රනිල්ගේ වුල්වර්හැම්ප්ටන් සංචාරය නිල ආරාධනයක් මත සිදුවූවක් බවට සාක්ෂි හෙළිවෙයි!

රනිල්ගේ වුල්වර්හැම්ප්ටන් සංචාරය නිල ආරාධනයක් මත සිදුවූවක් බවට සාක්ෂි හෙළිවෙයි!

වුල්වර්ඩ්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකාවේ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට නිල වශයෙන් ආරාධනා කර තිබූ බව එම විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන ලද ලිපි මගින් තහවුරු වී තිබේ.

උපකුලපතිවරයාගේ නිල ආරාධනා පත්‍රය
විශ්වවිද්‍යාලය වෙනුවෙන් 2023 සැප්තැම්බර් 01 වන දිනැතිව මෙම නිල ආරාධනය සිදුකර ඇත්තේ වුල්වර්හැම්ප්ටන් සරසවියේ උපකුලපති මහාචාර්ය ජෝන් රැෆ්ටරි (Prof. John Raftery) විසිනි. අදාළ ආරාධනා පත්‍රය ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

ranil3ආරාධනා පත්‍රය
එම ආරාධනා පත්‍රයේ ඇතුළත් ප්‍රධාන කරුණු පහත පරිදි වේ:

*ආරාධිතයින්:- ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ.

*උත්සවයේ ස්වභාවය:- 2023 සැප්තැම්බර් 22 වන සිකුරාදා වුල්වර්හැම්ප්ටන් මණ්ඩපයේදී පැවැත්වෙන විශේෂ උපාධි ප්‍රදානෝත්සව දිවා භෝජන සංග්‍රහය (graduation luncheon).

*අරමුණ:- මෙම භෝජන සංග්‍රහය මහාචාර්ය වික්‍රමසිංහ වෙත පිරිනැමෙන ගෞරව මහාචාර්ය පදවිය සැමරීමේ උත්සව මාලාවේ කොටසකි.


•වේලාව:- දිවා භෝජන සංග්‍රහය දහවල් 12:00 ට ආරම්භ වීමට නියමිතව තිබූ අතර, උපාධි ප්‍රදානෝත්සවය පස්වරු 14:30 ට ආරම්භ වීමට නියමිතව තිබුණි.
 

කුලපතිවරයාගේ සංවත්සරය සහ ප්‍රභූ සහභාගීත්වය



මීට අමතරව, වුල්වර්ඩ්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති ලෝඩ් ස්වරාජ් පෝල් (Lord Swraj Paul) ගේ 25 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවැති භෝජන සංග්‍රහයේ ආරාධනා පත්‍රයේ ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහගේ නම පැහැදිලිව සඳහන් කර තිබේ.
 asdsa

2023 සැප්තැම්බර් 22 වන දින දහවල් 12.30 ට පැවැති මෙම උත්සවයේදී මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ ගෞරව මහාචාර්ය පදවිය සැමරීම ද සිදුකර ඇත.
 
එම නිල ආරාධනා පත්‍රයට අනුව මෙම අවස්ථාව සඳහා පහත සඳහන් ප්‍රභූවරුන් සහභාගී වීමට නියමිතව සිටි බව තහවුරු වේ:

*  ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ
* බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන
* බර්මින්හැම් හී ඉන්දීය කොන්සල් ජනරාල් ශෂාන්ක් වික්‍රම් (Shashank Vikram)
* වුල්වර්හැම්ප්ටන් හි නගරාධිපතිවරයා සහ නගරාධිපතිනිය
 


මෙම ලේඛන මගින් තහවුරු වන්නේ හිටපු ජනාධිපතිවරයාගේ මෙම එක්සත් රාජධානි සංචාරය අතරතුර විශ්වවිද්‍යාලයේ ඉහළම බලධාරීන්ගේ නිල ආරාධනයක් මත මෙම ප්‍රභූ උත්සවය සඳහා සහභාගී වී ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න