Image

අමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය අරුණි රණරාජා......

අමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය අරුණි රණරාජා......

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා අමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත් කිරීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්  පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

ඔහු මෙසේ පැවැසුවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.

ශ්‍රී ලංකා විදේශ සේවයට 1996 වසරේදී එක් වූ රණරාජා  වසර 30කට ආසන්න රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් සතු ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකි.

ඇය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස 2024 නොවැම්බර් මාසයේදී පත් වූවාය. ඊට පෙර ඇය එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක සහ සන්ධාන ප්‍රධානී (Chief of Protocol) ලෙස සේවය කළාය.

අරුණි රණරාජා  නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය සහ රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW) නිත්‍ය නියෝජිතවරිය ලෙස (2021–2024) මෙන්ම පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසද (2015–2019) කාලයක් කටයුතු කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න