Image

ලංකා පෙට්‍රල් ඔක්ටේන් මිල පහළට

ලංකා පෙට්‍රල් ඔක්ටේන් මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද( 29) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කර තිබේ.

එම සංශෝධනයට අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 30.00කින් අඩු කර ඇති අතර, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතී.

අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතී.

නව ඉන්ධන සිල්ලර මිල ගණන් පහත පරිදි වේ.

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් - මිල සංශෝධනය වී නොමැති අතර, පැවැති මිල වන රුපියල් 490.00 ලෙසම පවතී.

ලංකා සුදු ඩීසල් - මිල සංශෝධනය වී නොමැති අතර, පැවැති මිල වන රුපියල් 397.00 ලෙසම පවතී.

ලංකා සුපිරි ඩීසල් - මිල සංශෝධනය වී නොමැති අතර, පැවැති මිල වන රුපියල් 543.00 ලෙසම පවතී.

ලංකා භූමිතෙල් - මිල සංශෝධනය වී නොමැති අතර, පැවැති මිල වන රුපියල් 285.00 ලෙසම පවතී.

මෙම නව මිල සංශෝධනය දිවයින පුරා බලපැවැත්වෙන බවත්, මේ පිළිබඳ වැඩිදුර විස්තර 0117-296130 හෝ 0117-296248 යන දුරකථන අංක ඔස්සේ සංස්ථා මාධ්‍ය අංශයෙන් ලබා ගත හැකි බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් දැනුම් දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න