දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් ගෝලීය වෙළඳපොලට පිවිසීම සඳහා රජය සහ පෞද්ගලික අංශය එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත්, දේශිය ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඔක්තෝබර් 23 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති “ 2025 CNCI කර්මාන්ත සහ සේවා ඇගයීම් සම්මාන උළෙලට” සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම අදහස් පළ කළා ය.
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් සංවිධානය කළ මෙම සම්මාන උළෙලේ අරමුණ ශ්‍රී ලංකාවේ කාර්මික අංශය තුළ කැපී පෙනෙන දායකත්වයන් හඳුනා ගනිමින් එය දිරි ගැන්වීමයි.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
රටේ කර්මාන්ත ක්ෂේත්‍රය ශක්තිමත් වීම මඟින් නව රැකියා නිර්මාණය කිරීම, ආනයන අඩු කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් සහතික කිරීම වෙනුවෙන් සෘජුවම දායක වනවා.
කාර්මාන්ත ක්ෂෙත්‍රයේ ධාරිතා සංවර්ධනය, නවෝත්පාදනයන් දිරිමත් කිරීම, ව්‍යාප්තිය පහසු කිරීම සහ නව වෙළඳපොළ වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා සහයෝගය ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.
ශක්තිමත් තරඟකාරී කාර්මික පදනමක් කියන්නේ ආර්ථික වශයෙන් අවධානය යොමු විය යුතු ප්‍රමුඛතාවයක් පමණක් නොවේ, එය ජාතික අවශ්‍යතාවයක්,
මූල්‍ය, තාක්‍ෂණය සහ කුසලතා සංවර්ධනය සඳහා ප්‍රවේශය පුළුල් කිරීම මගින් කාර්මික සංවර්ධනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රජය වගකීමෙන් කටයුතු කරනවා.
කාර්මික අංශයේ කාන්තා සහභාගීත්වයේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ සමාන අවස්ථා සැලසීම සාධාරණ බව මෙන්ම ආර්ථික උපාය මාර්ගයක් ලෙස යොදා ගත හැකියි.
දේශීය ව්‍යවසායකයින්ගේ සාර්ථකත්වය හරහා අපගේ ජාතික ආර්ථිකයේ අත්තිවාරම ශක්තිමත් වෙනවා. නිෂ්පාදනය, කළමනාකරණය, නවෝත්පාදනය සහ සැලසුම් කිරීමේදී කාන්තාවන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනවා වුණත්, ඔවුන්ගේ දායකත්වය බොහෝ අවස්ථාවලදී නිවැරදිව හඳුනා ගෙන නැහැ. සේවකයින්, කළමනාකරුවන් හෝ ව්‍යවසායකයින් ලෙස කාන්තා සහභාගීත්වය වැඩි කිරීම හරහා ඵලදායිතාව වගේම නවෝත්පාදනය තුළින් සමස්ත කාර්මික පරිසර පද්ධතියම ශක්තිමත් කරන්න උපකාරී වෙනවා.
ජාතික ජන බලවේගය (NPP) රජය යටතේ, ප්‍රතිපත්ති, ප්‍රතිසංස්කරණ සහ ආයතනික සහයෝගය තුළින් කාන්තා ආර්ථික සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගන්නවා. කඩිනම් ණය සහ මූල්‍ය සේවා, වෘත්තීය හා තාක්ෂණික පුහුණුව, සමාන සේවා සඳහා සමාන වැටුප් ගෙවීම් වගේම කාන්තාවන් මෙහෙයවන ව්‍යවසායන් සඳහා සහාය ලබා දීම වෙනුවෙන් රජය මැදිහත් වෙනවා.
ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය සීමා කරන නොගෙවූ රැකවරණ වැනි බාධක ඉවත් කිරීම සහ පුළුල් ප්‍රවර්ධනයක් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන කාර්මික ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමට රජය කැපවී සිටිනවා, ජාතික සංවර්ධනයේදී ව්‍යවසායකයින්ගේ කාර්යභාරය අපි අගය කළ යුතුයි. ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සහ අධිෂ්ඨානය ආර්ථික ප්‍රගතියේ අත්‍යවශ්‍ය සාධකයක් බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
හේකාබ් PLC සහ මාතර ෆ්‍රීලන් එන්ටර්ප්‍රයිසස් (පුද්ගලික) සමාගම් වෙත පළිඟු සම්මාන (Crystal Awards) දෙකක් ද, කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්වූ ආයතන සඳහා විශේෂ සම්මාන 10 ක් අග්‍රාමාත්‍යවරිය අතින් මෙහිදී ප්‍රදානය කෙරිණ.
මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති , නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ , CNCI හි සභාපති ප්‍රදීප් කහවලගේ සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගී විය.

