙම දොළ මාර්ගය තුල මෙරටට ආවේනික වඳවීයාමේ තර්ජනයට පවා ලක්ව ඇති මත්ස්‍ය විශේෂයන් රැසක්ද දැක ගැනීමට හැකියාව ඇත.
මෙලෙස වටිනා රක්ෂිත භූමියක් විනාශ කිරීමෙන් ඒ ආශ්‍රිතව ජීවත්වන ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ට දැඩි තර්ජන ගෙන දෙන අතර දොළ රක්ෂිත පෙදෙසේ වන වැස්ම ඉවත්ව යෑම නිසා ජල පෝෂක ප්‍රදේශය වියලි යෑම සිදුවේ. එම නිසා දොළ මාර්ගයේ ජලය සිඳියෑම පවා සිදුවිය හැකි අතර එය ප්‍රදේශයේ ජල අවශ්‍යතාවයටද දැඩි බලපෑමක් එල්ල කරයි.
විශාල වටිනා කමක් සහිත දොළ රක්ෂිතයක්, මෙලෙස විනාශ කිරීම විශාල පරිසර හානියක් සේම අන් අයට වැරදි පූර්වාදර්ශයක් ද වන නිසා මේ පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානය යොමු කර හැකි ඉක්මනින්ම මෙම දොළ රක්ෂිතය සංරක්ෂණය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල මිහිකත සුරැකීමේ කාර්යංශය ඉල්ලාසිටී.
https://www.newstube.lk/news?start=7506#sigProIda31fc75446

ගුරු වර්ජනයට දින 84යි : ගුරු දිනය සමරන්නේ මෙහෙමයි - ගුරු සංගම්
ගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 6 වන දින දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පෙන්වාදෙන්නේ කුමන බාධක පැමිණියද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.
"මේ වෙනකොට දින 84ක් අපේ වර්ජනයට. ගුරුවරු සහ විදුහල්පතිවරු පාසලට ගෙන්වා ගැනීමට නම් මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 312 පදනම් කරගෙන විශාල උද්ඝෝෂණ මාලාවක් කරන්න."

මණ්ඩලේ හොඳටම කචල් : ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණයක් රොෂාන් කියයි !
ආණ්ඩුව තුළ කුමන්ත්‍රණයක් දියත් වෙමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර ආණ්ඩුව ඇතුලේදී එක කතාවක් කියන මෙම පිරිස එළියට විත් වෙනම කතාවක් කියන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ආණ්ඩුවට මෙම කුමන්ත්‍රණ කරුවන් සමග ඉදිරියට යා නොහැකි බවද පවසන ඔහු කුමන්ත්‍රණකරුවන් මෙම කුමන්ත්‍රණ නවතා දමන්නේ නැත්නම් කුමන්ත්‍රණකරුවන් නැතිව ආණ්ඩුව ඉදිරියට යා යුතු බවත් කියා සිටියි.
කුමන්ත්‍රණ න්‍යාය වෙනස් වෙයි !
මෙතෙක් කළක් පොදුජන පෙරමුණ සහ ඊට ඇතුළත් පක්ෂ සංවිධාන කියමින් සිටියේ රට බෙදන, ජාතික සම්පත් විදෙස් බලවේග වෙත විකුණන කුමන්ත්‍රණ ගැනය.
දැන් ඒ කතා වෙනස්ව ඇති අතර දැන් ඔවුන් ආණ්ඩුව අභ්‍යන්තරයේ කුමන්ත්‍රණ ගැන කියමින් එකිනෙකාට චෝදනා කරමින් සිටියි.
ඒ අනුව ජාතික සම්පත් විදෙස් සමාගම් අත්පත් කරගන්න අනතුරක් දැන් නැද්ද එසේත් නැත්නම් එම බලවේග විවේක අරගෙනද යන්න ඔවුන් කියන්නේ නැත. වෙනස් වෙමින් ඇත්තේ මාතෘකාව පමණක් වුවත් මෙරට LNG සැපයීමේ ඒකාධිකාරය ඇමරිකානු සමාගමට ලබාදීම ගැන ආණ්ඩුව අභ්‍යන්තරයේ විරෝධයක් මතුව ඇත.
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ට අමතරව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද පසුගියදා තමන්ට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයක් දියත්ව ඇති බව පැවසීය.

හාල් ගණන් ගියේ ඇයි?
සහල් මිල පාලනය කළ නොහැකි වූයේ අනවශ්‍ය ගැසට් නිවේදන නිසා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
සහල් මිල හෝ වී මිල පාලනයට ගැසට් පළ කිරීමේ අවශ්‍යතාවක් නැතැයිද ඇමතිවරයා ප්‍රකාශ කරයි. සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක පහක සහල් මෝල් පහක් ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කරයි.
ඔහු ඒ බව සඳහන් කළේ භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යාශයේ දී පසුගිය 30 වනදා පැවති මාධ්‍ය හමුවකදීය.
වී මිල සහ සහල් මිල පාලනයට පළ කරන ලද ගැසට් නිවේදනවලින් වාසි අත් වූයේ අතරමැදියන්ට යැයිද ඇමති මහින්ද අමරවීර අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ඩයස්පෝරාවේ විරෝධතා රැල්ල ජිනීවාවලටත් !
ඉතාලියේ බොලොඤ්ඤො නගරයෙන් ආරම්භව ප්‍රංශයේ පැරීසිය හා අමෙරිකාවේ නිව් යෝර්ක් නගරය දක්වා ලැව් ගින්නක් සේ වර්ධනය වෙමින් පැතිර ගිය, විරෝධතා රැල්ල ඔක්තෝබර් මස 03වන ඉරිදා ජිනීවා සමුළුව ඉදිරිපිට පැවැත්මට මේ වනවිටත් කටයුතු සුදානම් කොට ඇත.
වාර්ථා වන අන්දමට මෙතෙක් සහභාගී නොවූ දැවැන්ත සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජන සහභාගීත්වයක් ජිනීවා මානව හිමිකම් කාර්‍යාලය ඉදිරිපිට පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයට එක් වීමට නියමිතව ඇත.
ජිනීවා දැවැන්ත උද්ඝෝෂණය සාර්ථකව අවසන් කළ පසු නොනැවතී ඉදිරියට ක්‍රියාත්මක වනබවට සංවිධායක කමිටුව කටයුතු සූදානම් කරමින් සිටී,
මක්නිසාදයත් පාස්කු ප්‍රහාරයේ මහමහමොළකරුවන් හෙළිකරගැනීම, වින්දිතයන්ට යුක්තිය ඉටුකරදීම ප්‍රධානව දැනට ආණ්ඩුවේ අත්තනෝමතික මර්දනකාරී ක්‍රියාපිලිවෙතට විරුද්ධව බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී…
සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ,
ඉතාලිය.
Page 418 of 462