Image

පරිසර නිලධාරීන් බඳවා ගැනීම: චෝදනා පදනම් විරහිතයි - මධ්‍යම පරිසර අධිකාරිය

පරිසර නිලධාරීන් බඳවා ගැනීම: චෝදනා පදනම් විරහිතයි - මධ්‍යම පරිසර අධිකාරිය

මධ්‍යම පරිසර අධිකාරියට පරිසර නිලධාරීන් 281 දෙනෙකු බඳවා ගැනීමේ වැඩපිළිවෙළේදී අක්‍රමිකතා සිදුවූ බවට ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනා පදනම් විරහිත බව එම අධිකාරිය අවධාරණය කරයි.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් සහ අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ ඊයේ (27) පරිසර අමාත්‍යාංශයේදී මාධ්‍ය අමතමින් ප්‍රතිචාර දැක්වූහ.

ඒ අනුව, ඉදිරිපත් වූ අයදුම්පත් 14,000ක් අතරින් සිදුකළ විධිමත් සම්මුඛ පරීක්ෂණ සහ තරග විභාග අතරින් තෝරාගත් පිරිසකට පත්වීම් ලබාදීම සිදුවූ බවත්, එම පත්වීම් ප්‍රදානය 2026/11/25 දින පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ගරු පරිසර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ බවත් එම නිලධාරීහු සඳහන් කළහ.  

එමෙන්ම, ශ්‍රී ලංකා පදනම් ආයතනය මගින් අදාළ තරග විභාග පැවැත්වූ බවත්, වඩාත් විනිවිදභාවයකින් යුතුව එම කටයුතු සිදු කළ බවත් එම නිලධාරීහු පෙන්වා දුන්හ.  

ඒ අනුව, බඳවා ගැනීමේදී අක්‍රමිකතා සිදු වූ බවට සමාජ මාධ්‍ය මගින් එල්ල කරන චෝදනා පදනම් විරහිත බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

  මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකරියෙන් පළ කරන ලද මාධ්‍ය නිවේදනය පහළින්>

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න