හල්දුම්මුල්ල නගරය ආසන්න මාර්ගයේ ඉහළින් පිහිටි පස් කන්දක් කඩා වැටීමෙන් අවහිර වූ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය අද (25) උදෑසන වන විට යථා තත්වයට පත්කර වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කිරීමට කටයුතු කල බව මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල විධායක ඉංජිනේරුවරයා පැවසීය.
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල නගරයේ ආසන්නයේ 179/3 සහ 179/4 බෝක්කු අතර පිහිටි කදිරේශන් කාණුව අසල පිහිටි පස් කන්දක් ගල් කුලක්ද සමඟ කඩා වැටීමෙන් ඊයේ (24) සවස මාර්ගය මුලුමනින්ම අවහිර විය.
පස් කන්ද කඩා වැටීමෙන් පසුව ඊයේ (24) දිනයේම මාර්ගයේ එක් මංතීරුවක් පස් ඉවත් කර වාහන ගමනාගමනය සඳහා විවෘත කලේය.
පස් කන්ද කඩා වැටුණු ස්ථානයට ඉහළින් පිහිටි කොටස් පහලට ඇද වැටේයැයි සැක සහිත ගල් කුළු කිහිපයක් ඇති බැවින් වර්ශාව ඇදහැලුනහොත් රාත්‍රී කාලයේදී යළි මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කිරීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය
(එන්.කේ.නානායක්කාර -Ada)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
