මහ බැංකුව නිකුත් කරන සතිපතා ආර්ථික දත්ත වාර්තාව අනුව වසරේ මේ දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය සියයට 3 යි දශම 4 ක් ලෙස සටහන් වේ.
සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අනුපාතය පුළුල් ලෙස ස්ථාවරව පවතින.
විදේශ ආයෝජකයන් සතු බිල්පත් සහ බැඳුම්කර වල රුපියල් වටිනාකම පෙර සතියට සපේක්ෂව සියයට 8කින් වැඩිවී ඇත.
( hirunews)
පසුගියදා ඩුබායි අජමාන් නගරයේ පැවති Ajman Triathlon 2025 තරගාවලියේ දී Sprint Team Relay අංශය නියෝජනය කරමින් සහබාගී වු ඉන්දික ගමගේ එහිදී Running Event අංශයේ කිලෝමීටර් 4KM දුරක් දුවමින් එහි රිදී පදක්කම දිනාගැනීමට සමත්විය.
මෙම තරගාවලිය U.A.E Triathlon Federation විසින් වාර්ශිකව සංවිධාන කරනු ලබන තරග ඉසව්වක් වන අතර මෙවර රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 ක් පමන සහබාගී විය.
(සටහන - සමීර මදුසංක හේවා ගමගේ)



පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකමුතු ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත්පී පෙරේරා මහතා පැවසීය
පළාත් සභා මැතිවරණය නුදුරේදී එන බවත් පළාත් සභා මැතිවරණය රටට ජනතාවට අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා කීවේය.
පළාත් ඡන්දය පැවැත්වීමට මහජන නියෝජිතයන්ගේ සහය අත්‍යවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.
(lankadeepa | සුජිත් හේවාජුලිගේ)
පසුගිය මැතිවරණවලදී වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් දෙදහසකට පමණ එරෙහිව නඩු පවරා ඇතැයි පොලිසිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 13කු සහ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ 1900 ක් ද පළාත් පාලමැතිවරණයට ඉදිරිපත් වූ පිරිසක් ද ඊට ඇතුළත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක පවසයි.
පළාත් පාලන මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද පොලිසිය දැනුම් දී ඇත.
මැතිවරණ වියදම් නියාමන පනත අනුව සියලුම අපේක්ෂකයන් වියදම් වාර්තා ලබාදීම අනිවාර්ය වේ.
ජපානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වූ සවරා ලංකාජී විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා මහත් අභිමානවත්ව පැවැත්විණි.
හතළිස් දෙවැනි වරටත් සංවිධානය කරන ලද වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.
ටෝකියෝ හි පදිංචි දිනේෂ් ශානක මහතා සහ එම මහත්මියගේ පූර්ණ දායකත්වයෙන් ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ සහ ජපන් බෞද්ධ ජනතාවගේ දායකත්වය මීට ලැබී තිබිණි.
මෙවර ලංකා ජී විහාරයේ පැවති කඨින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව කඨින චීවර පෙරහර, කඨින චීවරය පඬු පෙවීම, සපිරිකර සංඝගත දක්ෂිණාව, පරිත්‍රාණ ධර්ම දේශනාව, කඨිනානිසංස ධර්ම දේශනාව, අටවිසි ගිලන්පස බුද්ධ පූජාව සහ දන්සැල් ඇතුළු ආගමික වතාවත් රැසක් පැවැත් වූ බව ලංකා ජී විහාරවාසි කොස්වත්තේ පාලිත හිමියෝ සඳහන් කළහ.
ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය පෙරටුකොට කඨින චීවර පෙරහර පැවැත් වූ ආකාරයයි හා පින්කමෙහි අවස්ථා කිහිපයක් මතු ඡායාරූපවල දැක්වේ.
(සටහන | ජේ. මුණසිංහ )





කොළඹ රේස් කෝස් පිටියේදී ආරම්භ වූ ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ දෙවන අදියරේදී ශ්‍රී ලංකා කාන්තා සංචිතයට, ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සහෝදරියන් දෙදෙනෙක් එක්ව සිටින බවට වාර්තාවේ.
දේශීය රසිකයන්ගේ විශේෂ අවධානයක් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා වෙත යොමුව ඇති බව පැවසේ.
ශ්‍රී ලංකා කාන්තා සංචිතයට එකතුවී සිටින මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින, හිටපු රග්බි ක්‍රීඩක ගිමන්ත ජයසිංහගේ දියණියන් බව ඉහත ආරංචිමාර්ග තව දුරටත් පවසයි.
මේ ක්‍රිඩිකාවන් දෙදෙනා ලියාරා ජයසිංහ සහ නියාරා ජයසිංහ යි.
මෙම සොහොයුරියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ වාසය කරන අතර නිව් සවුත් වේල්ස් පාසල් රග්බි කණ්ඩායමට ක්‍රීඩා කරති.
මෙම තරගාවලියේදී පළමු වරට ඔවුන් දෙදෙනාම එකවර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට පිවිසීමට නියමිතව සිටිති. චීනයේදී පැවැති පළමු අදියරට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියේ ලියාරා ජයසිංහ පමණි.
ජපානය, චීනය, හොංකොං චීනය, තායිලන්තය, කසකස්ථානය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), මැලේසියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල් මෙම තරගාවලියට සහභාගී වේ.
ශ්‍රී ලංකා කාන්තා සංචිතය රන්දිකා කුමුදුමාලි, සන්ජු විජේතිලක, ශානිකා මදුමාලි, ජයන්තී කුමාරි, සරණි නයනතාරා, සන්දිකා හේමකුමාරි, දිල්කි සත්සරණි, දිලිනි කාංචනා, චාරණි තේක්ෂණා, කාංචනා මහේන්ද්‍රන්, ලියාරා ජයසිංහ, නියාරා ජයසිංහ, හෙකසිනි ක්‍රිෂ්ණකුමාර්, ගයානි, රන්දුනු, නිපුනි රසංජලී යන ක්‍රීඩිකාවගෙන් සමන්විතයි.
ඉෂාරා සෙව්වන්දි තවමත් සැකකාරියක් පමණක් වන බැවින් ඇගේ නාඩගම නවතා රටේ සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරන්නැයි බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ආණ්ඩුවට පවසති.
එමෙන් ම ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු සෙව්වන්දි පිළිබඳ කරණ ඇගයීම්වලින් ලජ්ජාවට පත්වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බව ආණ්ඩුවේ ඇමතිකම් දරනා ආචාර්ය, මහාචාර්යවරුන්ට නොදැන්නේ දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.
ඉදිරි මැතිවරණවලට නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වැරදිවලට සම්බන්ධද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීමට අනිවාර්යෙන් ම පොලිස් වාර්තාවක් ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා නාම යෝජනා ලබා දීම, ඉදිරිපත් වන ආකාරය පිළිබඳව පක්ෂයක් ලෙස තීන්දුවක් ගත යුතු බව සඳහන් කළේ ය.
ඒ සම්බන්ධයෙන් තම පක්ෂය සමග කටයුතු කළ සහෝදර දේශපාලන පක්ෂ, වමේ හා අනෙකුත් දේශපාලන පක්ෂ හා ඒ බොහොමයක් නායකයන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හෙතෙම පැවසීය.
මැතිවරණයට දින තීන්දු වූ පසු මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳව ප්‍රකාශ කරන බවත් කෙසේ නමුත් අප ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බව ත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ ය
ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් “යහපැවැත්ම සදහා සම්බන්ධතා පවත්වාගන්න” (“Be Connected. Stay Well.”) නමින් ජීවිතයේ සියලු අදියරවල පුර්ණ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ව්‍යාපාරයක් පෙරේදා (17) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරී හෝටලයේ පැවැත්වූ උත්සවයක දී ආරම්භ කළේ ය.
වැඩසටහනෙහි ප්රමුඛ අරමුණ
මෙය ළදරුවන් සිට වයස්ගත වැඩිහිටියන් දක්වා භෞතික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහ පැවැත්ම උදෙසා ක්‍රියාත්මකවන වැඩසටහනකි. මෙම ව්‍යාපාරය මගින් ජනතාව සෞඛ්‍ය සපිරුණු ජීවිත රටාවන් පිළිබඳව උනන්දු කරමින්, තමන්, තම පවුල, තම මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමග සබඳතාව වර්ධනය කිරීමට උනන්දුවක් කිරීමක් සිදු කරනු ලබයි. ඒමෙන් ම තමන්, තම පවුල, මිතුරන්, ප්‍රජාව සහ පරිසරය සමග යහපත් සම්බන්දතාවයක් පවත්වාගැනීම තුළින් යහ පැවැත්ම ප්‍රවර්ධනය කිරීම මෙම ජාතික වැඩසටහනේ මූලික අංගයයි. ජනතාව අතර ඒ පිළිබධව අවබෝධයක් ඇතිකිරීම සහ ඔවුන්ව ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ද මෙයට ඇතුළත් වේ.
31 වන සභාපතිනිය වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි
මෙම වැඩසටහන දියත් කිරීමේ උත්සවයේ දී ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (College of Community Physicians of Sri Lanka – CCPSL) විසින් එම සංගමයේ 31 වැනි සභාපතිවරිය ලෙස විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලි තෝරා පත්කර ගැනීම ද සිදු කෙරිණි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විද්‍යාලයේ 31 වන සභාපතිනිය ලෙස පත් වු වෛද්‍ය වින්ධ්‍යා කුමාරපේලිට සුබ පැතුම් එක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇයගේ නායකත්වය යටතේ, විද්‍යාලය අඛණ්ඩව වර්ධනය වී මෙරට මහජන සෞඛ්‍යයට කල් පවතින දායකත්වයක් ලබා දෙනු ඇතැයි විශ්වාසය තබන බව මෙහි දී පැවැසී ය. ඉදිරි සෞඛ්‍ය අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය වැදගත් කාර්යභාර්යක් ඉටුකරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙරට මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලොවට ම ආදර්ශයක්
මෙරට සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සියලු ම සාමාජිකයින් කැප වෙමින් සහ ලොව පුරා ගෞරවයට පාත්‍ර වෙමින් මාතෘ සහ ළමා සෞඛ්‍යය, ප්‍රතිශක්තිකරණය සහ රෝග පාලනය යනාදි ක්ෂේත්රවල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරදීමට ඉහළ දායකත්වයක් ලබාදෙන බව ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙරට මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලොවටම ආදර්ශයක් ලබාදී ඇති බවත්, නව්‍යකරණය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය සහ ප්‍රජා අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් සමඟින් ප්‍රජාවට සේවය කළ හැකි බව පෙන්වා දී ඇති බව ද පැවැසී ය.
අපගේ ජාතික සංවර්ධන ඉලක්ක සෞඛ්‍ය ක්ෂේත්රය කේන්ද්‍රීයව පවතින බවත්, එය සේවාවක් ලෙස පමණක් නොව සමාජීය හා ආර්ථික ප්‍රගතිය සඳහා පදනමක් බව ද අවධාරණය කළ අමාත්‍යවරයා, සෞඛ්‍ය අංශ හරහා රෝග වැළැක්වීමේ සත්කාර ශක්තිමත් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් ගොඩනැගීමට සෞඛ්‍ය වෘත්තිකයින් කැපවී සිටින බව ද පැවැසී ය.
සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා පුළුල් අවබෝධයක්
ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය එම වැඩපිළිවෙළේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්ව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළේ දී නායකත්වය, විශේෂඥතාව සහ ක්ෂේත්‍ර මට්ටමේ දැනුම අත්‍යවශ්‍ය වන බවත් එම කටයුතු ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය මගින් සපුරාලන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය. ඉදිරි සෞඛ්‍ය අභියෝග ජයගැනීම සඳහා උපාය මාර්ග සහ යහපැවැත්ම පිළිබඳ පුළුල් අවබෝධයක් අවශ්‍ය බවත්, එහි දී ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, රෝග වැළැක්වීමේ සත්කාර, ප්‍රජා සහභාගීත්වය සහ සාක්ෂි මත පදනම් වූ පුහුණුව පිළිබඳ වූ විශේෂඥතාව එහිදී මූලික වන බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, හිටපු අමාත්‍ය වෛද්‍ය සුදර්ශණී පුනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ හිටපු සභාපති වෛද්‍ය කපිල ජයරත්න, ලේකම් වෛද්‍ය ඒ.එස්. සන්තුෂ්ය ප්‍රනාන්දු යන අය ඇතුළු ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සාමාජිකයින් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ.
(දීප්ති විජේතුංග)

කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව කීරි සම්බාට සමාන ප්‍රභේදයක් වන (GR 11) පොන්නි සම්බා පමණක් ආනයනයට අවසර හිමි වන අතර එක් ආනයනකරුවෙකුට ආනයනය කළ හැකි උපරිම සහල් තොගය වනුයේ සහල් මෙට්‍රික් ටොන් 52කි.
එමෙන්ම එම සහල් තොගය ආනයනය කිරීමෙන් පසු එළැඹෙන නොවැම්බර් 15 වැනි දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් මුදා හැරිය යුතු බවත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් නිවේදනය මගින් සඳහන් කර තිබේ.
කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන මෙම (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය සඳහා රජය සැලසුම් කළ බව පසුගිය 14 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ අනුව පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.
සරල බව, විනිවිදභාවය සහ පුරෝකථනය කිරීමේ හැකියාව අරමුණු කරගත් ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ස්විස්ටර්ලන්තයේ වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනය අමතමින් පැවසීය.
විනිවිදභාවයෙන් යුත් වෙළෙඳ ප්‍රතිපත්ති, බහුපාර්ශ්වික සහයෝගීතාව සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා වන තම කැපවීම නැවත තහවුරු කරමින් ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 5වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී සාර්ථකව අවසන් කෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ ප්‍රතිසංස්කරණ අභිප්රායන් හඳුනා ගත් ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සාමාජිකයින්ගේ පුළුල් සහභාගීත්වයක් මෙම සමාප්ති සැසියට දක්නට ලැබුණි.
සමාප්ති අදහස් දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කිවේ ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) සාමාජිකයින්ගේ ඵලදායී සහභාගීත්වය සහ සමාලෝචන ක්‍රියාවලිය පුරා ලැබුණු බවයි.
රටේ පුළුල් සංවර්ධන ඉලක්ක සමඟ සමපාත වන තීරු බදු සරල කිරීම, වෙළෙඳ පහසුකම් සැපයීම, ආයෝජන විනිවිද භාවය සහ අපනයන විවිධාංගීකරණය කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
(lankadeepa - අංජුල මහික වීරරත්න)
ලොව ප්‍රථම වරට තමන්ගේ මානසික ආතති මට්ටම තමන්ට ම මැනගත හැකි ජංගම දුරකතන යෙදුමක් (ඇප් එකක්) ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.
‘Nirogi’ නම් මේ ඇප් එකෙන් අවශ්‍ය භාෂාව තෝරාගෙන අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමෙන් තමන්ගේ ආතති මට්ටම තමන්ටම මැනගත හැකි බව එම යෙදුම නිර්මාණය කළ වෛද්‍යවරු පවසති.
සාමාන්‍ය, සුළු, තරමක් ඉහළ සහ තීව්ර (උග්‍ර) ලෙසින් ආතති මට්ටම් වර්ග කර ඇති ලැබෙන ලකුණු අනුව ආතතියේ තරම ගැන නිගමනය කළ හැකි ය.
සුළු මට්ටමෙන් පවතිනවා නම් දෙසතියකින් නැවත එම යෙදුමේ ප්‍රශ්නවලට පිළිතුරු දී ලකුණු මට්ටම මැන බැලීම වැදගත් වේ.
තරමක් ඉහළ අයට ද එය අදාළ වන අතර ඔවුන් 1926 අමතා උපදෙස් ලබා ගත යුතු ය.
එසේ නොමැති නම් මනෝ වෛද්‍ය උපදෙස් පැතිය යුතු ය. ඔවුනට අවශ්‍ය උපදෙස් ද Nirogi යෙදුම හරහා ලබාදෙයි.
තීව්ර හෝ බරපතළ තත්ත්වයේ ඇත්නම් වහා ම මනෝ වෛද්‍ය උපදෙස් පතා යොමු විය යුතු ය.
ආතතිය දිගින් දිගට ම පැවැතීමෙන් කෙනෙකු විශාදයට පත් වීමේ දැඩි අවදානමක් පවතී.
මෙම යෙදුම මගින් කෙනෙකුට තමන්ටගේ ආතති මට්ටම විශාදය දක්වා දුරදිග ගොස් ඇත්දැයි කෙනකුට පහසුවෙන් ම තීරණය කළ හැකි ය.
ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපතිනී මනෝ වෛද්‍ය විශේෂඥ දසන්ති අක්මීමන, වෛද්‍ය ආර්. නිරංජන්, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය පාරමී රත්නායක, වෘත්තීය චිකිත්සක චාරුක යන සිව් දෙනා විසින් මෙම යෙදුම නිර්මාණය කර ඇත.
ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුමට සමගාමීව Nirogi යෙදුම ජනගත කිරීම ඊයේ (ඔක්. 17) කොළඹ 8, මොඩන් ෆාම්හි ප්‍රසව සහ නාරිවේද විශේෂඥවරුන්ගේ විද්‍යායතන මූලස්ථානයේදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ලක්මිණී මාගොඩආරච්චි සහ මනෝ වෛද්‍ය විශේෂඥ දසන්ති අක්මීමනගේ මූලිකත්වයෙන් සිදුවිය.
( Mawbima -| චම්පිකා දීපානි රණසිංහ)
පසුගිය 2014 සහ 2015 වසරවලදී විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීම හේතුවෙන් ලංකා සතොසට රුපියල් 15,157,031,018 ක පාඩුවක් සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.
ලංකා සතොස ලිමිටඩ් ආයතනය 2021 සහ 2022 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී ඇත.
මෙහිදී කාරක සභාව පෙන්වා දී ඇත්තේ 2014 සහ 2015 වර්ෂවලදී සිදුකර තිබුණු ආනයනික සහල් සඳහා රුපියල් 27,011,980,142ක පිරිවැයක් දරා තිබුණද එම සහල් තොගය අලෙවියෙන් ලැබී ඇත්තේ රුපියල් 11,854,949,124 ක ආදායමක් බවය.
ඒ අනුව දේශීය සහල් වෙළෙඳපොළ තත්ත්වය වී අස්වැන්න ලැබීම සහ සහල් ගබඩා කිරීමේ පහසුකම් පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු නොකර විධිමත් ප්‍රසම්පාදන විධිවිධානවලට පටහැනිව සහල් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවත් මේ හේතුවෙන් රුපියල් 15,157,031,018ක පමණ මුදලක් සතොස ආයතනයට පාඩු සිදුව ඇති බවත් කාරක සභාව පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකර ඇත්දැයි කාරක සභාව පැමිණි නිලධාරීන්ගෙන් විමසා ඇති අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා ගොනුකරදීමට භාරදී ඇති බවය.
තවද සුදුසු පරිදී ඉදිකිරීම් සිදු නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සමාගමට අයවිය යුතු මුදල් තවම අයකරගෙන නොමැති බවද කෝප් කමිටුව විසින් මෙහිදී පෙන්වා දී තිබේ.
සමාගමේ ගොඩනැගිලි කුලියට ගැනීමේදී මාර්ගෝපදේශ අනුව ගොඩනැගිලි නොමැති හිස් ඉඩම් සඳහා අනාගතයේ වෙළෙඳසැල් පටන් ගැනීමේ උපකල්පනය මත අතිකාරම් නොගෙවිය යුතු වුවත් පසුගිය 2020 දෙසැම්බර් 31 වන විට ගිවිසුම් 29ක් අනුව ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අතිකාරම් මුදල් ලෙස රුපියල් 34,234,996ක ඇස්තමේන්තුවක් ලබා ගැනීමකින් තොරව ගෙවා ඇති බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දී ඇත.
සේ අනුව එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ආයතන හිමිකරුවන් 18 දෙනෙකුට එරෙහිව රුපියල් 27,435,000 ක් අයකර ගැනීමට සමාගම විසින් නඩු පවරා ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ.
(aruna)
මාලිමා ආණ්ඩුව බලයට පත්වීම කලින් ''අපි ඉතා සුපිරිසිදු මිනිස්සු'' යැයි පැවසුව ද දැනට ඇමතිවරු ලෙස කටයුතු කරන සිවු දෙනකු ඇමති ඉන්ධන දීමනාවට අමතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට හිමි ඉන්ධන දිමනාව ද ලබාගෙන ඇති බවට ලංකාදීප පුවත්පත වාර්තා කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජ්‍ය නීති ලේකම්, නීතිඥ තාරක නානායක්කාර පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (17) සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් තාරක නානායක්කාර පැවසුවේ 2025 වසරේ ඔක්තෝබර් 07වන දින ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් 2024 වසරේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වන ආකාරය තමන් දුටු බවත්, එතැන් සිට මේ දක්වා කිසිදු දියුණුවක් දක්නට නොමැති බවත්, එහි බරපතල කම්පන ඇතිවීමේ ලක්ෂණ දක්වන ඇතැයි ප්‍රකාශ කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලංකා රජය ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් ඊයේ (ඔක්. 17) කැඳවනු ලැබිණි.
එහිදී මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි යැයි නීතිපතිවරයා විසින් මතු කළ මූලික විරෝධතා පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේ ය.
මෙම වසරේදී මෙරටට ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 22,950 ක් රේගුව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් රේගුව රඳවා ගත් ලුණු තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 91.81 ක් බවත් ආරංචි මාර්ග පැවැසුවේය.
නිසි ප්‍රමිතියට නොමැතිවීම සහ පසුගිය මැයි මාසයේ ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව ලුණු ආනයනය කිරීමට ලබාදුන් අවසන් දිනය පසුවී මෙරටට ආනයනය කර තිබීම එම මෙට්‍රික් ටොන් 22,950 ලුණු තොගය රඳවා ගැනීමට ප්‍රධාන හේතු වූ බවද ආරංචි මාර්ග පැවැසුවේය.
එක් අවස්ථාවකදී නැවක තිබූ සම්පූර්ණ ලුණු තොගයකටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිතිකරණ සහතිකය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය නොලැබීමෙන් අදහස් වන්නේ එම ලුණු තොගයේ නිසි ප්‍රමිතියට නොමැති බවත් යැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මෙරටට මෙම වසරේදී වැඩිම ලුණු තොගයක් ආනයනය කර ඇත්තේ ආනයන සීමා ලිහිල් කළ පසුගිය ජූනි මාසයේදී බවත් පසුගිය ජූනි මාසයේදී මෙරටට ලුණු මෙට්‍රික් ටොන් 99,217 ක් ආනයනය කර ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ආනයනය කළ එම ලුණු තොගයේ විටිනාකම රුපියල් කෝටි 396.61 ක් බවද ආරංචි මාර්ග පැවැසුවේය.
(විමුක්ති එස් රුද්‍රිගු -lankadeepa)
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය 2025.10.16 වන දින හා සැකකරු 2025.10.17 වන දින කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 31 ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 52 ක් වන වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරු සැකකාරියගේ බෑණා වේ. කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සැකකරු හා සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මෙම පුවතට අදාල වැඩිදුරටත් විස්තර :
ඉෂාරාගේ පාපොච්චාරණයෙන් පහක් අල්ලයි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
