ජනාධිපතිවරයා චීනයට ගොස් චීන ජනාධිපතිවරයා සමඟ ලංකාවේ ඩොලර් බිලියන හතරක ආයෝජනයක් ගෙන ඒමට ගිවිසුම් අත්සන් කළ බවත්, අද වන විට එම ගිවිසුම යථාර්ථයක් බවට පත් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? යන්න පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ප්‍රශ්නකර සිටියේය.
ඔහු මේ අදහස් පළ කළේ අද (23) පාර්ලිමේන්තුවේදීය.
මෙහිදී නාමල් රාජප්ක්ෂ මෙසේ පැවසීය,
"ඒ වගේම තමයි අද එක පැත්තකින් ඔබ බලයට ආපු ගමන් අදානි කියන ඉන්දියන් ආයෝජකයාව හරවලා යැව්වා. චයිනා මර්චන්ට් චීන සමාගම කොළඹ ඔබ හරවලා යැව්වා. ඔබේ ජනාධිපතිවරයා චීනයට ගිහිල්ලා චීන ජනාධිපතිවරයා එක්ක ගිවිසුමක් අත්සන් කරා ලංකාවේ ඩොලර් බිලියන හතරක ආයෝජනයක් ගේන්න. දැන් මේ අත්සන් කරපු ආයෝජනය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාම හතරක් තිබ්බා මට මතක විදිහට. ජනාධිපතිවරයාම. දැන් ඒ ආයෝජන බිම් මට්ටමේ යථාර්ථයක් වෙන්න ඔබ තමුන්නාන්සේලා ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ ඒ ආයෝජකයෝ හැරිලා ගිහිල්ලා. ඇයි? ඔබ තමුන්නාන්සේලා ලෝකේ අර මම ඉස්සෙල්ලා පටන් ගත්තේ ඒකනේ. එක එක අය සතුටු කරන්න ගිවිසුම් අත්සන් කරන්නේ. ඔබේ විදේශ ප්‍රතිපත්තිය සතුටු කරවීම, රැවටීම, බොරු කිරීම.
දැන් ඔබ මැතිවරණ කාලේ දීපු පොරොන්දු ඉෂ්ට කරන්නේ නැතුව මේ රටේ ජනතාවට බොරු කරා පමණක් නෙමෙයි දැන් ජාත්‍යන්තරයටත් බොරු කරන තැනට ඔබ තමුන්නාන්සේලා පත්වෙලා තියෙනවා. තවම චීනයට, ඇමරිකාවට, ජර්මනියට, කැනඩාවට තානාපතිවරු පත් කරගන්න ඔබ තමුන් වහන්සේලා අපොහොසත් වෙලා තියෙනවා. තානාපතිවරු පත් කරගන්න. අඩු ගාණෙන් සභාපතිතුමිය මේ තානාපතිවරු ටික පත් කරගන්නකෝ වෙළඳ ගිවිසුම් ගහන්න කලින්. ඒ ගැන සාකච්ඡා කරන්න. අද වෙනකන් මේ ප්‍රධාන රටවල් කීපයක් විතරයි. තව රටවල් ගණනාවක් තියෙනවා තානාපතිවරු පත් කරගන්න බැරි වෙච්ච. දැන් ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු දෙකයි. සමහර මාස හය හත තානාපතිවරු නෑ විශේෂ ප්‍රධාන රටවල්වලට. ඉතින් ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න." යනුවෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
