විදුලිය කප්පාදු නොකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලබා දී ඇති මාර්ගඋපදේශ ප‍්‍රායෝගිකත්වය ගැන ගැටළු මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
දැනටමත් බලාගාර කිහිපයක් සඳහා ඉන්ධන නොමැති කම හේතුවෙන් නවතා දමා ඇති බවද එනිසා විදුලි සැපයුම නිසි පරිදි පවත්වාගෙන යාමේ ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇතැයි ද එහි සභාපති අනිල් රංජිත් පවසයි.
දැනට අක‍්‍රිය වී ඇති ඇතැම් බලාගාර සඳහා ඉන්ධන ලැබීම සති දෙකක් පමණ ප‍්‍රමාද වන තත්වයක් මතුව ඇති බවත් ඔහු සදහන් කලේය.
එනිසා පවතින තත්වය මත විදුලි කප්පාදුවකින් තොරව පද්ධතිය පවත්වාගෙන යාම ඉතා අසීරු බවත් ඔහු පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
