V2025

පුවත්

සතොසේ බඩු මිල අඩුවෙයි

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.

එම මිල අඩුකිරීම සැප්තැම්බර් 30 වනදා දක්වා ක්‍රියාත්මක බව එම ආයතනය නිවේදනය කරයි.

මිල අඩුකර ඇති පාරිභෝගික භාණ්ඩ මෙසේය.

sathosa 1000px 9 23 22

 

 

 

 

 

ඇමතිවරුන්ගේ විදෙස් සංචාර සීමා කෙරේ

අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව එවැනි සංචාරයන් සඳහා අත්‍යවශ්‍යම නිලධාරියා හෝ අදාළ සංචාරයේ රාජකාරි කටයුතු සඳහා අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය කිහිප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පමණක් සහභාගි කරවා ගත යුතුයි.

ජනාධිපතිවරයා ‌මෙම යෝජනාව ඉදිරිිිි කර ඇත්තේ, රට මුහුණ පා ඇති අසීරු ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුුණිනි.

 

ආගමික ස්ථානවල විදුලිබිලට සහනයක් - බන්දුල

පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් ඉදිරියේදී නියත වශයෙන්ම සහනයක් ලබාදෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් දිගුකාලීන සහනයක් ලැබෙන ආකාරයෙන් සූර්ය බලයෙන් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙසත්, වෙනත් සහන සැලසිය හැකි ක්‍රමවේද සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගන්නා ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ආගමික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කළ බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ  ඇතුළු ඇමතිවරුන් ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බවත් කී ඇමතිවරයා එම අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව ද කීය.

විහාරස්ථානවල බිල නොගෙව්වොත් ගන්නා ක්‍රියාමාර්ග සාකච්ඡා කළාදැයි මාධ්‍යවේදියකු මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසූ අතර, එම අවස්ථාවේ ඇමතිවරයා පැවසුවේ රටකට අනුශාසනා කරන ආගමික නායකයන් පාරේ යන සෙනඟ ලෙස සැලකෙන්නේ නැති බවත්, උන්වහන්සේලා අවබෝධයෙන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

 

ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එළියට : ඉදිරි ගමන ජනාධිපති සමග !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ බවට මෙතෙක් දැනුවත් කර නොමැති බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපතිවරයෙකු වූ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය සහ පක්ෂයේ මෙතෙක් දැරූ සියලුම තනතුරුවලින් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක ඉවත් කළ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නිවේදනය කර ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් නොමැති බවය.

තමන් ඇතුලු මන්ත්‍රීවරුන් හයදෙනා ආණ්ඩුවට එක්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවට බවත් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.

ආණ්ඩුවේ අමාත්‍ය ධූර භාරගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

freedom

ශ්‍රීලනිපය පුපුරයි !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය මේ වන විට එම පක්ෂයට අහිමිව ඇති බවයි.

ඒ අනුව ජනතා ප්‍රසාදයක් ඇති බහුතර මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුව නියෝජනය කිරීම තුළ පක්ෂය තවදුරටත් දුර්වල වනු ඇති බවත් , ඉදිරි කැබිනට් මණ්ඩල සංශෝධනයක් අවස්ථාවේ තවත් මන්ත්‍රීවරයකු ද ආණ්ඩුව සමග එක්වීමට නියමිත බවට දේශපාලන ක්ශේත්‍රයේ රාවයක් ඇති බවත් විචාරකයන් සිහිපත් කරයි.

මතුව ඇති තත්ත්වය හමුවේ පක්ෂය රාජපක්ෂවරුන් ගේ ඉවත්වීමට සාපේක්ෂව තවදුරටත් දුර්වල වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ බොහෝ දුරට මෙම ඉවත් කළ පිරිසෙන් බහුතරය ඉදිරියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මුල්වී ගොඩනගන සන්ධානයක් හරහා දේශපාලන කටයුතුවලට නිරතවීමට වැඩි ඉඩක් ඇති බවය.

අලුත් පත්වීම් කිහිපයකට : උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය !

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ සහ තානාපතිවරයෙකුගේ පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් පවසයි.

ඒ අනුව, පසුගිය 20වෙනිදා ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඩ්නි මනෝරන්ජන් පෙරේරා පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

මේ අතර, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස බී. එල්. ඒ. ජේ. ධර්මකීර්තිගේ පත්කිරීමට ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පී. එච්. සී. රත්නායකගේ පත්කිරීමටද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්. හෙට්ටිආරච්චි ගේ පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙස එල්. එච්. රංජිත් සේපාල, ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) සභාපතිවරයා ලෙස අතුල ප්‍රියදර්ශන ද සිල්වා, ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නිශාන්ත රණතුංග පත් කිරීමටද කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.

විදෙස් තානාපතිවරුන්ගෙන් ජනාධිපතිට සහතිකයක් !

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරුන් ජනපති හමුවේ සහතිකව තිබේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ඔවුන් මේ බව සඳහන් කර ඇත .

පැරිස් සමාජය (Paris Club) සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් 23කට අයත් තානාපතිවරු මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම තත්ත්වයෙන් මිදීමට සිය පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී සඳහන් කළ විදෙස් තානාපතිවරු කඩිනමින් මෙම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවට තිබෙන එකම අභියෝගය මෙම ආර්ථික අර්බුදය බවත්, එය අනාගත පරපුර වෙනුවෙන් ජය ගැනීම සිය අපේක්ෂාව බවත්ය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ සාකච්ඡා මෙම වසර අවසන්වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ද ජනාධිපතිවරයා පැවසීය.

විදෙස් තානාපතිවරු වෙත සිය ස්තුතිය පිරිනැමූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රජය සෑම අවස්ථාවකම විනිවිදභාවයෙන් හා සමානාත්මතාවයෙන් කටයුතු කරන බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙහිදී වර්තමානයේ ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කර ඇත .

රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, ෂෙහාන් සේමසිංහ යන රාජ්‍ය අමාත්‍යවරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන සහ රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20220922 WA0014

ඛණිජ තෙල් පනතේ : වගන්ති අවුලක් !

ඛණිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.

ඊයේ (21) මෙම දැනුම්දීම සිදුකර ඇති අතර ඊට අනුව "පනත් කෙටුම්පතේ 3(2) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට නොගැලපෙන බවත් එය සම්මත කළ හැක්කේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයේ විධිවිධාන යටතේ විශේෂ බහුතරයෙන් පමණක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් බව" කතානායකවරයා පවසා ඇත.

එසේම පනත් කෙටුම්පතේ 7 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 (ඇ) වගන්තිවලට නොගැලපෙන බවත් 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයේ විධිවිධාන යටතේ විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කළ හැකි බවත් එහි සඳහන් අතර තවත් වගන්ති කිහිපයක් ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරනු ලැබිය යුතුය යනුවෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දැක්වේ.

මෙම පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට නොගැලපෙන බවද සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

පාසල් දරුවෙකු දිවා ආහාරය සඳහා පොල් මද රැගෙන ඒමේ පුවත අසත්‍යයක් !

ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකම හේතුවන් ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාර සඳහා කළටි පොල්මද රැගෙන ඒමේ සිදුවීමක් පිළිබඳ ජාතික පුවත්පත්වල සහ සමාජ මධ්‍යයන්හි පළවන ප්‍රවෘත්තිය පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව මිනුවන්ගොඩ කලාප අධ්‍යක්ෂ වජිර රණරාජා, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ දිවුලපිටිය අධ්‍යාපන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ කෝංගොඩමුල්ල ශාන්ත අන්තෝනි කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය හා එම සිදුවීමට අදාළ සිසුවිය ජීවත්වන ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී හා සංවර්ධන නිලධාරී යන සියලු නිලධාරීන්ගෙන් ලබාගත් තොරතුරු අනුව එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවට කරුණු තහවුරු විය.

කෙසේ වෙතත් රටේ මේ මොහොතේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ රටේ ඕනෑම තැනක යම් දරුවෙක්, පුද්ගලයෙක් හෝ පවුලක් මෙවැනි තත්ත්වයකට පත්ව සිටින්නේ නම් ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාවට නංවා තිබේ.

ජනාධිපතිවරයාගේ විශේෂ උපදෙස් මත ජනාධිපති කාර්යාලයේ ද ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබෙන අතර 0114354647 හෝ 0114354354 අමතා දිගු අංක 5705 / 5707 ඔස්සේ එම ඒකකය හා සම්බන්ධ වෙමින් තොරතුරු ලබාදිය හැකිය.

සාමාජිකයන් 05 දෙනෙකුට වැඩියෙන් සිටින සමෘද්ධිලාභී පවුල්, ආබාධිත හා නිදන්ගත රෝගවලින් පෙලෙන අය සිටින පවුල්, අවුරුදු 05ට අඩු ළමයින් සිටින දුගී පවුල්, ස්වාමියා හෝ බිරිඳ නොමැති පවුල්, ගර්භනී සහ කිරිදෙන මව්වරුන් සිටින පවුල්, ප්‍රාථමික අධ්‍යාපනයවත් නොලැබූ දුගී පවුල්, දරුණු ආහාර අහේනියකට මුහුණ පා සිටින පවුල්, ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබාදීමට නිර්ණායක ලෙස හඳුනාගෙන තිබේ.

මෙවැනි පවුල් සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ මාසිකව රුපියල් 15,000 ක් ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලබාදීමට හැකියාව ඇත. එහිදී මුල් මාස 03 සඳහා මුදල් ලබාදෙන අතර තවත් මාස 06 ක් සඳහා ආහාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

මීට අමතරව අධික ආහාර අහේනියකින් පෙළෙන පවුල් 61,000ක් සඳහා රජයෙන් මාසිකව රු. 10,000ක්, මාස 06ක් දක්වා ලබාදීමට කටයුතු සකස් කර තිබේ.

මෙම කිසිවකට ඇතුළත් නොවුණ, මේ අවස්ථාවේ ආහාර නොමැතිකමින් පීඩා විඳින පවුල් සිටී නම් ඒ අය සඳහා ද කෙටිකාලීනව ආහාර ලබාදීමේ හැකියාවක් පවතින අතර ඔවුන් ඒ වෙනුවෙන් ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම් හරහා හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකය වෙත ඉල්ලීමක් කළ යුතුවේ.

ඊට අමතරව මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් සිටින පවුල් සිටී නම්, එවැනි පවුල් සඳහා රජයෙන් ක්‍රියාත්මක කෙරෙන මාපිය කැපකරු ක්‍රමය වැනි වැඩසටහන් ඔස්සේ අධ්‍යයනයන් සිදු කොට ආහාර ආධාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

එමෙන්ම ආහාර නොමැති කමින් පෙළෙන පවුල් පිළිබඳව තොරතුරු පාසල් ගුරුවරුන්ටද මැදිහත් වී අදාළ අංශ වෙත යොමු කළ හැකි අතර එවැනි පවුල් සඳහා ආධාර උපකාර කිරීමට කැමති හා හැකියාවක් සහිත අයට ද මේ සඳහා සම්බන්ධ වී කටයුතු කිරීමේ අවස්ථාව පවතී.

ඊට අමතරව ග්‍රාම නිලධාරීන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ සමග සම්බන්ධ වී මෙම වැඩසටහන් ක්‍රියාත්මත කිරීම වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමේ අවස්ථාව ද තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD)

ෆොන්සේකා ජන්ද එපා කියා අරගලයම ඉල්ලයි !

ඡන්ද තැබුවාට දූෂිත දේශපාලකයන් ගෙදර යවන්නට නොහැකි බවත් දූෂිත දේශපාලකයන් ගෙදර යැවිය හැක්කේ අරගලයට පමණක් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර "අරගලය ඇවිත් දූෂිත දේශපාලකයන්ගෙන් රට ගලවා ගන්නම අවශ්‍ය බවත් අනාගතයේ දී මුළු රටම අරගලයට බැසිය යුතු බවත් සඳහන් කර ඇත.

එසේම ඊට අරගලය කියන වචනය අයින්කර නිරායුධ අහිංසක ජනතා පෙළ ගැස්ම වැනි වචනයක් දැමිය යුතු යැයිද මන්ත්‍රීවරයා පවසා ඇත.

රටේ මිනිස්සුන්ට කන්න නැතිනම් අයි.එම්.එෆ් එක තම්බගෙන කන්න දැයි ප්‍රශ්න කළ ෆොන්සේකා මන්ත්‍රීවරයා බිම් මට්ටමට ගිහින් ජනතා ප්‍රශ්න තේරුම්ගත යුතු යැයිද නැතිනම් කැරලි ගැසීම නවත්තන්න නොහැකි යැයිද පවසා ඇත.

GLව උඩින් යවන්න : පොහොට්ටුවේ සූදානමක් !

පොදුජන පෙරමුණේ ඊළඟ සම්මේලනයේදී එම පක්‍ෂයේ සභාපති ජී. එල්. පීරිස් උඩින් යවන බවත් සම්මේලනයේදී නව සභාපතිවරයකු පත්කරන බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක අද (22) පැවසීය.

පක්ෂ මුලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසූ අතර පොදුජන පෙරමුණ පක්‍ෂයට ව්‍යවස්ථාවක් තිබුණ ද විනය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වුවත් එවැනි දෙයකට හදිසියක් නොමැති බවත් ජී එල්ව සභාපති තබා කොන්ක්‍රීට් කර නොමැති බව ද සඳහන් කළේය.

පොදුජන පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් ලෙස කුණාටුවට හසුව කිසියම් ඡන්ද සුළගකට හසුව සිටිය ද ඇදවැවී නොමැති බවත් ජයග්‍රහණයම පතන අය එවැනි අවස්ථාවල පක්‍ෂයේ නොරැදෙන බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.

කෙසේ වුවත් ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් පවසා සිටියේ හැකිනම් තමන්ව පක්ෂ සභාපති ධුරයෙන් ඉවත්කර පෙන්වන ලෙස අභියෝග කරන බවය.

ජනපති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ..

ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ දී 23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය නැරඹීමට අද (22) පෙරවරුවේ සහභාගී වූ අවස්ථාවේ දී ය.

නිදහස් සමරු පොත් ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ද සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පැවසීය.

අද පෙරවරුවේ ප්‍රදර්ශන භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර  ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුදහෙට්ටි, පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සාමාජිකයන් වන විජිත යාපා, එච්.ඩී. ප්‍රේමසිරි, ආරියදාස වීරමන්,අතුල ජයකොඩි යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයන්ගේ කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව ඇති අතර එම ප්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පොත් ප්‍රකාශකයන් සහ ලේඛකයන්ගේ තොරතුරු විමසමින් කෙටි කථා බහක නිරත විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ප්‍රදර්ශන භූමිය වෙත පැමිණ සිටි ජනතාව සමග ද සුහද කතා බහක නිරත විය.

image 0290ff018e

image bcddab1e0e

image beb0f5c409

’’රජ්‍ය සේවකයින්ට පඩි නොගෙවා සිටින් නෑ’’ - ඇමති බන්දුල

ලංකාණ්ඩුව කිසිවිටෙක රජයේ සේවකයන්ට පඩිය නොගෙවා ඉන්නේ නැතැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටී.

රජයේ ප්‍රාග්ධන වියදම් කපා හෝ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන බව කී අමාත්‍යවරයා මතුවී තිබෙන අර්බුදය එය බවද සඳහන් කළේය.

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න වත් සල්ලි නැතැයි බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පෙරේදා කළ ප්‍රකාශයක් සිහිපත් කරමින් පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ රාජ්‍ය සේවකයන්ගේ මෙවර වැටුප ගෙවන්නේ නැද්දැයි පාර්ලිමේන්තුවේ දී ඊයේ විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉහත ප්‍රකාශය කළේය.

අනුකම්පා භූමිකම්පා වෙයි : GL පොහොට්ටුවෙන් ගේම ඉල්ලයි !

හැකිනම් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිධූරයෙන් ඉවත් කර පෙන්වන්නැයි අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි .

ජී.ඒල්. පීරිස් මන්ත්‍රීවරයා මෙසේ අභියෝග කර සිටියේ ඊයේ (20) මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමිනි.

ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසා සිටියේ වෙනත් දේශපාලන ගමනක නිතර වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ලෙස කටයුතු කරන මහාචාර්ය ජී. එල්. පීරිස් , පක්‍ෂයේ විධායක සභාව රැස්කර නිවැරදි ආකාරයෙන් සභාපති ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවත්, ජී.එල්. පීරිස් ගේ නව දේශපාලන ගමන පොදුජන පෙරමුණට අභියෝගයක් නොවීම නිසා ඔහු ඉවත්කිරීමට හදිසියක් නොමැති බවය. එසේම පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව ඔහු සභාපති ධූරයෙන් ඉවත්කිරීමට ඉදිරියට කටයුතු කරන බවය.

සාගර කාරියවසම් ගේ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ජී එල් පීරිස් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන් ඉවත් කිරීමට තීරණය ගෙන නොමැත්තේ නීත්‍යානුකූලව එසේ සිදු කිරීමට නොහැකි නිසා බවය.

මේ අතර සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා පවසා සිටියේ ජී.එල් . පීරිස් මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණේ සභාපති ධූරය තවමත් දරන්නේ ඔහු සම්බන්ධයෙන් අනුකම්පා කිරීමට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ ගෙන ඇති තීන්දුවක් නිසා බවය.

ජාත්‍යන්තරයේ සහය පැතිරෙයි : ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 15 ක ආහාර පරිත්‍යාගයක් !

ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 22ක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15 පමණ) වටිනා ඕස්ටේ‍්‍රලියානු ආහාර පරිත්‍යාගයේ පළමු තොගය ශී‍්‍ර ලංකාවට ලැබී ඇති අතර, එය පවතින ආර්ථික අර්බුදය නිසා වඩාත්ම පීඩාවට පත්වූවන් වෙත ඉක්මනින් බෙදා හැරීමට නියමිතය.

සහල් මෙටි‍්‍රක් ටොන් 600ක මෙම සහල් තොගය සහල්, පරිප්පු සහ ආහාර පිසින තෙල් අඩංගු ආහාර තොගයේ කොටසක් වන අතර ආහාර පරිත්‍යාගයේ ඉතිරි කොටස ළ`ගදීම දිවයිනට ල`ගාවීමට නියමිතය.

ඕස්ටේ‍්‍රලියාව සහ ශී‍්‍ර ලංකාව අතර දශක ගණනාවක දිගු මිත‍්‍රත්වයක් පවතින අතර, පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ දී සිටින ශී‍්‍ර ලංකාවට ලබා දෙන මෙම පරිත්‍යාගය අප දෙරට අතර පවතින හොඳ හිත තවදුරටත් ඉදිරියට ගෙන යයි.

මිල වැඩිවීම්, රැකියා අහිමි වීම් සහ ආදායම් අඩුවීමෙන් පීඩා විඳින ජනතාවගේ දිවි රැක ගැනීම සඳහා ආහාර ලබා දීම සඳහා අපි ලෝක ආහාර වැඩපිළිවෙලට සහාය ලබා දෙන්නෙමු” යැයි ශී‍්‍ර ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් පැවසීය.

ලෝක ආහාර වැඩපිළිවෙලහි හදිසි ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් පළමුවෙන්ම දායකත්වය ලබා දුන්නේ ඕස්ටේ‍්‍රලියාව වන අතර, එමගින් පවතින අර්බුදයෙන් දැඩිලෙස පීඩාවට පත්ව සිටින්නන්ට බොහෝ ආධාර ලබා දීමට අපට හැකිවිය” යනුවෙන් පැවසූ ලෝක ආහාර වැඩපිළිවෙලහි ශී‍්‍ර ලංකා නියෝජිත සහ ශී‍්‍ර ලංකා අධ්‍යක්‍ෂ අබ්දුර් රහීම් සිද්දිකී මහතා, ඕස්ටේ‍්‍රලියාවේ මෙම නොමසුරු පරිත්‍යාගය හරහා අපි ගැබිණි සහ මව්කිරි ලබාදෙන මව්වරුන් සහ පාසල් ළමුන් ඇතු`ඵ වඩාත් අවදානමට ලක්වී සිටින අය සඳහා මුදල් සහ ආහාර ද්‍රව්‍ය ආධාර ලබා දෙන්නෙමු” යැයි තවදුරටත් පැවසීය.

ශී‍්‍ර ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ආහාර අනාරක්‍ෂිතතාවය ඉහළ මට්ටමකට පත්ව ඇති අතර, ලෝක ආහාර වැඩපිළිවෙල මගින් මෑතකදී සිදුකළ සමීක්‍ෂණයන් පෙන්වා දෙන්නේ හදිසි ආධාර නොලැබුනහොත් ඉදිරි මාසවලදී මෙම තත්වය තවදුරටත් ඉහළ යා හැකි බවය. ජූනි මාසයේදී ලෝක ආහාර වැඩපිළිවෙල මගින් දියත් කරන ලද හදිසි ආධාර ලබාදීමේ ප‍්‍රතිචාරය යටතේ, දැඩි ලෙස අවදානමට ලක්ව සිටින මිලියන 3.4 ජනතාවට උපකාර කිරීමට අරමුණු කර ඇත.

Media

රජය කරන හොඳ වැඩට සෑම සහයක්ම දෙනවා : එරාන් පොරොන්දු වෙයි !

මේ අර්බුද අවස්ථාවේ දී රජය විවේචනය කරන්න එපා යැයි ඇතැම් අමාත්‍යවරු ඉල්ලා සිටිය ද වග කිව යුතු විපක්ෂයක් වශයෙන් විවේචනය කළ යුතු අවස් ථාවලදී අපි රජය විවේචනය කරන්න වෙන බවත් විපක්ෂයේ ඉන්න ගමන් රජයේ හොඳ වැඩවලට හැකි සෑම සහායක්ම දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් වන අතර වැඩි දුරටත් මන්ත්‍රී වරයා " රජය විවේචනය කිරීමට පළවැනි හේතුව රට අර්බුදවලට ඇද වැටුනේ රජය ගත් වැරදි තීරණ නිසා, මේවට වග කිව යුත්තන් කවුද ?" යනුවෙන් ද ප්‍රශ්න කළේය .

2019 දී බදු අඩුකළා බදු නිදහස දුන්නා. අය වැය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව 2021 දී ආදායම 13.5 % සිට ද. දේ. නි.ප්‍රතිශතයක් ලෙස 8.7 % ට බැස්සා. දාහත් ලක්ෂ පන් දහසක් (1,705,000) වූ බදු ගෙවන්නන්ගේ ලිපි ගොනු සංඛ්‍යාව ලක්ෂ පහකට අඩු වුණා. ලක්ෂ 11 ක් වූ උපයන විට බදු ගෙවන අයගේ සංඛ්‍යාව 32,000 දක්වා අඩුවී තිබෙනවා.

යහපාලන රජය හඳුන්වා දුන් ආදායම් බදු පනත නිසා එක් වසරකින් ආදායම් බදු 38 % කින් රු. බිලියන 310 සිට රු.බි 427 ට ඉහල ගියා. එහෙත් එම කාල වකවානුවේ සුරා බදු වල අඩුවීමක් තිබෙනවා.එදා සුරා බදු ආදායම රු බි 484 සිට 399ට පහලට ගියා. සුරා බදු සමාගම් සහ දේශපාලනඥයන් හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එක්ක ගනු දෙනු තිබූ බව චෝදනාවක් තිබෙනවා. මේ හරහා රු බිලියන 45 ක් පමණ රජයට ආදායම් අඩුවූ හෙයින් එදා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමන් සතයක්වත් නොගත් බව කී වික්‍රමරත්න මහතා මේ ගැන ඉදිරි අය වැයට ප්‍රතමයෙන් සොයා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

මේ රටේ දුම් කොල බදු ආදායම් ඇස්තමේන්තුව රු බිලියන 92 ක් වූ වද දුම්කොල ආශ්‍රිත රෝග නිසා වන සෞඛ්‍ය වියදම් ඩොලර් බිලියන 214 ට වඩා වැඩි යැයි ඇස්තමේන්තු කර තිබෙනවා.මෙයින් ඩොලර් බිලියන 115 ක් පමණ රටට අවාසියක් තිබෙනවා.එනිසා සුරා බදු ආදායම නිසි ලෙස ගණන් බලා බදු අයකිරීම් කළ යුතුයි. නිලධාරීන් හා දේශපාලකයන් එකතු වී රට වෙනුවෙන් කළ යුතු දෙය වසර ගණනාවක් තිස්සේ නිසි ලෙස ඉටු කර නොමැති බැවින් මේවා නිසි ආකාරයට කරන ගමන් වැරදි කරුවන්ට දඬුවම් දීම ද අත්‍යාවශ්‍ය බව අවධාරණය කළේය.

2018 ව්‍යවස් ථා කුමන්ත්‍රණය හා 2019 සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේදී දල දේශීය නිෂ්පාදනය අඩු විය. බදු අඩු කිරීම ගැන පමණක් නොව රට අස් ථාවර කිරීමට වග කිව යුත්තන් කවුරුන්දැයි සොය බැලීම ද රජයේ වග කීම වනවා. විදේශ සංචිතය 2014 පැවති ඩොලර් බිලියන 8.2, 2019 වන විට 7.6 ක් වූ නමුදු 2020 අප්‍රේල් වන විට හිඳී රටම බංකොලොත් වී යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය. මේ රට බංකොලොත්වීම ගැන වග කිව යුත්තන් කවුරුන් දැයි රටට කියන්නැයි මා රජයෙන් ප්‍රසිද්ධියේ අසනවා යැයි ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීය.

දූෂණයට, හොරකමට, අක්‍රමිකතාවලට හසු වුවහොත් රට යළි ගොඩනැගිය නොහැකි බව නව ජනාධිපතිවරයාට සහ රජයට අනතුරු ඇඟවීමක් කරමින් මුදල් වගකීම් සම්බන්ධයෙන් වගකිව යුතු පාර් ලිමේන්තුව නොමග යවමින් විකෘති සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන නිලධාරීන් පිළිබඳව අවධානයෙන් සිටීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය. 2020 වසර තුළ අයවැය හිඟයේ නිල අගය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.6% ක් බව සිහිපත් කළ හෙතම මුදල් පදනම් මත ගිණුම් ක්‍රමය යටතේ 2020 වසරේ වියදම් කළ රුපියල් බිලියන 420 ක් 2019 වසරේ වියදම්වලට මාරු කර එය වංචනික ලෙස පෙන්වා ඇතැය් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා සඳහන් කළේය .

ඩයනාගෙන් සුපිරි යෝජනාවක් !

වයින් ස්ටෝස් රෑ වෙන තුරු ඇරලා තැබිය යුතු බවත් සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතු බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ (අද ) පාර්ලිමේන්තුව අමතමින් වන අතර රට ඉදිරියට ගෙනයන්න නම් ආකල්පමය වෙනසක් අවශ්‍ය බවද අවධාරණය කළාය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.

කංසා කියන්නේ පාරවල් දිගේ බිබී ඇවිදින දෙයක් නෙමේ .මම කතා කතාකරන්නේ විදේශ විනිමය ගැනයි. වෙනස් දේවල් ටිකක් ගැනයි. මම කතා කරන්නේ වෙනත් පැත්තක් ගැනයි.

කංසා ශාකය වගා කරන්න නීතියක් අවශ්‍ය නැහැ.කංසා වලට තියෙන්නේ අවුරුදු 6000 සිට එන සංස්කෘතියක්. 2500ක ඉතිහාසයක් නොවේ.
රාවණා කාලයේ ඉඳන් ඒක තිබුණා.

අද බුදුහාමුදුරුවෝ මෙහෙට වැඩම කරලා හිටියා නම් මේ රට ගැන මොනවා කියයිද දන්නේ නැහැ.මම "නයිට් ලයිෆ්" ගැන කතා කළා.නයිට් ලයිෆ්" කියන්නේ ගණිකා වෘත්තිය නොවේ. ඊට එහා ගිය දේවල් ටිකක් තිබෙනවා. රෑ තිස්සේ මිනිසුන්ට දරුවන්ට විනෝද වෙන්න කරන්න පුළුවන් බොහෝ දේ තිබෙනවා. ඒ කිසිම දෙයක් අපේ රටේ නැහැ. හොරෙන් හොරෙන් හැමදේම කෙරෙනවා. මොකද්ද සදාචාරය මේ රටේ.කාන්තාවකට නිගා කරන එක ද සදාචාරය ද?

රෑ වෙන තුරු වයින් ස්ටෝස් ටික ඇරලා තියන්න ඕන.රෑ නවයට වයින් ස්ටෝස් වැහුවාම මිනිස්සු රජයට බදු නොදී පස්ස දොරෙන් අරක්කු විකුණනවා.

එමෙන්ම සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතුයි.මේ රට ඉදිරියට යන්න නම් ආකල්පමය වෙනසක් අවශ්‍යයි.

ජනපති පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිවත් හමුවෙලා !

දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩනයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් ඊයේ (20) පැවැත්විණි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි මහතා (James cleverly) විසින් චර්ච් හවුස්හි දී සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 18 වැනිදා එක් වූ අතර එහිදී ලෝක නායකයින් සමග සුහදව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසිණි.

IMG 20220921 WA0006

ත්‍රීපෝෂ විෂ කතාව බොරුවක් : බොරු කියුවන්ට වැඩ වරදියි !

මවුවරුන්ට සහ දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල ඇල්පාට්‍රොක්සීන් විෂ කාරක අඩංගු බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම අසත්‍ය පැතිර වූ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය :

ත්‍රිපෝෂවල ඇල්පාට්‍රොක්සීන් විෂ කාරකය අඩංගු බවට මාධ්‍ය වාර්තාවක් තියෙනවා. මේක අක්මාවට හානි කරන විෂ කාරකයක්. මේ වාර්තාවේ නම් තියෙන්නේ ඇල්පාට්‍රොක්සීන් කියලයි. මේවා නිසි නියාමනයකින් තොරව බෙදා හැරීම සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල:

මේ කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් මම ඊයේ හවසම කතා කළා. අමුලික බොරැවක් කියලා වගකීමක් ඇතිව මම මේ පාර්ලිමේන්තුවේදී කියනවා. මේ ප්‍රශ්නය ඇති කිරීමට සම්බන්ධවූ නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා ඊයේ රෑත් , අද උදෙත් ලේකම්තුමාට කිව්වා. පිළිකාකාර තියෙනවා කියලා සමාජයක් බය ගැන්වීම නින්දිත ක්‍රියාවක්. එවැනි ප්‍රකාශයක් කරනවා නම් අපේ ලේකම්තුමාගෙන් අවසර ගන්න ඕන.

Page 199 of 386